වර්තමානයේ දී පරිගණකයක තිබිය යුතු අනිවාර්ය සාධකයක් ලෙස අන්තර්ජාල සම්බන්ධතාවය ඉතා වැදගත්. එය අන්තර්ජාලය තුළ සැරිසැරීම (Internet browsing), ජාලගත මෘදුකාංග භාවිතය, ගොණු භාගත කිරීම, මාර්ගගත (online) වෙබ් අඩවි හා සම්බන්ධවීම ආදී සියලු කාර්යයන් සිදුකර ගැනීමට මෙන් ම Linux මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීමට ඉතා වැදගත් පහසුකමකි. මෙම ලිපියෙන් Linux Mint මෙහෙයුම් පද්ධතියේ අන්තර්ජාල සබඳතාව සකසන අයුරු ඉගෙන ගනිමු.
ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන සියලු ම අන්තර්ජාලය හා සම්බන්ධ වීමේ තාක්ෂණික ක්‍රම වලට Linux මනා සහයෝගයක් දක්වයි. මේ සඳහා තෙවන පාර්ශවීය මෘදුකාංග පිහිටුවීම බොහෝ අවස්ථා වලදී අවශ්‍ය නොවේ.
උදා.: ADSL, Wi-Fi, WiMax, Ethernet, Infiniband, Mobile Broadband
මින් පුද්ගල පරිගණක (PC) භාවිතා කරන්නන් අතර වඩාත් ජනප්‍රිය Mobile Broadband හා Wi-Fi ක්‍රම දෙක යටතේ අන්තර්ජාලයට සම්බන්ධ වන අයුරු සොයා බලමු.
සැ.යු.: ඉහත ක්‍රමවලට අන්තර්ජාල සබඳතා ලබා ගැනීමට අදාළ දෘඩාංග මිලදී ගත යුතුය. (PC සාමාන්‍යයෙන් Wi-Fi දෘඩාංගයකින් සමන්විත නොවේ.)
Mobile Broadband මගින් අන්තර්ජාල සබැඳිම
අප කාටත් හුරු පුරුදු Internet dongle මගින් අන්තර්ජාලය හා සම්බන්ධ වීමේ ක්‍රමය මෙලෙස හැඳින්වේ. අදාළ සැකසුම් සිදු කිරීම සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.
- Mint මෙනුවෙහි Preferences තුළින් Network Connections තෝරාගන්න.

- Network Connections සංවාද කොටුවේ (dialog box) Add බොත්තම click කරන්න. එවිට Connection Type (සබැඳි ආකාරය) එක තේරීමට අවස්ථාව ලබා දේ. ඉන් Mobile Broadband තෝරා Create… බොත්තම ඔබන්න.


- දැන් Internet dongle එක පරිගණකයට සම්බන්ධ කර Continue button මත click කරන්න.

- මීළඟ ට අප සිටින කළාපය හෝ රට තේරීමට ලැයිස්තුවක් දැක්වේ. ලැයිස්තුවේ පහළට ගොස් Sri Lanka තෝරා Continue ඔබන්න.

- දැන් ඔබ භාවිතා කරන අන්තර්ජාල සේවාව සපයන දුරකථන ජාලය තෝරා Continue ඔබන්න.

- මෙම පියවරේදී වෙනසක් සිදු නොකරම Continue ඔබා ඊළඟ පියවරට යන්න.

- දැන් Apply බොත්තම ඔබා සැකසුම් තහවුරු කරන්න. එවිට මතුවන සංවාද කොටුවෙහි සබඳතා නාමය (Connection name) ලබා දී Save ඔබන්න.


දැන් ඔබ සකස් කල අන්තර්ජාල සබඳතාව Task bar හි Notification Area තුළ දැකිය හැකිය. ඒ සඳහා රූපයේ දක්වා ඇති පරිදි අදාළ icon මත click කරන්න.

යම් හෙයකින් අන්තර්ජාල සබඳතා ලැයිස්තුවෙහි Mobile Broadband යන්න On වී නැත්නම් එම ස්විචය මත click කර On කරන්න. දැන් අදාළ සබඳතා නාමය (connection name) මත click කිරීමෙන් අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකිය.
Wi-Fi මගින් අන්තර්ජාල සබැඳිම
මෙය ඉතා සරළ ක්‍රමයක් වන අතර විශේෂ සැකසුම් හෝ ධාවක මෘදුකාංග පිහිටුවීමක් අවශ්‍ය නොවේ. ඔබේ PC එකේ Wi-Fi දෘඩාංගය නොමැති නම් එවැන්නක් මිලදී ගෙන පරිගණකයට සම්බන්ධ කරන්න.
එය ස්වයංක්‍රිය ව අවට ක්‍රියාත්මක වන Wi-Fi සබඳතා සෙවීමක් (search) සිදු කරයි. Notification area හි ඔබගේ සබඳතාව මත click කරන්න. අදාළ ප්‍රවේශන යතුර (access key) ලබා දී අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකිය.


සැ.යු.: අන්තර්ජාල සබඳතා ලැයිස්තුවෙහි Wireless යන්න On වී නැත්නම් එම ස්විචය මත click කර On කරන්න.