අදින් ඇරඹෙන ලිපි කිහිපය මගින් Linux පරිගණකයේ පිහිටුවිය හැකි ආකාර ප්‍රයෝගිකව ඉගෙන ගනිමු.
මුලින් ම මින් වඩාත් ම පහසු ක්‍රමය වන Live CD/DVD එකක් මගින් Linux ධාවනය ගැන සොයා බලමු. එමගින් සත්‍ය වශයෙන් ම පරිගණකයේ Linux පිහිටුවීමකින් තොර ව එහි ඇති බොහෝ දේවල් අත්හදා බැලීමට පුළුවන්. ඔබේ පරිගණකයේ Windows මෙහෙයුම් පද්ධතිය ක්‍රියා නොකරන අවස්ථාවක එහි ඇති ලිපිගොණු නැවත ලබාගැනීමේ සුවිශේෂ හැකියාව Live CD/DVD භාවිතය ප්‍රචලිත වීමට බලපා තිබෙනවා. එමෙන් ම Linux හෝ පරිගණක පිලිබඳ මූලික දැනුමක් නොමැති අයෙකුට වුවත් Live CD/DVD භාවිතා කිරීමෙන් Linux මෙහෙයුම් පද්ධතිය තමාගේ පරිගණකය තුළ ක්‍රියාකරවිය හැකියි.
Linux Live CD/DVD ලෙස ධාවනය
බොහෝ Linux නිකුතු Live CD/DVD ලෙස ලබා ගැනීමට පුළුවන්. නමුත් අප මෙහිදී තෝරාගෙන ඇත්තේ KNOPPIX යන Linux නිකුතුව (distro) පමණයි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ එය Live CD/DVD ලෙස පමණක් ම භාවිතයට යොදා ගන්නා Linux නිකුතුවක් වීමයි. තව ද එහි Linux මෙහෙයුම් පද්ධතිය තුළ භාවිත වන විශාල මෘදුකාංග ප්‍රමාණයක් අන්තර්ගත කොට තිබෙනවා. එම නිසා ඔබට Linux මෙහෙයුම් පද්ධතියක ඇති හැකියාවන් ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්.
දැන් අපි KNOPPIX Live CD/DVD භාවිතා කරන ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගනිමු. මේ සඳහා මුලින් ම Live CD/DVD එක අඩංගු මෘදුකාංග පිටපත (iso image) පරිගණකයට භාගත (download) කල යුතුයි. CD හෝ DVD image ලෙස මෙය ලබාගත හැකි අතර DVD එක තුල වැඩි මෘදුකාංග ප්‍රමාණයක් ඇතුළත්. ඔබට වේගවත් අන්තර්ජාල පහසුකමක් ඇත්නම් කෙලින්ම (direct) පහත සබැඳි (links) හරහා Live CD හෝ DVD එක භාගත කරගන්න.
KNOPPIX CD Download
ftp://ftp.knoppix.nl/pub/os/Linux/distr/knoppix/ADRIANE-KNOPPIX_V7.2.0gCD-2013-07-28-EN.iso
http://ftp.knoppix.nl/os/Linux/distr/knoppix/ADRIANE-KNOPPIX_V7.2.0gCD-2013-07-28-EN.iso
KNOPPIX DVD Download
ftp://ftp.knoppix.nl/pub/os/Linux/distr/knoppix-dvd/KNOPPIX_V7.4.1DVD-2014-09-15-EN.iso
http://ftp.knoppix.nl/os/Linux/distr/knoppix-dvd/KNOPPIX_V7.4.1DVD-2014-09-15-EN.iso
එසේත් නැත්නම් නව තාක්ෂණික ක්‍රමයක් වන ටොරන්ට (torrent) හරහාත් මෙම Live CD/DVD භාගත කල හැකියි. මේ සඳහා uTorrent වැනි ටොරන්ට භාගත කල හැකි මෘදුකාංගයක් (torrent download software) යොදාගත යුතුයි. අපි වෙනත් ලිපියකින් ටොරන්ට හරහා Linux මෘදුකාංග පිටපත් භාගත කරගන්නා ආකාරය සාකච්චා කරමු. ඔබට ටොරන්ට පිලිබඳ යම් දැනීමක් ඇත්නම් පහත සබැඳිය හරහා අදාළ Linux පිටපත ලබාගන්න.
KNOPPIX CD Torrent Download
http://torrent.unix-ag.uni-kl.de/torrents/KNOPPIX_V7.2.0CD-2013-06-16-EN.torrent
KNOPPIX DVD Torrent Download
http://torrent.unix-ag.uni-kl.de/torrents/KNOPPIX_V7.4.2DVD-2014-09-28-EN.torrent
මීළඟ ලිපියෙන් භාගත කල KNOPPIX iso image එක CD/DVD එකකට ලිවීම (write) සහ පරිගණකය තුළ Live CD/DVD එක ධාවනය කරන ආකාරය සොයා බලමු.
එල මමත් Linux තමයි use කරන්නේ. Linux නියමයි නිකන් Google Search එකකින් බ්ලොග් හම්බුනේ සින්ඩි වල නැද්ද බ්ලොග් එක ?
කැමතියිකැමතියි
Only in wordpress now. I think rss works.
කැමතියිකැමතියි