Linux Mint බොහෝ දුරට Windows මෙහෙයුම් පද්ධතිය හා සමාන පෙනුමක් හා භාවිතාවක් (look and feel) දක්වන ලෙස නිර්මාණය කර තිබේ. මෙහි දී ඔබේ කැමැත්ත අනුව තෝරාගත හැකි ප්‍රධාන තේමාවන් දෙකක් දැකිය හැකියි. එනම් Linux Mint Cinnamon (සිනමන්) සහ Linux Mint Mate (මේට්) යනුවෙනි. මින් Cinnamon වඩාත් ආකර්ශනීය හා නවතම පෙනුමකින් යුක්ත වන නිසා බොහෝ Linux පරිශීලකයන් අතර ඉතා ජනප්‍රිය වී තිබේ. අප ද මෙම Linux පාඩම් මාලාව සඳහා යොදාගන්නේ Linux Mint Cinnamon සංස්කරණයයි. පහත දැක්වෙන්නේ Cinnamon සහ Mate පිවිසුම් තිරයන් (desktops) හි රුප සටහන් දෙකකි.


Linux Mint desktop එක අපට ප්‍රධාන කොටස් කිහිපයකට වෙන්කර දැක්වීමට පුළුවන්. පහත රූපසටහනේ Cinnamon desktop එකට අදාළ ව එක් එක් කොටස් වෙන්කර දක්වා තිබේ.

1 – Desktop area, 2 – Task bar (කාර්ය තීරුව), 3 – Menu Button (ආරම්භක මෙනුව)
Desktop Area
Desktop area එක ප්‍රධාන වශයෙන් කාර්යයන් කිහිපයක් සඳහා ගනී. එනම්,
- නිතර අවශ්‍ය වන ලිපිගොණු (files and folders) වලට පහසුවෙන් පිවිසීම සඳහා desktop area හි රඳවා තැබීම.
- විවිධ මෘදුකාංග ප්‍රවේශණය සඳහා කෙටිමං (shortcuts) නිර්මාණය.
- Wallpaper දර්ශණය කර ගැනීම.
- අමතර මෘදුකාංග උපාංග (desklets) හරහා පරිගණකයේ විවිධ තොරතුරු දර්ශණය කර ගැනීම සහ නිතර අවශ්‍ය වන කාර්යයන් පහසුවෙන් ඉටු කර ගැනීම .
උදා: වේලාව (Clock), System monitor (පද්ධති දර්ශකය), ගණක යන්ත්‍රය (Calculator).
පහත රුපයේ දැක්වෙන්නේ මෙලෙස විවිධ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කර ඇති desktop area එකකි. ඉදිරි ලිපියකින් desktop area එකට අදාල ව මෙම වෙනස්කම් සිදු කරන ආකාරය ඉගෙන ගනිමු.