05 – Linux ස්ථාපනය (5 කොටස)

Virtual Box තුළ Linux Mint ස්ථාපනය

අද අපි කලින් නිර්මාණය කරගත් Virtual machine එක තුළ Linux Mint OS install කරන ආකාරය බලමු. මුලින් ම Linux Mint iso image එක download කර ගනිමු. අප නිර්මාණය කල Virtual machine එක 32-bit නිසා iso image එක ද 32-bit විය යුතුය. පහත link එක මගින් Linux Mint download page එකට පිවිසෙන්න. එහි පහතින් දක්වා ඇති links [1] මගින් iso image එක download කරගන්න. ඔබට torrrent පිලිබඳ දැනුමක් ඇත්නම් torrent link [2] එක හරහා ද iso image download කල හැකිය.

http://www.linuxmint.com/edition.php?id=189

download

  • Virtual Box ප්‍රවේශණය කරන්න. එහි අප නිර්මාණය කල Linux Mint virtual machine එක තෝරා මෙවලම් තීරුවේ (Toolbar) Settings (සැකසුම්) බොත්තම ඔබන්න.

lm-step1

  • Settings window එකේ Storage [1] සැකසුමෙහි Empty CD රූපකය (icon) [2] තෝරන්න (select). Optical Drive යනුවෙන් සඳහන් ස්ථානයට දකුණින් ඇති CD icon [3] එක මත මූසික බොත්තම ඔබන්න (Mouse click). එහි දිස්වන මෙනුවෙන් Choose Virtual Optical Disk File… click කර download කරගත් Linux Mint iso image එක තෝරන්න.

lm-step2

lm-step2-2

  • Linux Mint iso image එක තේරූ පසු පහත පරිදි දිස්විය යුතුය. OK button එක click කර Settings window වසා දමන්න.

lm-step2-3

  • Virtual machine පණගැන්වීම ඇරඹීම සඳහා Toolbar එකේ Start button එක click කරන්න. දැන් Linux Mint OS ධාවනය ආරම්භ වන අතර මිනිත්තු කිහිපයකින් පිවිසුම් තිරය (desktop) දිස්වනු ඇත. එහි ඇති Install Linux Mint රූපකය (icon) මත දෙවරක් (double) click කරන්න. එවිට Linux Mint install කිරීමේ මූලික පියවර (Welcome window) ආරම්භ වේ.

lm-step4

lm-step5

සැ. යු. සමහර අවස්ථා වලදී desktop හි පහත පණිවුඩය දිස්විය හැකි අතර එයට No විධානය ලබා දෙන්න.

lm-warning

  • Welcome window එකෙහි වම් පැත්තේ ඇති භාෂා ලැයිස්තුවෙන් English තෝරා ගන්න. (මෙමගින් Mint OS තුළ සෑම තැනක ම පාහේ භාවිතා වන භාෂාව සැකසේ. අවශ්‍ය නම් සිංහල භාෂාව ද තෝරාගත හැකි අතර ඔබ ට පරිගණක සම්බන්ධ පාරිභාෂික වචන මාලාව නුහුරු නම් සිංහල භාෂාව තේරීම සුදුසු නොවේ.) දැන් Continue button ඔබා ඊළඟ පියවරට යන්න.

lnstall1

යාවත්කාලීන කිරීමක්: Linux Mint නවතම සංස්කරණය වන Sarah (18) යටතේ බහුමාධ්‍ය ගොණු (multimedia files) ධාවනයට සහ Wi-Fi සබඳතා අවශ්‍ය වන තෙවන පාර්ශවීය ගොණු (third party files) ඉවත්කර ඇත. මේ නිසා ඒවා ස්ථාපනය කිරීමට අන්තර්ජාලයට සම්බන්ධ වී සිටීම අත්‍යාවශ්‍ය සාධකයකි. පහතින් දැක්වෙන්නේ එම ක්‍රියාවලිය තහවුරු කෙරෙන පියවරෙහි රූප සටහනකි. අදාළ තේරීම සිදුකර Continue එබීමෙන් ඊළඟ පියවරට යා හැකිය.

select-install-thirdparty-software

  • මෙහිදී පරිගණකයේ පෙර සැකසුම් පිලිබඳ දක්වන අතර Linux install කිරීමට laptop එකක් භාවිතා කරන්නේ නම් එය විදුලි සැපයුමකට (power source) සම්බන්ධ කර තිබීම අනිවාර්ය සාධකයකි. අන්තර්ජාල සම්බන්ධතාවය (Internet connection) අත්‍යාවශ්‍ය නොවේ. මෙම අවශ්‍යතාවයන් සපුරා ඇත්නම් Continue button ඔබන්න.

Install2

  • මෙම පියවරේදී Linux OS එක දෘඩ තැටියේ (hard disk) එකෙහි පිහිටුවන ආකාරයන් කිහිපයක් දක්වන අතර Virtual machine තුළ install කිරීමට සම්මත සැකසුම (default setting) සුදුසු ය. එබැවින් මෙහි වෙනසක් සිදු නොකර Install Now බොත්තම ඔබන්න. එවිට දිස්වන Message box එකෙන් Continue තෝරන්න.

Install3

Install4

  • මීළඟ පියවර ලෙස කල යුත්තේ පරිගණකයේ සම්මත වේලාව සැකසීම සඳහා අදාළ වේලා කලාපය (Time zone) ලබා දීමයි. ඒ සඳහා දිස්වන සිතියමෙහි ශ්‍රී ලංකාව පිහිටි ස්ථානය මත mouse click කරන්න. පහතින් Colombo ලෙස සටහන් වී ඇත්නම සැකසුම නිවැරදිය. දැන් Continue button ඔබා ඊළඟ පියවරට යන්න.

Install5

  • පරිගණකයට සම්බන්ධ යතුරු පුවරුවේ අකුරු ඇසිරුම (keyboard layout) ලබා දීම මෙම පියවරේදී අපේක්ෂා කෙරේ. අප රටේ භාවිතා වන keyboard බොහොමයක් ඇමරිකානු සම්මතයට අදාළ ලෙස නිර්මාණය වී ඇති බැවින් මෙම window එකේ වම් පස ලැයිස්තුවෙන් English (US) ලෙස තෝරාගන්න. දකුණු පස ලැයිස්තුවෙන් ද එයම තෝරා Continue button ඔබන්න.

Install6

  • අවසාන පියවර වශයෙන් පරිගණකයේ ඔබේ නමින් පරිශීලක ගිණුමක් (user account) නිර්මාණය, එයට මුරපදයක් (password) ලබාදීම සහ පරිගණක නාමය (computer name) සැකසීම අවශ්‍ය වේ. මුරපදයක් ලබා දීමෙන් පසු පරිගණකයට පිවිසෙන සැමවිටම එය ඇතුලත් කිරීමට අවශ්‍ය නම් Require my password to login තෝරන්න. දැන් Continue බොත්තම ඔබා install කිරීම අරඹන්න.

Install7

  • පහත රූපයේ පරිදි Linux Mint OS එක install වීම සිදුවේ. එය අවසන් වූ පසු පරිගණකය ප්‍රති-පණගන්වන ලෙස පණිවුඩයක් දිස්වන අතර Restart Now බොත්තම එබීමෙන් හෝ Virtual machine window එකේ දකුණු ඉහළ කෙලවරේ ඇති වසා දැමීමේ (close) බොත්තම එබීමෙන් පසු Virtual machine එක ප්‍රති-පණගන්වන්න (restart/reboot).

Install8

Finish

restart

  • පරිගණකය ප්‍රති-පණගැන්වීමෙන් පසු අදාළ ගිණුම තෝරා මුරපදය ලබාදීමෙන් Linux desktop එකට පිවිසීමට පුළුවන්.

login

desktop

මීළඟ ලිපියෙන් අප සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ දැනට පවතින මෙහෙයුම් පද්ධතියක් සමග ම Linux OS ස්ථාපනය කරගන්නා ආකාරයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )