Mint Menu (ප්‍රධාන මෙනුව)
මෙහෙයුම් පද්ධතිය තුළ පවතින ක්‍රමලේඛ (Programs) වලට පිවිසීම, පරිශීලක ගිණුම් කළමනාකරණය, මෙහෙයුම් පද්ධතිය කළමනාකරණය, මෘදුකාංග එක් කිරීම හෝ ඉවත් කිරීම ආදී බොහෝ කාර්යයන්ට Mint menu තුළින් පිවිසීමට පිළිවන. මෙය ද ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකින් සමන්විත වේ. ඒවා පහත රුප සටහනේ වෙන් කර දක්වා ඇත.
1 – Favorites (ප්‍රියතමයන්), 2 – Search (සෙවීම), 3 – Groups (වර්ගීකරණයන්)
1 – Favorites
මෙහෙයුම් පද්ධතිය භාවිතයේදී නිතර අවශ්‍ය වන ක්‍රමලේඛ සහ පාලන කාර්යයන් සඳහා කෙටිමං favorites තුළ රැඳවිය හැකිය. මින් කිහිපයක් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයේදී ස්වයංක්‍රියව ම පිහිටුවා ඇත. රූපයේ දක්වා ඇති පරිදි favorites යන්න කලාප දෙකකට වෙන්වී පවතී. A ලෙස දක්වා ඇති කලාපයෙහි මෘදුකාංග කළමනාකරණය (Software management), පද්ධති සැකසුම් (System settings), පර්යන්තය (Terminal) සහ ගොණු ගවේශකය (File explorer) සඳහා කෙටිමං ස්වයංක්‍රිය ව නිර්මාණය වී තිබේ. අවශ්‍යතාවය පරිදි වෙනත් මෘදුකාංග සඳහා කෙටිමං ද මෙහි එක් කල හැකිය. B ලෙස දක්වා ඇති කලාපයෙහි පරිගණක තිරය අගුලු දැමීම (Lock screen), පරිශීලක ගිණුමෙන් ඉවත්වීම (Logout) සහ පිටවීම (Quit) සඳහා වන කෙටිමං සම්මත සැකසීම ලෙස නිර්මාණය වී ඇත. මෙම කලාපයට ක්‍රමලේඛ සඳහා වන කෙටිමං එක් කිරීමේ හැකියාවක් නොමැත.
2 – Search
පරිගණකයේ ස්ථාපිත ක්‍රමලේඛ සෙවීම සඳහා මෙය භාවිතා කල හැකිය.
3 – Groups
Linux Mint මෙහෙයුම් පද්ධතිය තුළ ස්ථාපිත ක්‍රමලේඛ සහ සැකසුම් විවිධ වර්ගීකරණයන් යටතේ Groups තුළ පෙළ ගස්වා ඇත. මෙමගින් ඉතා පහසුවෙන් අදාල ක්‍රමලේඛ/සැකසුම් වෙත පිවිසීමට හැකියාව ලැබේ.
මීළඟ ලිපියෙන් Mint Menu පිළිබඳව සවිස්තරාත්මක ව ඉගෙන ගනිමු.