05 – Linux ස්ථාපනය (2 කොටස)

පසුගිය ලිපියේ සඳහන් වූ පරිදි ඔබ KNOPPIX Linux Live CD/DVD image එක භාගත කරගෙන ඇත්නම් එහි දෙවැනි පියවර වන CD/DVD එකකට write කරගන්නා ආකාරය බලමු. මේ සඳහා නොමිළේ ලබාගත හැකි මෘදුකාංගයක් වන ImgBurn යොදාගත හැකියි. පහත සබැඳි හරහා ගොස් ImgBurn පරිගණකයට භාගත කරගන්න.

http://imgburn.com/index.php?act=download

https://www.dropbox.com/s/ljt5n8letr8juvc/SetupImgBurn_2580.exe?dl=0

ImgBurn භාගත කිරීමෙන් පසු පරිගණකයේ ස්ථාපනය කරගන්න. එය ප්‍රවේශනයෙන් පසු භාගත කරගත් image එක write කිරීමට පහත පියවරයන් අනුගමනය කරන්න.

  • ඔබේ භාගත කල KNOPPIX live CD/DVD image එකට අනුව හිස් CD/DVD එකක් CD/DVD ලේඛණ ධාවකයට (writer) ඇතුළත් කරන්න.
  • ආරම්භක තිරයෙන් (startup window) Write image file to disc තෝරා ගන්න.

Step1

  • මීළඟට දිස්වන තිරයෙන් Source ලෙස ඔබ භාගත කල iso image එක තෝරා ගන්න [1]. සැකසුම් (Settings) තුලින් Write Speed ලෙස DVD එකක් නම් 4x ද CD එකක් නම් 16x ද තෝරා ගන්න. [2]
  • Write බොත්තම ඔබා විධානය තහවුරු (confirm) කරන්න [3]. මිනිත්තු කිහිපයකින් CD/DVD එක write කිරීම සම්පූර්ණ වී ස්වයංක්‍රිය ලෙස CD/DVD එක පිටතට එනු ඇත. දැන් ImgBurn තිරය වසා දමන්න (close).

Step2

  • සැ.යු.: 100% ම නිවැරදි ව CD/DVD එක write වී ඇත්දැයි තහවුරු කරගත යුතුනම් Write විධානය ලබා දීමට පෙර Verify යන්න තෝරා තබන්න (select).[X]

දැන් අප Linux live CD/DVD එක පරිගණකයේ ධාවනයට සුදානම්. ලේඛණය (write) කරගත් CD/DVD එක ධාවකයේ තිබියදී ම පරිගණකය ප්‍රතිපණ ගන්වන්න (reboot pc). පරිගණකය CD/DVD එක හරහා මුලින් ම පණගැන්වෙන (first boot from CD/DVD) ලෙස සකසා ඇත්නම් Linux live CD/DVD එක ප්‍රවේශණය වනු ඇත. Linux තුළ කටයුතු කරගෙන යාමට යතුරු පුවරුවේ (key board) Enter key ඔබන්න. Linux ක්‍රියාරම්භය (startup finish) අවසන් වූ පසු Windows මෙහෙයුම් පද්ධතියේ ආරම්භක තිරයට (desktop) බොහෝ දුරට සමාන Linux desktop එක දිස්වනු ඇත.

සැ.යු.: ඉහත කී පරිදි පරිගණකය ප්‍රතිපණ ගැන්වීමෙන් පසු Linux live CD/DVD එක ප්‍රවේශණය නොවේ නම් හෝ දැනට ස්ථාපිත මෙහෙයුම් පද්ධතිය ම ප්‍රවේශණය වේ නම් පරිගණකය පණගැන්වෙන විට එය මුලින් ම CD/DVD එක හරහා සිදු කිරීමට සැකසිය යුතුය. මේ සඳහා පරිගණකය පණගැන්වීමේ බොත්තම ඔබා තිරයේ දිස්වන විවිධ පණිවිඩ (messages) අතරින් පණ ගැන්වුම් සැකසුම (BIOS screen) සඳහා යෝජිත යතුර[1]හෝ පණ ගැන්වුම් පිළිවෙල වෙනස් කිරීම (boot order) සඳහා යෝජිත යතුර[2] ඔබන්න.

— ඔබ BIOS screen එකට පිවිස සිටී නම් එහි ඇති මෙනු (menus) අතරින් පණ ගැන්වුම් මෙනුවට (boot menu) ගොස් CD/DVD drive එක ප්‍රථම පණ ගැන්වුම් උපාංගය (first boot device) ලෙස තෝරන්න. ඉන් පසු F10 key ඔබා වෙනස්කම “සංරක්ෂණය කිරීමෙන් පසු ඉවත්වෙන්න” විධානය ලබා දෙන්න (save changes and exit -> yes).

— ඔබ boot order මෙනුවට කෙලින් ම පිවිසියේ නම් CD/DVD එක තෝරා Enter key ඔබා විධානය තහවුරු කරන්න. දැන් පරිගණකය ප්‍රතිපණ ගැන්වී Linux live CD/DVD එක ප්‍රවේශණය වනු ඇත.

පහත දක්වා ඇත්තේ ප්‍රවේශණය වූ Linux desktop එකේ රුප සටහනකි.

menulxde

[1] – බොහෝ දුරට F1/F2/F11 හෝ F12 ලෙස තිරයේ දිස්වනු ඇත. පැරණි පරිගණක වල Del (delete) key ලෙස ද සඳහන් වේ.

[2] – බොහෝ පරිගණක වල Esc key.

gparted-live-bios-setup-prompt

xSqQs

මීළඟ ලිපියෙන් Linux මෙහෙයුම් පද්ධතිය pen drive එකක් මගින් ප්‍රවේශණය කරන ආකාරය බලමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )