11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (3 කොටස)

Linux තුළ විකල්ප මෘදුකාංග භාවිතය

අප පෙර ලිපියකින් සාකච්චා කල පරිදි Windows තුළ ධාවනය වන සියලු මෘදුකාංග එලෙස ම Linux හි භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. නමුත් Wine ලෙස හඳුන්වන open source මෘදුකාංගය භාවිතා කිරීමෙන් යම් යම් සීමාවන්ට යටත්ව ඇතැම් මෘදුකාංග Linux තුළ ද භාවිතා කිරීමේ හැකියාව පවතී. මෙහි දී අදාළ මෘදුකාංගයේ කාර්යක්‍ෂමතාවයේ අඩු බවක් දැකීමට පුළුවන්.

බොහෝ open source මෘදුකාංග නිර්මාණය වී ඇත්තේ Windows හි ධාවනය වන මෘදුකාංග වලට විකල්ප ලෙස Linux මෙහෙයුම් පද්ධතිය තුළ භාවිතා කිරීම සඳහා ය. වාණිජ මෘදුකාංග නිපදවන විවිධ ආයතන විසින් දැන් තම මෘදුකාංග වල Linux සංස්කරණයක් ද නිකුත් කිරීමට පෙළඹී තිබෙනවා. එමගින් Linux තුළ ද මෘදුකාංගය උපරිම කාර්යක්‍ෂමතාවයෙන් භාවිතා කල හැකියි.

Open source මෘදුකාංග බොහොමයක් Windows සංස්කරණයක් නිකුත් කරන නිසා ඒවා Windows පරිශීලකයන් අතර ද ඉතා ජනප්‍රියයි.

පහත වගුවෙහි දැක්වෙන්නේ Linux හි භාවිතා වන විකල්ප මෘදුකාංග ලැයිස්තුවක් සහ ඒවා ලබාගත හැකි වෙබ් අඩවි වල ලිපිනයන් ය. මින් බොහොමයක් Linux Mint හි Software Manager හරහා ස්ථාපනය කිරීමට පහසුකම ලබා දී ඇති අතර ම සම්මත පිහිටුවිමකදී ස්වයංක්‍රියව ස්ථාපනය වී තිබිය හැක.

සැ.යු.: මෙහි සම්පුර්ණ මෘදුකාංග ලැයිස්තුවක් අඩංගු නොවන අතර Windows පරිශීලකයන් අතර වඩාත් ජනප්‍රිය මෘදුකාංග වලට විකල්පයන් පමණක් තෝරාගෙන ඇත.

Linux software alternatives to Windows
මෘදුකාංග නාමය – Software Name වෙබ් අඩවි ලිපිනය – Web Site URL
Windows මෘදුකාංගය Linux විකල්පය
Internet Explorer Mozilla Firefox https://www.mozilla.org/en-US/firefox/products/
Paint Pinta http://pinta-project.com/
Microsoft Office LibreOffice https://www.libreoffice.org/
Open Office https://www.openoffice.org/
Microsoft Outlook Mozilla Thunderbird https://www.mozilla.org/en-US/thunderbird/
Microsoft Project Project Libre http://www.projectlibre.org
Microsoft Visio Dia http://dia-installer.de/
LibreOffice Draw https://www.libreoffice.org/
Pencil Project http://pencil.evolus.vn/
Adobe Reader Okular https://okular.kde.org/
Evince https://wiki.gnome.org/Apps/Evince
Windows Media Player

WinAmp

JetAudio

VLC Player (Audio/Video) http://www.videolan.org/vlc/index.html
SMPlayer (Audio/Video) http://www.smplayer.eu/
Videos (Video) https://wiki.gnome.org/Apps/Videos
Banshee Music Player (Audio) http://banshee.fm/
Amarok Player (Audio) https://amarok.kde.org/
Adobe Photoshop GIMP https://www.gimp.org/
Adobe Lightroom Darktable www.darktable.org/
CorelDRAW Graphics Suite Inkscape https://inkscape.org/
Adobe InDesign (Pagemaker) Scribus www.scribus.net/
µTorrent/BitTorrent Transmission http://www.transmissionbt.com/
Nero Burning Suite Brasero https://wiki.gnome.org/Apps/Brasero
K3B http://www.k3b.org/
ACDSee GThumb https://wiki.gnome.org/Apps/gthumb
3D Studio Max Blender https://www.blender.org/
Maya
Sony Sound Forge Audacity http://www.audacityteam.org/
Adobe Audition
Adobe Premier Kino http://www.kinodv.org/
PiTiVi http://www.pitivi.org/
Cinelerra http://cinelerra.org/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )