05 – Linux ස්ථාපනය (අවසාන කොටස)

Linux ස්ථාවර ලෙස ස්ථාපනය

පසුගිය ලිපි වල අප සාකච්චා කල ක්‍රම මගින් ස්ථාවර ලෙස පරිගණකයේ Linux පිහිටුවීමක් සිදු නොවන නිසා පරිගණකයේ උපරිම ශක්‍යතාවය ප්‍රයෝජනයට ගනිමින් Linux ධාවනය සිදු නොවේ. ස්ථාවර ලෙස පිහිටුවීමෙන් වඩා කාර්යක්‍ෂම ලෙස Linux භාවිත කල හැකි අතර එය ප්‍රධාන ක්‍රම දෙකකට කල හැකියි.

  1. පවතින මෙහෙයුම් පද්ධති එකක් හෝ කිහිපයක් සමග Linux ස්ථාපනය. (dual/multi boot installation)
  2. Linux පමණක් මෙහෙයුම් පද්ධතිය ලෙස ස්ථාපනය. (single OS installation)

මින් පළමු ක්‍රමයේදී පරිගණකයේ hard disk එකෙහි යම් ඉඩ ප්‍රමාණයක් Linux OS එක පිහිටුවීම සඳහා වෙන් කල යුතු අතර ඒ සඳහා hard disk එක කොටස් කිරීම (partition) කල යුතුයි. Windows මෙහෙයුම් පද්ධතිය තුළ මේ සඳහා පහසුවෙන් භාවිතා කල හැකි software එකක් ලෙස EaseUS Partition Master (free edition) හඳුන්වා දීමට පුළුවන්. පහත link එක මගින් මෙම software එකේ  free edition එක download කරගන්න. Download කරගත් software එක install කිරීමට පහත පියවරයන් අනුගමනය කරන්න.

http://download.easeus.com/free/epm.exe

  • epm.exe  ප්‍රවේශණය කර Next ඔබන්න.
  • Accept button ඔබා ඊළඟ පියවරට යන්න.
  • Next click කර ඊළඟ පියවරට යන්න.
  • අමතර මෘදුකාග ස්ථාපනයට ඉඩ නොදෙන පරිදි සැකසුම් සාදන්න. Next click කර ඉදිරි පියවරයන්ට යන්න.
  • මෘදුකාංගය පිහිටවූ පසු එය ප්‍රවේශණය සඳහා Launch EaseUS Partition Master සැකසුම select කර තබා Finish button ඔබන්න.

දැන් අපි මෙම මෘදුකාංගය හරහා hard disk එක partition කරගන්නා ආකාරය බලමු.

සැ.යු. මෙම කාර්යය සිදු කිරීමට පෙර පරිගණකයේ ධාවනය වන අනෙක් සියලු ම අනවශ්‍ය මෘදුකාංග වසා දමන්න.

  • ප්‍රධාන window එක මැද ඇති Launch Application button එක click කරන්න.එවිට පහත පරිදි පරිගණකය සම්බන්ධ කර ඇති සියලු ම hard disk සහ ඒවායේ විස්තර අඩංගු වන window එකක් දිස්වනු ඇත.

launch details

  • Linux install කිරීම සඳහා අවම වශයෙන් 10 GB ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් එම ඉඩ ප්‍රමාණය වෙන් කල හැකි ධාවකයක් (drive) තෝරාගන්න (select) [1]. Toolbar එකේ  Resize/Move partition button එක ඔබා අදාළ සැකසුම් window එකට පිවිසෙන්න [2]. (මෙහිදී D:\ drive තෝරා ඇත.)

selection

  • Resize/move partition සැකසුම් window එකේ තෝරාගත් ධාවකයේ වත්මන් ධාරිතාව (Partition Size:) පෙන්වන අතර එහි නව අගය ලෙස දැනට ඇති ප්‍රමාණයෙන් 10 GB (අවම) අඩු කළ විට ලැබෙන අගය ඇතුලත් කරන්න. පහත සමීකරණයෙන් නිවැරදි ව අගය ගණනය කරන ආකාරය දක්වා ඇත. නිවැරදි අගය ඇතුළත් කල විට ඊට පහතින් ඇති Unallocated Space After කොටුවෙහි 10240 අගය පෙන්වනු ඇත.

X = current size (in MB), 1 GB = 1024 MB, Y = new size

Y = X – (10×1024)

partitionsettings

OK button ඔබා සැකසුම තහවුරු කරන්න.

  • Toolbar එකේ Apply button ඔබා partition කිරීම අරඹන්න. දැන් පරිගණකය ප්‍රති-පණ ගැන්වීමට අවශ්‍ය බව දක්වන පණිවුඩයක් දිස්වන අතර Yes button ඔබා එය තහවුරු කරන්න.

apply

  • පරිගණකය ප්‍රති-පණගැන්වී පහත දැක්වෙන ආකාරයට partition වීම සිදුවනු ඇත. ඉන්පසු  නැවතත් ප්‍රති-පණගැන්වී ඔබේ සුපුරුදු මෙහෙයුම් පද්ධතිය ප්‍රවේශණය  වේ.

partitining

  • පහත සඳහන් link එක හරහා ගොස් ඔබේ පරිගණකයේ architecture එකට (32/64 bit) ගැළපෙන Linux Mint iso image එක download කරගන්න. ඉන්පසු එය DVD එකකට write කරගන්න. එසේ නැතිනම් Live USB drive එකක් නිර්මාණය කරගන්න. (DVD එකක් නිවැරදි ව write කරන ආකාරය සහ Live USB නිර්මාණය පෙර ලිපිවල සඳහන් විය.)

http://www.linuxmint.com/download.php

mintdownload

සැ.යු.: මින් ඉදිරියට අප  කරගෙන යන සෑම පියවරක් ම මුලින් සඳහන් කල ස්ථාවර පිහිටුවීමේ ක්‍රම දෙකට ම පොදුය.

  • DVD එකක් මගින් Linux install කරන්නේ නම් Linux Mint DVD එක DVD drive එකට ඇතුළත් කර පරිගණකය restart කරන්න. USB මගින් Linux install කිරීමට අවශ්‍ය නම් USB drive පරිගණකයට සම්බන්ධ කර  පරිගණකය restart කරන්න. පරිගණකය restart වූ පසු Linux Mint OS ප්‍රවේශණය වනු ඇත. (පරිගණකය DVD හෝ USB එක හරහා boot නොවේ නම් පසුගිය ලිපියක සඳහන් පරිදි boot order එක වෙනස් කරන්න.)
  • Linux Mint desktop එකේ ඇති Install Linux Mint මත click කරන්න. දැන් පසුගිය ලිපියේ දැක්‌වූ පරිදි Linux Mint install කිරීමේ මූලික පියවර (Welcome window) ආරම්භ වේ. ඉන් භාෂා සැකසුම ලෙස English තෝරාගෙන ඊළඟ පියවරට යන්න. පරිගණකයේ මුලික අවශ්‍යතා සැපිරී තිබේනම් Continue button ඔබා ඉදිරියට යන්න.
  • මෙම පියවරේදී සැකසුම් සිදු කිරීම ස්ථාවර ස්ථාපනය කරන ආකාරය අනුව වෙනස් වේ. එනම් පරිගණකයේ Linux පමණක් මෙහෙයුම් පද්ධතිය ලෙස පිහිටුවන්නේ නම් සම්මත සැකසුම හෙවත් Erase disk and install Linux Mint තෝරාගන්න. දැන් Install button ඔබා ඉදිරි පියවරයන්ට යා හැකිය.

Install3

  • අනෙක් මෙහෙයුම් පද්ධතිය තිබියදී ම Linux පිහිටවිය යුතු නම් පහතින් ඇති Something else සැකසුම් තෝරා Continue button ඔබන්න.

dualselection

  • දිස්වන window එකෙහි පහතින් අප Linux OS එක install කිරීම සඳහා වෙන්කළ ඉඩ Free space ලෙස දැක්වේ. මෙම පියවරේදී මුලින් ම කල යුත්තේ OS එකේ භාවිතයට අවශ්‍ය වන සත්‍යාසන්න මතකය (virtual memory) සඳහා ඉඩ වෙන් කිරීමයි. ඒ සඳහා Free space ලෙස දැක්වෙන පේළිය select [1] කර + ලකුණ ඔබන්න [2].

freePartitions

  • ඔබේ පරිගණකයේ භෞතික මතක ප්‍රමාණය (physical memory/RAM size) 4 GB හෝ ඊට වැඩි නම් virtual memory ලෙස එම ප්‍රමාණය ම ලබාදිය හැකිය. RAM size එක 4 GB වලට වඩා අඩු නම් virtual memory ප්‍රමාණය ලෙස එමෙන් දෙගුණයක් ලබාදීම සුදුසු ය. Size ලෙස සඳහන් කොටුවෙහි අදාළ අගය ඇතුලත් කරන්න. පහතින් ඇති Use as සැකසුම ලෙස swap area තෝරන්න. (1 GB = 1024 MB). OK button ඔබා සැකසුම් තහවුරු කරන්න.

swap

  • දැන් අප සිදු කරන්නේ Linux OS එක install කිරීමට අවශ්‍ය partition එක නිර්මාණය කර ගැනීමයි. Swap area සඳහා ඉඩ වෙන් කල පසු ඉතිරි ඉඩ ප්‍රමාණය නැවතත් free space ලෙස දැක්වේ. එය select කර + ලකුණ එබීමෙන් Create partition window එකට පිවිසෙන්න. පහතින් ඇති Use as සැකසුම ලෙස Ext4 journaling fle system තෝරා Mount point ලෙස / ලබාදෙන්න. OK button ඔබා සැකසුම් තහවුරු කරන්න.

root

  • දැන් Install button එක එබීමෙන් Linux install කිරීම ආරම්භ කල හැකිය. එහිදී පහත පණිවුඩය මගින් ඔබ සිදුකල වෙනස්කම් hard disk එකේ save වන බව පෙන්වයි. Continue button එබීමෙන් විධානයන් තහවුරු කල විට Linux install වීම ආරම්භ වේ.

savechanges

  • දැන් පසුගිය ලිපියෙන් අප පැහැදිළි කල පරිදි සියලු සැකසුම් සිදු කරමින් ඉදිරියට යා හැකිය. Linux install වී අවසාන වූ පසු පරිගණකය restart කරන ලෙස දක්වනු ඇත. වෙනත් මෙහෙයුම් පද්ධතියක් සමග Linux OS එක install කර ඇත්නම් රුපයේ දැක්වෙන පරිදි ඔබට ප්‍රවේශණය කිරීමට අවශ්‍ය OS එක තේරීමට මෙනුවක් දිස්වනු ඇත. එයින් අදාළ OS එක select කර යතුරු පුවරුවේ Enter key ඔබන්න. ඔබ Linux Mint OS එක තෝරගත්තේ නම් Linux Mint ප්‍රවේශණය වී Mint desktop එකට පිවිසෙනු ඇත.

dualboot

මෙම ලිපියත් සමගින් Linux ස්ථාපනය සම්බන්ධ ලිපි පෙළ අවසාන වේ. ඉදිරි ලිපි වලින් Linux Mint OS එක භාවිතා කරන ආකාරය ඉගෙන ගනිමු.

One thought on “05 – Linux ස්ථාපනය (අවසාන කොටස)

Dhanushka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )