03 – ඔබට ගැලපෙන Linux නිකුතුවක් (distro) තෝරා ගැනීම

පසුගිය ලිපි වල සඳහන් වූ පරිදි විවිධ අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරන ලද Linux මෙහෙයුම් පද්ධති විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. මේ නිසා ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි Linux නිකුතුවක් තෝරා ගැනීම ඉතා වැදගත්. ඔබ Linux වලට ආධුනිකයෙක් නම් එවැන්නක් සිදු කිරීමට ඔබ සතු දැනුම ප්‍රමාණවත් නොවන්න පුළුවන්. පහත සඳහන් වන්නේ එවැනි තෝරාගැනීමක් සිදු කිරීමේදී ඔබ විසින් සැලකිය යුතු කරුණු කිහිපයක්. මෙමගින් ඔබගේ අවශ්‍යතාවයට වඩාත් ගැලපෙන Linux නිකුතුව තීරණය කිරීමට පහසු වනු ඇති.

  1. ඔබට අවශ්‍ය එදිනෙදා සාමාන්‍ය කටයුතු සඳහා පරිගණකය භාවිතා කිරීමට නම් Ubuntu, Mint වැනි Linux මෙහෙයුම් පද්ධතියක් තෝරා ගන්න.
  2. Fedora, OpenSuse වැනි Linux මෙහෙයුම් පද්ධති මගින් එදිනෙදා සාමාන්‍ය කටයුතු වලට අමතර ව සේවාදායක (server) පරිගණක සේවාවන්ද ඉටු කර ගැනීමට හැකිය. නමුත් මේ සඳහා ඔබේ පරිගණකය සැලකිය යුතු ශක්‍යතාවක් තිබිය යුතුය.
  3. Gentoo Linux මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ඉතා සීමාසහිත දෘඩාංග (hardware) සහිත ඉලෙක්ට්‍රොනික පද්ධති (embedded systems) වැනි ඒවායේ ස්ථාපනය කල හැකි වන ලෙසයි. මෙහි හැකියාවන් ඉතා අවම වන අතර පරිගණක ක්‍රමලේඛනය පිලිබඳ දැනුමක් ඇති අය අතර ඉතා ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියකි.
  4. ඔබට ව්‍යාපාරික කටයුතු සඳහා සේවාදායක පරිගණක ලෙස සහ ආයතනික පරිගණක ජාලය ලෙස Linux මෙහෙයුම් පද්ධතිය යොදා ගැනීමට අවශ්‍ය නම් Debian, Cent OS වැන්නක් යෝග්‍ය වේ. මේවා ඉතා වැඩි ශක්‍යතාවයෙන් යුතු මෙහෙයුම් පද්ධති වන අතර ව්‍යාපාරික කටයුතු වලට යොදා ගැනීම සඳහා විශේයෙන් නිර්මාණය කර ඇත.
  5. සේවාදායක පරිගණකයන්හි භාවිතා වන මෘදුකාංග වල ඇති අනාරක්ෂිත තත්වයන් (security holes) සහ පරිගණක වල අනවසර කඩාවැදීම් (hacking) වලක්වා ගැනීම සඳහා යොදා ඇති අමතර ආරක්‍ෂිත ක්‍රමවේද වල ඇති විවිධ අඩු ලුහුඬුකම් අනාවරණය කර ගැනීමට භාවිතා වන මෙහෙයුම් පද්ධතියක් ලෙස Kali Linux හැදින්විය හැකිය.
  6. පරිගණක ක්‍රමලේඛනය පිලිබඳ ඉතා හොඳ දැනුමක් ඔබ සතුව පවතී නම් Arch Linux භාවිතා කිරීමෙන් ඔබට ම මෙහෙයුම් පද්ධතිය මුල සිට ඔබගේ ප්‍රියමනාපය අනුව ඔබට අවශ්‍ය මෘදුකාංග සහිත වන ලෙස නිර්මාණය කරගත හැකිය.

අවසාන වශයෙන් ඔබ Linux වලට ආධුනිකයෙන් නම් Mint, Ubuntu වැනි මෙහෙයුම් පද්ධතියක් තෝරා ගැනීමෙන් ඉතා පහසුවෙන් Linux ස්ථාපනය කරගැනීමට පුළුවන්.

මීළඟ ලිපියෙන් Linux මෙහෙයුම් පද්ධතිය ඔබේ පරිගණකයේ ස්ථාපනය කල හැකි ආකාර පිලිබඳ සාකච්චා කරමු.

One thought on “03 – ඔබට ගැලපෙන Linux නිකුතුවක් (distro) තෝරා ගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )