06 – Linux Mint OS භාවිතාව

මෑතක් වනතුරු ම සාමාන්‍ය පරිගණක පරිශීලකයන් අතර Linux එතරම් ජනප්‍රිය වී තිබුනේ නැහැ. ඊට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපා තිබුණා. එනම්,

  • Linux ස්ථාපනය සඳහා පරිගණක පිලිබඳ මනා දැනුමක් අවශ්‍ය වීම.
  • Windows තරම් Linux පරිශීලක පහසුව (user friendly) නොමැති වීම.
  • බොහෝ මෘදුකාංග Windows මෙහෙයුම් පද්ධතිය පමණක් ඉලක්ක කර නිර්මාණය කර තිබීම.
  • Linux පිවිසුම් තිරය (desktop) බොහෝ විට අස්ථාවර (unstable) වීම නිසා නිතර අනපේක්ෂිත බිඳවැටීම් (crashing) සිදුවීම.
  • Linux තුළ Windows මෘදුකාංග භාවිතා කිරීමට නොහැකිවීම.
  • Linux සාමාන්‍ය අයෙකුට භාවිතයට අපහසු මෙහෙයුම් පද්ධතියක් ලෙස බොහෝ කාලයක සිට මතයක් පැවතීම.

නමුත් පසුගිය වසර 6-7 කාලය තුළ මෙම බොහෝ කරුණු වෙනස්වීමට ලක්වුණා. ඒ අනුව සාමාන්‍ය අයෙකුට වුවත් Windows තරම් පහසුවෙන් ම Linux භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. පහත දැක්වෙන්නේ වර්තමානයේ මෙලෙස Linux සාමාන්‍ය පරිගණක පරිශීලකයන් අතර ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වීමට බලපා ඇති කරුණු කිහිපයකි.

  • බොහෝ වාණිජ Linux නිකුතු (distros) සපයන ආයතන මගින් සාමාන්‍ය පරිගණක පරිශීලකයන් ඉලක්ක කරමින් පුද්ගල පරිගණක (personal computers/desktops) සඳහා නොමිලේ ලබාගත හැකි Linux distros නිර්මාණය කර තිබීම. මේවා අතරින් Redhat (Fedora), Canonical (Ubuntu) සහ Suse (OpenSuse) යන ආයතන ප්‍රධානයි.
  • පරිශීලක පහසුව (user friendly) සැලසෙන පරිදි වැඩි දියුණු කරන ලද Linux distros වර්තමානයේ නිර්මාණය කර තිබීම. මේ නිසා ආධුනිකයෙකුට වුවත් ඉතා පහසුවෙන් පරිගණකයේ Linux ස්ථාපනය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.
  • බොහෝ මෘදුකාංග නිර්මාණකරුවන් Linux මෙහෙයුම් පද්ධතිය ද ඉලක්ක කර ගනිමින් තම මෘදුකාංග නිර්මාණය ආරම්භ කර තිබීම. උදාහරණ ලෙස Windows මෙහෙයුම් පද්ධතිය තුළ පමණක් ධාවනය කල හැකි මෘදුකාංග බොහොමයක් දැන් Linux තුළ භාවිතා කල හැකි සංස්කරණ (version) ලෙස ද ලබාගත හැකියි.
  • Linux desktop වඩාත් ස්ථාවර (stable) ලෙස නිමවා තිබීම. වර්තමානයේ Windows වලට වඩා ස්ථාවර ලෙස Linux desktop භාවිතා කල හැකියි.
  • විවෘත කේත මෘදුකාංග ව්‍යාපෘති (open source projects) මගින් Linux තුළ භාවිතා කල හැකි අති විශාල මෘදුකාංග ප්‍රමාණයක් නිර්මාණය කර තිබීම. මේ නිසා Windows වලට විකල්ප වශයෙන් Linux කිසිදු ගැටළුවකින් තොරව භාවිතා කල හැකියි.
  • සමස්තයක් වශයෙන් Linux මෙහෙයුම් පද්ධතිය ආරක්ෂාකාරී වීම (secure) සහ ස්ථාවර (stable) ලෙස පැවතීම.
  • Windows මෙන් නොව Linux භාවිතා කිරීමේ දී අවශ්‍ය නම් තමාගේ කැමැත්ත පරිදි වෙනත් පිවිසුම් තිරයන් (desktop) සහ තේමාවන් (themes) යොදාගත හැකිවීම.
  • ජංගම පරිගණක (laptops) සඳහා ද Linux ඉතා හොඳ අනුකුලතාවක් දැක්වීම.

පරිශීලක පහසුව සලසන ඉතා හොඳ Linux මෙහෙයුම් පද්ධතියක් ලෙස Linux Mint හඳුන්වා දීමට පුළුවන්. මෙය ඉතා ස්ථාවර වන අතර ම Windows මෙන් ඉතා පහසුවෙන් භාවිතා කල හැකියි. ඉදිරි ලිපි වලින් Linux Mint මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ආකාරය ඉගෙන ගනිමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )