ඔබ Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කර ඇත්නම් මේ මාතෘකාව ඔබට නුහුරු වන්නට පුළුවන්. එයට හේතුව පරිගණකයේ Windows ස්ථාපනය කල හැකි එක ම ආකාරය ස්ථාවර ස්ථාපනය (permanent install) පමණක් වීමයි. මෙහි ඇති අවාසිය නම් වෙනත් මෙහෙයුම් පද්ධතියක් ඇති පරිගණයක Windows ස්ථාපනය කල හැකි වන්නේ එම මෙහෙයුම් පද්ධතිය මකා දැමීමෙන් (erase) පසුවයි. නමුත් Linux ස්ථාපනයේදී අවශ්‍ය නම් පරිගණකයේ දැනට පවතින මෙහෙයුම් පද්ධතිය එලෙසම තිබියදී Linux ස්ථාපනය කිරීමට පුළුවන්. එමෙන්ම Linux පරිගණකයේ ස්ථාවර ලෙස පිහිටුවීමක් නොකර භාවිතා කල හැකි ක්‍රමයකුත් තිබෙනවා. Linux ඔබේ පරිගණකයේ භාවිත හැකි එම සියලු ම ආකාර පිළිබඳ ව දැන් අපි සොයා බලමු.
ස්ථාවර ස්ථාපනය (Permanent Install)
මෙහි දී පරිගණකයේ ස්ථාවර ලෙස ම Linux පිහිටුවීමක් සිදු කෙරෙනවා. එය ප්‍රධාන ක්‍රම තුනකට කල හැකියි. එනම්,
- Linux පමණක් මෙහෙයුම් පද්ධතිය ලෙස ස්ථාපනය – මෙහි දී පරිගණකයේ වෙනත් මෙහෙයුම් පද්ධතියක් ඇත්නම් එය ඉවත් කිරීමට සිදු වෙනවා.
- බහු-මෙහෙයුම් පද්ධති (dual/multi boot OS) භාවිතා කල හැකි ලෙස ස්ථාපනය – පරිගණකයේ දැනට පවතින මෙහෙයුම් පද්ධතිය ඉවත් කිරීමට අකමැති නම් මෙම ආකාරය ට Linux ස්ථාපනය කිරීමෙන් ඔබට මෙහෙයුම් පද්ධති දෙක ම පරිගණකයේ තබා ගැනීමට පුළුවන්. නමුත් ඔබට එක වරකට භාවිතා කල හැකි වන්නේ එක් මෙහෙයුම් පද්ධතියක් පමණයි. පරිගණකය ආරම්භයේදී අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය තෝරා ගැනීමට පුළුවන්.
- වෙනත් මෙහෙයුම් පද්ධතියක් තුළ Linux ස්ථාපනය – මෙය සාමාන්‍ය පරිගණක පරිශීලකයන් අතර එතරම් ජනප්‍රිය නොවුනත් බොහෝ ව්‍යාපාරික ආයතන සහ මෘදුකාංග නිපදවන්නන් අතර බහුල ලෙස භාවිතා වන ක්‍රමයක්. මෙහි දී ඔබේ පරිගණකයේ දැනට භාවිතා වන මෙහෙයුම් පද්ධතිය තුල ම Linux පිහිටුවීමක් සිදුවනවා. ඒ සඳහා විශේෂ මෘදුකාංගයක් දැනට පවතින මෙහෙයුම් පද්ධතිය තුළ ස්ථාපනය කල යුතුයි. මෙම ක්රමයේ ඇති වාසිය වන්නේ දැනට ඔබ භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය තුළ සිටම Linux භාවිතා කල හැකිවීමයි.
සංගත තැටි මගින් තාවකාලික ලෙස භාවිතය (Live CD/DVD Method)
මෙය Linux මෙහෙයුම් පද්ධතියට පමණක් ම සුවිශේෂ වූ හැකියාවක්. එනම් මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ පිහිටුවීමකින් තොර ව අදාළ සංගත තැටිය මගින් Linux ධාවනය කිරීමයි. එමගින් පරිගණකයට කිසිදු වෙනසක් නොකර එහි ඇති දෘඩාංග භාවිතා කරගනිමින් තාවකාලික ලෙස Linux භාවිතා කල හැකියි. බොහෝ Linux නිකුතු ද (distros) මෙලෙස සංගත තැටි ලෙස ලබාගන්න පුළුවන්. මෙහිදී Linux තුළ කරන කිසිවක් පරිගණකය තුළ ගබඩා (save) කිරීමක් සිදු නොවන නිසා පරිගණකයේ ඇති කිසිම ලිපිගොනුවකට වෙනසක් සිදුවන්නේ නැහැ.
දත්ත ගබඩා ධාවකයක් (pen drive) තුළ ස්ථාපනය
සංගත තැටි මගින් Linux පරිගණකයේ දෘඩ තැටියේ (hard disk) ස්ථාපනය කරන ආකාරයට සමාන ලෙස pen drive එකකට ද Linux ස්ථාපනය කිරීමට පුළුවන්. මෙමගින් ඕනෑම පරිගණකයකට pen drive සම්බන්ධ කිරීමෙන් එතුල Linux ධාවනය කල හැකි අතර ම ඔබගේ සියලු ම කාර්යයන් pen drive තුළ ගබඩා කල හැකියි. මෙහිදී ද පරිගණකයේ ඇති ලිපිගොනු වලට බලපෑමක් සිදුවන්නේ නැහැ.
මීළඟ ලිපි කිහිපය මගින් අප අද සාකච්චා කළ එක් එක් ක්‍රම වලට Linux ඔබේ පරිගණකයේ ස්ථාපනය කරන ආකාරය ප්‍රයෝගිකව ඉගෙන ගනිමු.
Great Post..
කැමතියිකැමතියි
thanks
කැමතියිකැමතියි
අගනා ලිපි මාලාවක්. ස්තූතියි.
කැමතියිකැමතියි
ස්තූතියි!
කැමතියිකැමතියි
ස්තූතියි!!! දිගටම කරගෙන යන්න….
කැමතියිකැමතියි
Aiye oyalatanam supiriyata hacking puluwan athi neda?
කැමතියිකැමතියි
My target is to make linux knowledge available for everyone.
කැමතියිLiked by 1 person
ස්තූතියි!!! දිගටම කරගෙන යන්න….
කැමතියිකැමතියි