05 – Linux ස්ථාපනය (3 කොටස)

Linux Live USB ලෙස ධාවනය

පසුගිය ලිපියෙන් අප සාකච්චා කල Live CD/DVD ක්‍රමයට ම සමාන මෙමගින්, වඩාත් පහසු ලෙස එහා මෙහා ගෙන යා හැකි pen drive එකකට Linux Live CD/DVD එක ස්ථාපනය (install)  කිරීමක් සිදුවේ. Live CD/DVD ලෙස භාවිතා කල හැකි ඕනෑම Linux distro එකක් මෙලෙස pen drive එකකට install කිරීමට පුළුවන්. දැන් අපි එය සිදු කරන ආකාරය ඉගෙන ගනිමු.

  • මුලින් ම පරිගණකයේ Live UBS එකක් නිර්මාණයට අවශ්‍ය මෘදුකාංගය (Live USB creator) ස්ථාපනය කල යුතුයි. අප මෙහි දී යොදා ගන්නේ වඩාත් ජනප්‍රිය Universal USB Installer මෘදුකාංගයයි. පහත සබැඳි (links) මගින් එහි නවතම සංස්කරණය (latest version) එක භාගත (download) කරගන්න.

http://www.pendrivelinux.com/downloads/Universal-USB-Installer/Universal-USB-Installer-1.9.6.1.exe

https://www.dropbox.com/s/rnj3wuyle4gwv5s/Universal-USB-Installer-1.9.6.1.exe?dl=0

  • දැන් අපි Live CD/DVD ලෙස ලබාගත හැකි Linux distro එකක් භාගත කරමු. මෙහි දී අප යොදා ගන්නේ Elementary OS නම් Linux distro එකයි. අවශ්‍ය නම් පසුගිය ලිපියේ සඳහන් කළ KNOPPIX Live CD/DVD එක ද භාවිතා කල හැකියි. පහත link එකට පිවිස එහි ඇති DOWNLOAD NOW සබැඳිය (link) ඔබන්න.එවිට මතුවන මෙනුවෙන් Elementary OS 0.3.1 (ISO) 32-bit තෝරාගන්න.

http://linux.softpedia.com/get/System/Operating-Systems/Linux-Distributions/Elementary-OS-67717.shtml

Download iso

  • අදාළ Live CD/DVD iso image එක පරිගණකයට download වූ පසු USB pen drive එක පරිගණකයට සම්බන්ධ කර Universal USB Installer මෘදුකාංගය ප්‍රවේශණය (launch) කරන්න. එහි ඇති I Agree බොත්තම ඔබා ඊළඟ පියවරට යන්න.

agreement

සැ.යු. USB pen dive එක ඔබ තෝරාගත් Live iso image එකට ප්‍රමාණවත් ධාරිතාවයෙන් (capacity) තිබිය යුතු වන අතර එහි දැනටමත් වෙනත් ලිපිගොණු ගබඩා කර ඇත්නම් පළමු ව ඒවා පරිගණකයට පිටපත් (copy) කර ගන්න. Live CD සඳහා අවම වශයෙන් 2 GB pen එකක් ද Live DVD සඳහා අවම ලෙස 6 GB pen එකක් ද ප්‍රමාණවත් වේ. Elementary OS එක සඳහා මෙහි දී 4 GB pen drive එකක් යොදාගෙන ඇත.

  • මීළඟ ට මතුවන තිරයේ සැකසුම් කිහිපයක් සිදු කල යුතුවේ. එහි දක්වා ඇති Step 1 යන මෙනුවෙන් Elementary OS යන්න තෝරන්න.

step1

  • Step 2 ලෙස download කරගත් Linux Live CD/DVD iso image එක ඇති ස්ථානය ලබා දීමට Browse බොත්තම ඔබන්න. අදාළ image එක තේරූ පසු එය පහත පරිදි දිස්විය යුතුයි.

step2

  • Step 3 වශයෙන් USB pen drive එක තෝරන්න. අමතර පියවරක් ලෙස pen drive එක හැඩසවීම (format) කිරීම කල හැකියි. මෙම අවස්ථාවේ දී එය ද තෝරා ඇත [X]. Format කිරීමේන් pen drive හි දැනට ගබඩා කර ඇති ලිපිගොණු සියල්ල ම මැකීයන බැවින් ඔබට අවශ්‍ය නම් මෙම පියවර මග හැර යා හැකිය.

step3

  • සාමාන්‍යයෙන් Live CD/DVD ලෙස Linux ධාවනය කරන විට අප මෙහෙයුම් පද්ධතිය තුළ කරන වෙනස්කම් ස්ථිර ව ගබඩා වීමක් සිදු නොවේ. නමුත් Live USB එකක් ලෙස භාවිතයේ දී අවශ්‍ය නම් අප කරන වෙනස්කම් ස්ථීර ලෙස ම Pen drive තුළ ගබඩා කිරීමට හැකියි. මෙහි Step 4 ලෙස දක්වා ඇත්තේ එලෙස අදාළ වෙනස්කම් ගබඩා කිරීමට (save) ලබාදිය යුතු ඉඩකඩ ප්‍රමාණය දැක්වීමයි. මෙය අත්‍යාවශ්‍ය නොවන බැවින් මෙම පියවර ද මග හැරීමට පුළුවන්.

step4

  • දැන් Create බොත්තම ඔබා Live USB නිර්මාණ කාර්යය අරඹන්න. දැන් ඔබට අවවාදාත්මක පණිවුඩයක් (warning) ලෙස අදාළ කාර්යයන් කරගෙන යා යුතුද යන්න තහවුරු කරන ලෙස දිස්වනු ඇත. එහි Yes බොත්තම ඔබන්න. මිනිත්තු කිහිපයකින් අදාළ කාර්යයන් අවසන් වු පසු Close බොත්තම ඔබා Universal USB Installer මෘදුකාංගය වසා දමන්න.
  • දැන් pen drive එක පරිගණකයට සම්බන්ධ කර තිබියදී ම පරිගණකය ප්‍රතිපණ ගන්වන්න (reboot pc). පරිගණකය USB drive එක හරහා මුලින් ම පණගැන්වෙන (first boot from USB) ලෙස සකසා ඇත්නම් Linux live USB එකෙන් ප්‍රවේශණය වනු ඇත. Linux තුළ කටයුතු කරගෙන යාමට යතුරු පුවරුවේ (key board) Enter key ඔබන්න. යම් හෙයකින් USB එක හරහා Linux ප්‍රවේශණය නොවේ නම් පසුගිය ලිපියේ සඳහන් වූ පරිදි BIOS හෝ Boot මෙනුවට පිවිස USB drive හරහා මුලින් ම පරිගණකය ක්‍රියාරම්භ වන පරිදි සකසා පරිගණකය reboot කරන්න.

Linux live USB හරහා Elementary OS එක ප්‍රවේශණය වූ පසු පහත රූපයේ පරිදි දිස්වනු ඇත.

650_1200

මීළඟ ලිපියෙන් දැනට ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතියක් තුළ ම Linux ස්ථාපනය කරන ආකාරය ඉගෙන ගනිමු.

One thought on “05 – Linux ස්ථාපනය (3 කොටස)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )