පසුගිය ලිපියෙන් අප Task bar එකට අදාල ව Menu button සහ Menu පිලිබඳ සවිස්තර ව සාකච්චා කළා. අද අපි Task bar හි ඉතිරි කොටස් වන Quick Launch(2), Applications(3), Workspace switcher(4) සහ Notification area(5) වැඩිදුර තොරතුරු සොයා බලමු. ඔබගේ පහසුව සඳහා Task bar හි එම කොටස් පහත රූප සටහනේ දක්වා තිබේ.

Quick Launch
Quick Launch හි නිතර අවශ්‍ය වන programs හෝ commands (විධාන) සඳහා shortcuts රඳවා තැබිය හැකියි. මෙනුවෙන් අවශ්‍ය program එක මත right click කර Add to Panel තේරීමෙන් එය සිදු කල හැකිය. එහි දැනට පවතින shortcut එකක් ඉවත් කිරීමට අදාළ program icon (මූර්ති සලකුණ) මත right click කර Remove තෝරන්න. Mint ස්ථාපනයේ දී මෙහි නිර්මාණය වන shortcuts මෙනු හරහා එක් කල නොහැකිය. එවැනි shortcut එකක් මත right click කල විට Quick Launch තුලින් සම්පුර්ණයෙන් ම ඉවත් කිරීමට Remove this applet විධානය දිස්වේ.
Applications
අප කිසියම් program එකක් ආරම්භ කල විට ඊට අදාල button එකක් මෙම කොටසෙහි දිස්වේ. ඒ මත click කිරීමෙන් program window ලොකු-කුඩා (maximize-minimize) කල හැකිය. Application button මත right click කර මතුවන මෙනුවෙන් අමතර බොහෝ දේ කිරීමට පුළුවන.

- Visible on all workspaces – සියලු workspaces තුළ පෙන්වන්න.
- Move to another workspace – වෙනත් workspace එකකට ගෙනයන්න.
- Close all – සියල්ල වසා දමන්න.
- Close others – අනෙක් ඒවා වසා දමන්න.
- Restore/Minimize/Maximize/Unmaximize – ප්‍රති-පිහිටුවීම/කුඩා කිරීම/විශාල කිරීම/සාමාන්‍ය ප්‍රමාණය
- Close – වසා දමන්න.
සැ.යු.: Program window එකෙහි වර්තමාන ප්‍රමාණය (current size) මත ඉහත මෙනුවෙහි අන්තර්ගතය වෙනස්වේ. උදා.: Restore සැකසුම ඇත්තේ window එක minimize වී තිබේ නම් පමණි.
Workspace Switcher
සම්මත පිහිටුවීමක දී Taskbar එකේ workspace switcher විශේෂාංගය අඩංගු නොවේ. එය ක්‍රියාත්මක කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.
- Taskbar එකේ හිස් ප්‍රදේශයක right click කර මතුවන මෙනුවෙන් Add applets to the panel තෝරාගන්න.

- Applets window එකේ පහළින්ම ඇති Workspace switcher යන්න select කර right click කරන්න. එයින් Add to panel තෝරාගන්න.

Programs විශාල ප්‍රමාණයක් විවෘත කර ඇතිවිට Taskbar එකේ application buttons මගින් ඇතිවන තදබදය workspace හරහා පහසුවෙන් කළමනාකරණය කල හැකිය. සෑම workspace එකක් ම වෙනම desktop එකක් ලෙස ක්‍රියාත්මක වේ. Application button මත right click කිරීමෙන් ඉහත සඳහන් පරිදි ඒවා workspaces අතර කළමනාකරණය කල හැකිය. කිසියම් workspace එකකට මාරු වූ පසු අලුතින් ආරම්භ කරන සෑම program එකක් ම එම workspace තුළ පමණක් දර්ශනය වේ. Wokspace අතර මාරු වීම සඳහා workspace switcher හි දිස්වන button මත click කරන්න. එසේ නොමැති නම් mouse wheel කරකවන්න.
- යතුරු පුවරුවෙන් [Ctrl][Alt]→ හෝ [Ctrl][Alt]← එකවර එබීමෙන් ද wokspace අතර මාරු විය හැකිය.
- සියලු workspaces කුඩා windows ලෙස දැක ගැනීමට [Ctrl][Alt]↑යතුරු එකවර ඔබන්න. මෙහි දකුණු පසින් ඇති + සලකුණ click කර නව workspace එකතු කල හැකිය. → හෝ ← ඔබා workspaces අතර මාරුවිය හැකිය. මීට අමතරව workspaces ඉවත් කිරීම (remove) සහ නම් කිරීම (rename) ද සිදු කිරීමට පුළුවන. Workspace window මත click කිරීමෙන් එයට මාරු විය හැකිය.

Workspace switcher මත right click කිරීමෙන් ද workspaces කුඩා windows ලෙස දර්ශණය කිරීම, එකතු කිරීම සහ ඉවත් කිරීම කල හැකිය.

Notification Area
පරිගණක මෙහෙයුම් පද්ධතිය තුළ පසුබිමින් (background) ක්‍රියාත්මක වන මෘදුකාංග වල වර්තමාන තත්ත්වය (current status) සහ තොරතුරු (info) මෙම පෙදෙසෙහි දැකගත හැක. ඊට අමතර ව විටින් විට අමතර දැනුම්දීම් (notifications) මෙහි දැක්වේ. උදාහරණ ලෙස USB pen drive එකක් පරිගණකයට සම්බන්ධ කල විට ඊට අදාල ව කුඩා icon එකක් දිස්වේ. ඒ මත click කිරීමෙන් විවිධ කාර්යයන් සිදු කල හැකිය. Notification area එකේ ප්‍රධාන icons කිහිපයක් පහත දැක්වෙන අතර ඒවායේ ප්‍රයෝජන සලකා බලමු.

1 – Current User (පරිශීලකයා)
දැනට මෙහෙයුම් පද්ධතියට ඇතුළු වී සිටින පරිශීලක ගිණුමට අදාළ ප්‍රධාන කාර්යයන් කිහිපයක් මේ හරහා ඉටුකර ගත හැක. ඒ සඳහා මෙම icon එක මත click කරන්න.
2 – Volume (ශබ්ද පරිපාලනය)
මෙය මත click කල විට ශබ්දය අඩු-වැඩි කල හැකි පාලකයක් (volume controller) දර්ශණය වේ. එමගින් අවශ්‍ය පරිදි හඬ අඩු-වැඩි කල හැක. එසේ නොමැති නම් icon එක මත mouse pointer තබා mouse wheel කරකැවීමෙන් ද එය සිදුවේ. මෙය මත right click කර අමතර සැකසුම් වලට පිවිසීමට පුළුවන.
3 – Mint Update (යාවත්කාලින කිරීම)
පරිගණකයක පද්ධතියක් නිතර ම යාවත්කාලින කිරීමෙන් එහි මෘදුකාංග දෝෂ ඉවත් කිරීම සහ ආරක්ෂාව තිර කිරීමට පුළුවන්. පරිගණකයේ දැනට පවතින යාවත්කාලින තත්වය මේ හරහා දැක්වේ. රුපයේ දැක්වෙන පරිදි ✔ ලෙස ඇත්නම් යාවත්කාලින කිරීම නිවැරදිව සිදු ව ඇති බව පෙන්වයි. මෙම icon එක මත click කල විට යාවත්කාලින කළමනාකරු (Update Manager) දර්ශනය වන අතර right click කිරීමෙන් Update Manager ට අදාළ සැකසුම් සිදු කල හැකිය.
4 – Time and Date (වේලාව/දින දර්ශකය)
සම්මත පිහිටුවීමක දී මෙහි වේලාව පමණක් දර්ශනය වන නමුත් අවශ්‍ය නම් දිනය ද මෙහි ප්‍රදර්ශනය වන ලෙස සැකසීමට පුළුවන. මේ මත click කල විට වර්තමාන මාසයට අදාල දින දර්ශනය දැක්වෙන අතර එහි පහතින් ඇති Date and Time Settings හරහා වෙලාව වෙනස් කිරීමට ඉඩ ලබාදේ. (මේ සඳහා පරිපාලන ගිණුම හෙවත් Administrator account එකෙහි මුරපදය දැන සිටීම අත්‍යවශ්‍යය. Linux හි root ලෙස හදුන්වන්නේ මෙම පරිපාලන ගිණුමයි.)
5 – All Windows
ඔබගේ සියලු ම workspaces තුල ධාවනය වන program windows වල ලැයිස්තුවක් මෙම icon එක click කිරීමෙන් දැකගත හැක. එක් එක් workspace එකට අදාල ව ඒවා කාණ්ඩ (groups) කර ඇත.

මීලඟ ලිපියෙන් Mint Desktop ගැන වැඩිදුරට සොයා බලමු.