Linux මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ Unix නමින් හැදින්වෙන සංකීර්ණ හා මිලෙන් අධික මෙහෙයුම් පද්ධතියක් ඇසුරිනි. එහි ඇති බහු කාර්ය (multi-tasking) හා බහු පරිශීලක (multi-user) හැකියාව එලෙසින්ම Linux වල දක්නට ලැබේ. මේ නිසා Linux මෑතක් වනතුරු ම වැඩි වශයෙන් භාවිතා වුනේ පරිගණක ජාල (computer networks) නිර්මාණය කිරීම සඳහායි. නමුත් විවිධ ආයතන හා පුද්ගලයින් විසින් Linux සාමාන්‍ය මෙහෙයුම් පද්ධතියක් ලෙස භාවිතා කිරීමට හැකිවන ලෙස නිර්මාණය කර තිබේ. Linux හි ඇති කේත (source code) විවෘත (open) නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි එහි අන්තර්ගතය වෙනස් කල හැකියි. ඒ සඳහා කිසිදු මුදලක් ගෙවීමට සිදුවන්නේ නැහැ.
Linux හි අයිතිය එක පුද්ගලයෙකුට හෝ ආයතනයකට සීමා නොවේ. මේ නිසා Linux මෙහෙයුම් පද්ධතිය Windows මෙන් එක් ආයතනයකින් පමණක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. විවිධ ආයතන හා පුද්ගලයින් විසින් විවිධ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි Linux පද්ධති නිර්මාණය කර ඇත. මින් බොහොමයක් නොමිලේම ලබාගත හැකියි. විවිධ ආයතන හා පුද්ගලයින් විසින් බෙදාහරිනු ලබන Linux නිකුතු (distros) පිලිබඳ දැන ගැනීමට අවශ්‍ය නම් පහත වෙබ් ලිපිනයට පිවිසෙන්න.
වඩාත් ජනප්‍රිය Linux නිකුතු ලබාගත හැකි වෙබ් අඩවි පිලිබඳ ලැයිස්තුවක් මෘදුකාංග මෙනුවේ Linux නිකුතු (distros) යටතේ දැකගත හැකියි.

අප Linux භාවිතා කල යුත්තේ ඇයි?
මෙය Linux වලට ආධුනික බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක්. ලංකාවේ බොහෝ දෙනෙක් Windows මෙහෙයුම් පද්ධතියට හුරුවී සිටින නිසා එක්වර ම Linux භාවිතයට පුරුදු වීමේ වැදගත් කමක් දකින්නේ නැහැ. නමුත් ඔබ දන්නා පරිදි බොහෝ පරිගණක වල ස්ථාපනය කර ඇති Windows මෙහෙයුම් පද්ධතිය සහ අනෙක් මෘදුකාංග නීත්‍යානුකුල මාර්ග වලින් ලබාගත් ඒවා නොවේ. ඒවා මිලදී ගැනීමට නම් ඔබට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. නීත්‍යානුකුල නොවන මෘදුකාංග භාවිතයට එරෙහිව පියවර ගැනීම දැන් ලංකාවේද බොහෝ දුරට ක්‍රියාත්මක වේ. අනෙක් අතට ඔබ Linux භාවිතයට හුරු වුනොත් අති විශාල මෘදුකාංග ප්‍රමාණයක් නොමිලේම ලබාගත හැකියි.
ඔබ Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කර ඇත්නම් එහි වෛරස් ආරක්ෂණ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේ වැදගත්කම දැනිල ඇති. ඒ සඳහා ඔබට අමතර මුදලක් වැය කිරීමට සිදු වෙනවා. නමුත් Linux මෙහෙයුම් පද්ධතිය වෛරස් ප්‍රහාර වලට ලක්වීම ඉතා අවම මට්ටමක පවතිනවා. ඊට හේතුව Linux මෙහෙයුම් පද්ධතිය නිර්මාණයට මුල් වූ Unix මෙහෙයුම පද්ධතිය ඉතා ආරක්ෂිත ලෙස නිර්මාණය වී තිබීමයි. ඒ නිසා Linux මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමේදී වෛරස් ආරක්ෂණ මෘදුකාංගයක් අවශ්‍ය වන්නේ නැහැ.
ඔබට Windows හි නවතම සංස්කරණයක් ඔබේ පරිගනකයේ ස්ථාපනය කිරීමට නම් වැඩි හැකියාවන්ගෙන් යුත් දෘඩාංග (hardware) ඔබේ පරිගණකය සතුවිය යුතුයි. නමුත් Linux හි නවතම සංස්කරණයක් ඔබේ පරිගණකයේ ස්ථාපනය කරන ගැනීමට මිලෙන් අධික දෘඩාංග මිලදී ගැනීම ට අවශ්‍ය වන්නේ නැහැ. ඊට අමතර ව පැරණි පරිගණක වල භාවිතා කිරීමට හැකි Linux නිකුතු ද ඔබට ලබාගත හැකියි.
පසුගිය ලිපියේ සඳහන් වුන ආකාරයට Linux හි හැකියාවන් සාමාන්‍ය Windows මෙහෙයුම් පද්ධතියට වඩා අති විශාලයි. ඒ නිසා Linux මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමෙන් Windows මෙහෙයුම් පද්ධතියට වඩා බොහෝ කාර්යයන් කරගත හැකියි. පරිගණක ජාලකරණ හැකියාව මින් ප්‍රධානයි. මීට අමතරව කලින් ලිපියේ සඳහන් වන පරිදි සේවාදායක පරිගණයක් ලෙස ද Linux භාවිතා කල හැකියි.
මෙවැනි බොහෝ හැකියාවන්ගෙන් යුක්ත Linux මෙහෙයුම් පද්ධතිය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගැනීමට සහ භාවිතා කිරීමට මග පෙන්වීමක් මෙම ලිපි පෙළ මගින් සිදු කෙරෙනවා.
මීළඟ ලිපියෙන් ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන Linux නිකුතුවක් (distro) තෝරාගන්නා ආකාරය පිළිබඳව සාකච්චා කරමු.