ආයුබෝවන්! අදින් ඇරඹෙන මෙම Linux – සිංහල පාඩම් මාලාව මගින් සරල බසින් Linux මෙහෙයුම් පද්ධතිය පිලිබඳ දැනුම් සම්භාරයක් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. මෙම ලිපි පෙළ Linux මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ පිහිටුවීමේ (install) සිට වඩාත් සංකීර්ණ කරුණු දක්වා විහිදී යන පරිදි පෙළගස්වා ඇත.
Linux මෙහෙයුම් පද්ධතිය හා පරිගණකය පිලිබඳ මූලික තොරතුරු සොයා බැලීම මෙම ආරම්භක පාඩමේ අරමුණයි. නවකයින්ට තේරුම් ගැනීම පහසු කිරීම සඳහා මෙය කුඩා ප්‍රශ්නෝත්තර මාලාවක් ලෙස සකස් කරන ලදී.
- මෙහෙයුම් පද්ධතියක් (Operating System – OS) යනු කුමක්ද?
පරිගණකය සතු දෘඩාංග (hardware) සහ මෘදුකාංග (software) කළමනාකරණය කරමින් මෘදුකාංග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරදෙන ක්‍රමලේඛ (programs) එකතුවක් මෙහෙයුම් පද්ධතියක් ලෙස හඳුනාගත හැකිය. එමෙන්ම මෘදුකාංග සහ පරිගණකය භාවිතා කරන පුද්ගලයා (user) අතර අතරමැදියෙක් ලෙසද මෙහෙයුම් පද්ධතිය ක්‍රියාකරයි.
උදා. Linux (ලිනක්ස් ), Windows XP, 7, 8, 10, MacOS

- දෘඩාංග (hardware) සහ මෘදුකාංග (software) යනු මොනවාද?
පරිගණක සතු සියලු භෞතික (අතින් ඇල්ලිය හැකි) සම්පත් දෘඩාංග (hardware) ලෙස දැක්වේ. දෘඩාංග හරහා විවිධ කාර්යයන් ඉටුකර ගැනීම සඳහා මිනිසා විසින් ලියන ලද ක්‍රමලේඛ පොදුවේ මෘදුකාංග (software) ලෙස හැඳින්වේ. මේ අනුව මෙහෙයුම් පද්ධතියක් ද එක්තරා අන්දමකට මෘදුකාංග එකතුවක් (software collection) ලෙස සැලකිය හැකිය.
උදා. hardware: යතුරු පුවරුව (keyboard), මූසිකය (mouse), දෘඩ තැටිය (hard disk), software: Adobe Photoshop, CorelDraw, WinRAR, Microsoft Office

- විවෘත කේත (Open Source) මෘදුකාංග යනු මොනවාද?
කිසියම් මෘදුකාංගයක් ලියා ඇති ආකාරය බලාගැනීමට එම කේතයන් (source code) අඩංගු ගොණු (files) වලට පිවිසීමට ඉඩ ලබාදෙන මෘදුකාංග විවෘත කේත (open source code) මෘදුකාංග ලෙස හැඳින්වේ. මේවා බොහෝ දුරට නොමිළේ ලබාගත හැකිය.
උදා. Linux, Mozilla Firefox, Google Chrome, Java
- BIOS (Basic Input/Output System) මගින් ඉටුකෙරෙන කාර්යය කුමක්ද?
BIOS මගින් පරිගණකය පණ ගැන්වීමේදී (boot up) ඒ හා සම්බන්ධ විවිධ උපාංග (peripherals/hardware devices) නිසියාකාරව ක්‍රියාත්මක වේදැයි සොයා බැලීමක් සිදු කරයි. එහිදී කිසියම් දෝෂයක් ඇත්නම්, පරිගණක තිරයේ (monitor) දෝෂ පණිවුඩයක් (error message) දැක්වීම හෝ ශබ්ද සංඥාවක් (beep sound) නිකුත් කිරීම සිදුවේ. මෙහිදී බොහෝවිට දෝෂ නොමැති නම් පමණක්, ඉන් අනතුරුව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම සිදු කරනු ලැබේ.
- සේවාදායක පරිගණක (Server Computers – Servers) යනු මොනවාද?
වෙනත් පරිගණක වලට අත්‍යාවශ්‍ය වන විවිධ සේවාවන් සපයන පරිගණක සේවාදායක පරිගණක ලෙස හඳුන්වයි. මේවා බොහෝ දුරට වැඩි හැකියාවක් (powerful) සහිත hardware වලින් සමන්විත වන අතර සේවාදායක පරිගණක පරිගණක ජාල (computer networks) වලට සම්බන්ධ කිරීම නිතැතින් සිදු වන්නකි.
- පරිගණක පරිශීලකයෙකු (user) යනු කවරෙක්ද?
පරිගණකය භාවිතා කරනු ලබන ඕනෑම පුද්ගලයෙකු පරිගණක පරිශීලකයෙකු (user) වශයෙන් හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් එක් එක් පුද්ගලයාට වෙන් වෙන් ලෙස පරිගණකය තුළ පරිශීලක ගිණුමක් (user account) නිර්මාණය කරනු ලැබේ. කෙසේ නමුත් එක පුද්ගලයෙකුට user accounts කිහිපයක කටයුතු කල හැකි නිසා පරිගණකය මගින් හඳුනා ගන්නා users සහ භෞතික පුද්ගලයින් අතර වෙනසක් ඇත.

- බහු-කාර්ය (multi-tasking) සහ බහු-පරිශීලක (multi-user) යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?
කිසියම් පරිගණකයක ක්‍රමලේඛ (programs) එකකට වැඩි ගණනක් එකවර ක්‍රියාත්මක කිරීමට හැකිනම් එය බහු-කාර්ය (multi-tasking) හැකියාව ලෙස හඳුන්වයි. ඊට අමතරව පරිශීලකයන් එකකට වඩා වැඩි ගණනකට පරිගණකය එකවර භාවිතා කල හැකිනම් එය බහු-පරිශීලක (multi-user) හැකියාව ලෙස හඳුන්වයි. මෙම දෙයාකාරයේම කටයුතු සිදු කිරීමට මෙහෙයුම් පද්ධතිය ඒ සඳහා සහයෝගය දක්වන පරිදි නිර්මාණය කර තිබීම අත්‍යාවශ්‍ය වේ.

- පරිගණක ජාලයක් (Computer network) යනු කුමක්ද?
එකිනෙක හා සම්බන්ධ කෙරී ඇති පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් පරිගණක ජාලයක් ලෙස හඳුන්වයි. මේවා කුඩා ආයතන ජාලයක (intranet) සිට අන්තර්ජාලය (Internet) දක්වා වන විවිධ ප්‍රමාණයන්ගෙන් දැකිය හැකියි.

Linux යනු කුමක්ද?
Linux යනු අප ඉහත හඳුනාගත් පරිදි තවත් පරිගණක මෙහෙයුම් පද්ධතියකි (OS). එය ඔබ ඔබට හුරුපුරුදු Windows (XP, 7, 8, 10), MacOS වැනි මෙහෙයුම් පද්ධති හා සමාන ක්‍රියාකාරිත්වයක් දක්වයි. එනමුත් Linux හි සුවිශේෂත්වය වන්නේ මුල සිටම විවෘත කේත (open source code) ක්‍රමයට නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතියක් වීමයි. මේ නිසා පරිගණක ක්‍රමලේඛනය (computer programming) පිලිබඳ දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට Linux OS තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි වෙනස් කරගැනීමට හැකිය. (Windows සහ MacOS ලියා ඇති ආකාරය දැනගැනීමට source code වෙත පිවිසීමේ අවස්ථාව ලබාදී නොමැත.) ක්‍රමලේඛ නිදහසේ වෙනස් කිරීමට ඇති පහසුව නිසා Linux වෙනත් බොහෝ කාර්යයන් සඳහා යොදාගැනීමට හැකිවී ඇත.
Linux භාවිතයන්
මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ Linux හි වඩාත් ජනප්‍රිය ක්ෂේත්රයන් කිහිපයක් පිළිබඳවයි. පහත දැක්වෙන ප්‍රධාන භාවිතයන්ට අමතරව වෙනත් ක්ෂේත්‍ර බොහොමයක Linux යොදාගනු ලබයි.
- පුද්ගල පරිගණක (Personal Computer – PC) මෙහෙයුම් පද්ධතියක් ලෙස – මෙය ඔබට ඉතා හුරුපුරුදු Windows හෝ Apple මෙහෙයුම් පද්ධති හා සමාන භාවිතාවකි.
- සේවාදායක පරිගණක (Server computer) මෙහෙයුම් පද්ධතියක් ලෙස – මෙහිදී ලබාදෙන සේවාව අනුව වර්ග කිහිපයකට වෙන්කල හැකිය.
- විද්‍යුත් තැපැල් සේවාදායකය (e-mail server)
- ලිපිගොණු සේවාදායකය (file server)
- අන්තර්ජාල සේවාදායකය (Internet/web server)
- මුද්‍රණ සේවාදායකය (print server)
- ඉලෙක්ට්‍රොනික උපාංග වල මෙහෙයුම් පද්ධතියක් ලෙස (Embedded system OS) – කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රිය ඉලෙක්ට්‍රොනික උපාංග පාලනය කිරීම සඳහා Linux යොදා ගැනීම බහුල ව සිදුවේ.
- ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් ලෙස (Mobile phone OS) – ලොවපුරා ඉතා ජනප්‍රිය Android ජංගම දුරකථන වල භාවිතා වන්නේ Linux මෙහෙයුම් පද්ධතියකි.
- පර්යේෂණ සහ අධ්‍යාපනික (Research & Education) කටයුතු සඳහා – Linux නොමිළේ ලබාගත හැකිවීම සහ නිදහසේ කේතයන් වෙනස් කිරීමට ඇති හැකියාව නිසා අධ්‍යාපනික අංශ වල විවිධ පර්යේෂණ කටයුතු සඳහා යොදාගනී.

මීළඟ ලිපිය මගින් Linux පිලිබඳ තවත් පසුබිම් තොරතුරු කිහිපයක් සොයා බලමු.
Well done Sir, I ws facin some issues with pop Os… and i looked 4 answers, ur article is fascinatingly neat. Thank you
කැමතියිකැමතියි
අවංකවම කියන්න ඕන ලංකාවේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පිළිබඳව ඇති ආකල්ප වෙනස් කරන්න ඔබ විසින් කරගෙන යන කටයුතු ඉතාමත් වැදගත් හා අගය කිරීම කරන්න ඕන. මම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මීට වසර කිහිපයකට පෙර භාවිතා කලත් නිවැරදිව අධ්‍යයනය කිරීමට නොහැකි වුණා. ඉදිරියේදී නැවත ලිනක්ස් සදහා සංක්‍රමණය වීමට ඔබලාගේ මෙම ලිපි පෙළ ඉවහල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. දිගින් දිගටම ඔබ විසින් කරගෙන යන මෙම කර්තව්‍ය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
කැමතියිකැමතියි
ස්තූතියි!!!
කැමතියිකැමතියි
Ekanam patta
hamadama karagena yaman jayawewaaa!
Math digatama mekath ekkama thama.
කැමතියිකැමතියි
good job
many thanks
කැමතියිකැමතියි
Good Job , Thank you very much
කැමතියිකැමතියි