05 – Linux ස්ථාපනය (4 කොටස)

ස්ථාපිත මෙහෙයුම් පද්ධතියක් තුළ Linux ස්ථාපනය

බොහෝ ව්‍යාපාරික ආයතන සහ මෘදුකාංග නිශ්පාදකයන් අතර ජනප්‍රිය ක්‍රමයක් ලෙස, පවතින මෙහෙයුම් පද්ධතියක් තුළ ම Linux පිහිටුවීම හඳුන්වා දීමට පුළුවන්. මෙම ක්‍රමයේ ඇති ප්‍රධාන වාසිය වන්නේ එමගින් දැනට ස්ථාපිත මෙහෙයුම් පද්ධතිය තුළ සිටම Linux භාවිතා කිරීමට හැකි වීමයි. මේ සඳහා අමතර මෘදුකාංගයක් පරිගණකයේ පිහිටුවීම (install) සිදුකල යුතුයි. මෙහෙයුම් පද්ධති දෙකක් එකවර භාවිතා වන නිසා මෙම ක්‍රමයේදී පරිගණකයේ තරමක් වැඩි ශක්‍යතාවයක් (performance) තිබීම අත්‍යාවශ්‍යයි. පරිගණකයේ මෙලෙස ආගන්තුක මෙහෙයුම් පද්ධතියක් (guest OS) පිහිටුවීමමේ පහසුව ලබාදෙන මෘදුකාංග සතයාසන්න පරිගණක මෘදුකාංග (virtualisation software) ලෙස හඳුන්වන අතර එය පිහිටුවන මෙහෙයුම් පද්ධතිය සත්කාරක මෙහෙයුම් පද්ධතිය (host OS) ලෙස හඳුන්වයි. Guest OS එක පිහිටුවනු ලබන්නේ මෙම මෘදුකාංග හරහා නිර්මාණය කර ගන්නා සත්‍යාසන්න පරිගණකයක් (virtual PC/machine) තුලයි. පුද්ගල පරිගණක (PC/desktop computer) වල මේ සඳහා භාවිතා වන මෘදුකාංග අතර Oracle Virtual Box සහ VMware ඉතා ජනප්‍රියයි.

පහත link එක මගින් Virtual Box මෘදුකාංගය download කරගන්න.

https://www.virtualbox.org/wiki/Downloads

download

අප මුලින් ම Virtual Box මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කර ගනිමු.

  1. භාගත කරගත් Virtual Box මෘදුකාංග පිටපත ප්‍රවේශණය කරන්න. Next බොත්තම ඔබා ඊළඟ පියවරට යන්න.
  2. එහි සම්මත පිහිටුවීම ලෙස C:\ ධාවකය තෝරා ඇති අතර එය වෙනස් කිරීමට අවශ්‍ය නම් Browse බොත්තම ඔබා අදාළ ධාවකය තෝරන්න. අනෙක් සැකසුම් එලෙස ම තබන්න. Next බොත්තම ඔබා ඊළඟ පියවරට යන්න.
  3. දිස්වන තිරයේ සැකසුම් එලෙස ම තබා Next බොත්තම ඔබන්න.
  4. අවසාන පියවරෙහි ඇති Yes බොත්තම ඔබා ස්ථාපනය තහවුරු කරන්න. Install බොත්තම එබීමෙන් ස්ථාපනය අරඹන්න. (කිසියම් අවවාදාත්මක පණිවුඩ තිරයේ දිස්වේ නම් ඒවායේ ඇති තහවුරු කිරීමේ විධානය (Yes) ලබා දෙන්න.)
  5. මෘදුකාංගය ස්ථාපනය අවසන් වූ පසු එය ප්‍රවේශණය කරන ලෙස සටහන් කර Finish බොත්තම ඔබන්න.

දැන් අපි Virtual Box තුළ Linux ස්ථාපනය කිරීමට අවශ්‍ය සැකසුම් සිදු කරමු. අප Guest OS ලෙස යොදාගෙන ඇත්තේ Linux Mint වන අතර එය ආධුනිකයන්ට භාවිතයට ඉතා පහසු Linux OS එකකි.

සැ.යු.: පසුගිය ලිපි මගින් අප සාකච්චා කල Live CD/DVD/USB ක්‍රමයන් මගින් තාවකාලික ව Linux ධාවනය සිදුවේ. නමුත් අද අප සාකච්චා කරන Virtual Box තුළ පිහිටුවීම සහ ඉදිරි ලිපි වල පළවන අනෙත් ක්‍රම සියල්ල ම මගින් ස්ථිර ලෙස පරිගණකයේ Linux ස්ථාපනය වේ. එබැවින් මෙම ක්‍රම වලදී ඔබේ පරිගණකයේ ප්‍රවර්ගයට (system architecture) අදාළ ලෙස iso image එක තෝරාගත යුතුවේ. ඔබේ පරිගණකයේ Windows පිහිටුවා ඇත්නම් පිවිසුම් තිරයේ (desktop) ඇති My Computer රූපකය (icon) මත දකුණු මූසික බොත්තම (Right mouse button) ඔබා Properties තේරීමෙන් පරිගණකයේ System architecture (32/64 bit) දැනගත හැකියි. Virtual Box තුළ ස්ථාපනය සඳහා අප යොදා ගන්නේ 32-bit Linux OS සංස්කරණයයි.

architecture

  • Virtual Box ප්‍රවේශණය වූ පසු එහි ඇති New බොත්තම ඔබන්න. දිස්වන window එකේ Name එක ලෙස Linux Mint ඇතුළත් කරන්න. Version සැකසුම ලෙස Ubuntu (32-bit) තෝරාගෙන Next බොත්තම ඔබා ඊලඟ පියවරට යන්න.

VB-step1

  • Virtual Machine එක තුළින් Linux OS සඳහා වෙන් කළ යුතු මතක ප්‍රමාණය (Memory size) සැකසීම මෙම පියවරේදී කල හැකිය. මෙහි අවමය 256 MB වන අතර 512 MB හා1024 MB (1 GB) අතර අගයක් වඩාත් සුදුසු ය. අප විසින් 2 GB ලබා දී ඇත. Next ඔබා ඊළඟ පියවරට යන්න.

VB-step2

  • මෙම පියවරේ දී Linux OS එක පිහිටුවීම සඳහා යොදාගන්නා දෘඩ තැටියේ (hard disk) ප්‍රමාණය සැකසීම සිදුවේ. එය සත්‍ය වශයෙන්ම පවතින්නක් නොවන අතර Host OS එක සතුව පවතින hard disk එකෙහි යම් ඉඩක් Guest OS එකට වෙන් කෙරේ. පහත රූපයේ දක්වා ඇති පරිදි එහි දෙවැනි සැකසුම වන Create a virtual hard disk now තෝරා Create බොත්තම ඔබන්න. දිස්වන window එකෙහි සැකසුම (VDI) එලෙසම තබා Next ඔබන්න.

VB-step3  VB-step4

  • නිර්මාණය කල hard disk එකෙහි ඉඩ ප්‍රමාණය අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගැනීමක් සිදුවිය යුතුනම් ගතික (Dynamically allocated) සැකසුම ද ස්ථාවර ඉඩ ප්‍රමාණයක් වෙන්කල යුතු නම් Fixed size සැකසුම ද තෝරන්න. මින් දෙවැනි ක්‍රමයේදී OS එක වඩාත් වේගවත් වන බැවින් එම සැකසුම තෝරා ඇත. Next ඔබා මීළඟ පියවරට පිවිසෙන්න.

VB-step5

  • පහත රූපයේ පෙන්වා ඇති පරිදි hard disk එක සඳහා ඉඩ වෙන් කිරීමට අවශ්‍ය drive එක තෝරන්න. ගොණු නාමය (file name) වෙනස් කිරීම අවශ්‍ය නොවේ. Hard disk එකෙහි ප්‍රමාණය ලෙස 10 GB (අවම) හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා දී Create බොත්තම ඔබන්න. Hard disk එක නිර්මාණය වී අවසන් වූ පසු නැවතත් Virtual Box ආරම්භක window එක දිස්වනු ඇත.

VB-step6

VB-step7

VB
VirtualBox Linux setup

දැන් පරිගණකය තුළ Linux OS එක පිහිටුවීමට අවශ්‍ය මූලික පියවරයන් සම්පූර්ණ වී ඇත. මීළඟ ලිපියෙන් Linux OS එක අදාළ Virtual machine තුළ install කරන ආකාරය ඉගෙන ගනිමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )