පරිශීලකයාගේ පහසුව සලකා Mint Menu තුළ ක්‍රමලේඛ සහ සැකසුම් (programs & settings) සියල්ලක් ම Groups යටතේ වර්ගීකරණය කර තිබේ. මින් All Applications (සියලු යෙදුම්), Accessories (අතිරේක උපාංග), Graphics (චිත්‍රක), Office (කාර්යාලීය), Sound and Video (ශබ්ද සහ දෘශ්‍ය), Administration (පරිපාලන), Preferences (අභිමතයන්), Places (ස්ථාන) සහ Recent Files (මෑතදී භාවිත ලිපිගොණු) සම්මත පිහිටුවීමකදී ස්වයංක්‍රිය ව නිර්මාණය වන අතර නව මෘදුකාංග ස්ථාපනයේදී ඒවාට ගැළපෙන පරිදි අමතර වර්ගීකරණ එක් වේ. පහත දක්වා ඇත්තේ එලෙස නව ක්‍රමලේඛ මගින් නිර්මාණය වූ groups කිහිපයකි.

Group එකක් මතට mouse pointer ගෙන ගිය විට ඒ යටතේ ඇති ක්‍රමලේඛ/සැකසුම් ලැයිස්තුවක් (programs/settings list) දිස්වන අතර අදාල program/setting මත mouse click කිරීමෙන් එය ප්‍රවේශනය වේ. All Applications යටතේ සියලු ම programs & settings අකාරාදී පිළිවෙලට (alphabetical order) දැකගත හැකිය.
පරිගණකයේ ස්ථාපනය කර ඇති programs ප්‍රමාණය වැඩි වන විට Groups තුළින් ඒවා එක්වර ම සොයා ගැනීමට අපහසු වේ. එවන් අවස්ථා වලදී මෙනුවෙහි ඇති Search (සෙවීම්) පහසුකම යොදා ගැනීමට පිළිවන. Search කොටුව තුළ click කර අනුමාන ලෙස program එකෙහි නමෙහි අකුරු කිහිපයක් type කරගෙන යාමේදී ඊට ගැලපෙන සියලු ම programs මෙනුවෙහි දිස්වේ. ඉන් අදාළ program එක මත click කිරීමෙන් එය ප්‍රවේශණය කල හැකිය.

Menu හරහා shortcuts නිර්මාණය
ඔබට නිතර අවශ්‍ය වන programs සඳහා shortcuts (කෙටිමං) නිර්මාණය Menu හරහා පහසුවෙන් සිදු කල හැකිය. මෙසේ shortcuts එක් කල හැකි ප්‍රධාන ස්ථාන ලෙස Favorites (Mint menu), Desktop තිරය සහ Quick Launch දැක්වීමට පුළුවන්. Program එකක් මත right click කල විට ඊට පහතින් shortcut මෙනුව දිස්වේ. ඉන් Add to Panel තේරීමෙන් Quick Launch තුළ shortcut නිර්මාණය වේ. Favorites තුළ ඇති shortcut එකක් ඉවත් කිරීමට අවශ්‍ය නම් අදාල program එක මෙනුවෙන් තෝරා right click කර Remove from favorites තෝරන්න. මෙසේ Favorites තුලින් ඉවත් කල හැකිවන්නේ අප නිර්මාණය කල shortcuts පමණි.


Places සහ Recent Files භාවිතය
අප සාමාන්‍ය ජීවිතයේ දී ලිපිගොණු පිළිවෙලකට තබා ගැනීමට ගොණු කවර (folders) සහ රාක්ක භාවිතා කරන පරිදි පරිගණකයේ ලිපිගොණු නිසි පරිදි තබා ගැනීම සඳහා Linux Mint මෙහෙයුම් පද්ධතිය මගින් ද එවැනි පහසුකම් සලසා ඇත. එනම් එක් එක් පරිශීලක ගිණුමට අදාල ව පෞද්ගලික ලිපිගොණු තබා ගැනීම සඳහා වෙනම ස්ථානයක් පරිශීලක ගිණුමක් සැකසීමේදී ස්වයංක්‍රිය ව නිර්මාණය වේ. Mint මෙනුවෙහි Places යනුවෙන් දැක්වෙන්නේ එයයි. අපගේ ලිපිගොණු වර්ගීකරණය පහසු කිරීම සඳහා ප්‍රධාන ගොණු කවර (folders) එතුළ පිහිටුවා තිබේ. ඒවා පිළිවෙලින් Music (සංගීත), Pictures (පින්තූර), Videos (දෘශ්‍ය), Downloads (භාගත කිරීම්) සහ Documents (ලේඛනයන්) ලෙස දැක්වේ. අදාල වර්ගීකරණය මත click කල විට එය විවෘත වී එහි ඇති අනෙකුත් ලිපිගොණු දර්ශනය වේ.

පරිගණකයේ මෑතකදී භාවිතා කල ලිපිගොණු වල ලැයිස්තුවක් Recent Files යටතේ අවරෝහණ පිළිවෙලට දැක්වේ. අදාල ගොණුව මත click කිරීමෙන් එය විවෘත කල හැකිය. ලැයිස්තුව මකා දැමීමට අවශ්‍ය නම් පහතින් ම ඇති Clear list මත click කරන්න.

මීළඟ ලිපියෙන් Task bar පිළිබඳ ව වැඩිදුර තොරතුරු දැන ගනිමු.