Task bar (කාර්ය තීරුව)
මෙය ප්රධාන වශයෙන් කොටස් 5 කට වෙන් කර දැක්විය හැකි අතර ඒවා පහත රූප සටහනේ දැක්වෙයි.
1 – Menu, 2 – Quick Launch (ක්ෂණික දියත් කිරීම), 3 – Applications (යෙදවුම්), 4 – Work Space Switcher (ක්රියා අවකාශ ස්විචය), 5 – Notification Area (දැනුම්දීම් ප්රදේශය)
දැන් අපි මෙම එක් එක් කොටසෙහි කාර්ය භාරය සොයා බලමු.
1 – Menu: මේ හරහා ප්රධාන මෙනුවට පිවිසිය හැකි අතර ඒ පිලිබඳ දීර්ඝ විස්තරයක් මීළඟ ලිපියේ දැක්වෙයි.
2 – Quick Launch: ඔබ නිතර භාවිතයට ගන්නා මෘදුකාංග සහ ලිපිගොනු වලට ක්ෂණික ව පිවිසීමට කෙටිමං (shortcuts) මෙහි රැඳවිය හැකිය. මින් Show Desktop සහ File Explorer (ලිපිගොනු ගවේශකය) Mint ස්ථාපනයේ දී ස්වයංක්රීය ව නිර්මාණය වන අතර අනෙක් ඒවා ඔබගේ අභිමතය පරිදි එක් කල හැකිය.
3 – Applications: පරිගණකයේ දැනට ධාවනය වන Application (යෙදවුම්) මෘදුකාංග වලට අදාල ව බොත්තම් මෙම කොටසෙහි දැක්වෙයි. එමගින් application ලොකු/කුඩා කිරීම (maximize/minimize) කළ හැකි අතර right click කිරීමෙන් තවත් බොහෝ කටයුතු සිදු කල හැකිය.
4 – Work Space Switcher: Work spaces (ක්රියා අවකාශ) යන්න Linux සඳහා ආවේණික සංකල්පයක් වන බැවින් ඔබට හුරු පුරුදු Windows මෙහෙයුම් පද්ධතිය තුළ මෙය දැකගත නොහැකි ය. මෙමගින් යෙදවුම් මෘදුකාංග බොහෝ ප්රමාණයක් ධාවනය වන විටෙක Task bar හි ඒවා කළමනාකරණය කරගැනීමේ ගැටලු ව ඉතා පහසුවෙන් විසඳා දේ. සෑම work space එකක් ම වෙනම desktop එකක් ලෙස භාවිතා කලහැකි අතර තමාගේ අභිමතය පරිදි මෘදුකාංගකිහිපයක් work spaces කිහිපයක් තුළ ධාවනය කිරීමෙන් ඉහත ගැටලුව පැන නොනගී. Work space අතර මාරු වීම සඳහා අදාළ බොත්තම මත click කල හැකිය. මීට අමතර ව ධාවනය වන මෘදුකාංග වෙනත් work spaces වලට මාරු කිරීමේ හැකියාව ද පවතී. කෙසේ වෙතත් work space switch විශේෂාංගය Mint ස්ථාපනයේ දී ස්වයංක්රීය ව බලාත්මක (Enable) නොවන බැවින් Mint ස්ථාපනය කල පසු එක් කරගත යුතුය. ඉදිරි ලිපියකින් එය සිදු කරන ආකාරය පැහැදිලි කරන අතර පහත දැක්වෙන්නේ work space දෙකක් තුළ මෘදුකාංග කිහිපයක් ධාවනය කර ඇති අවස්ථාවකි.
5 – Notification Area: පරිගණකයේ ක්රියාත්මක වන විවිධ මෘදුකාංග වල තත්ත්වය සහ පණිවුඩ දැක්වීම මෙම කොටසෙහි සිදුවේ. තවද පරිගණකයේ වේලාව සටහන් වන්නේ මෙහි ය. ඉදිරි ලිපියකින් Notification Area පිලිබඳ වැඩිදුර තොරතුරු ඉගෙන ගනිමු.
Fedora gana kiyala danna pluwanda?
කැමතියිකැමතියි
Fedora සහ අනෙකුත් (Ubuntu, Mint) ගොඩක් Linux නිකුතු (distribuitions) අතර ලොකු වෙනසක් නැහැ. මේ ලිපිවල සාකච්චා වෙන කරුණු ඒ හැම එකටම පොදුයි. Fedora වෙනම ඉගෙන ගන්න දෙයක් නැහැ. ලිපි මුල ඉඳලම කියවලා බලන්න…
කැමතියිකැමතියි