පරිගණකය භාවිතයේදී තම මනාපය පරිදි සැකසුම් සිදු කිරීම සහ පරිපාලනය අත්‍යාවශය කරුණකි. Linux Mint තුළ මේ සඳහා යොදා ගන්නේ Preferences සහ Administration යන ක්‍රියා පටිපාටියයි. මින් Administration යටතේ පවතින කාර්යයන් සඳහා root හි මුරපදය(password) භාවිතා කිරීමට සිදුවේ. අදාළ සැකසුම්/පරිපාලනයන් වෙත ලඟා වීමට
Mint Menu→Preferences/Administration හෝ Mint Menu→Favorites→System Settings (Preferences) අනුගමනය කරන්න.

Preferences (වරණයන්)
ඔබ Mint Menu තුළින් Preferences තෝරා ගන්නේ නම් ලැයිස්තුවක් ලෙස සියලු වරණයන් අකාරාදී පිළිවෙලට දිස්වන අතර Favorites හි System Settings තෝරාගත් විට වෙනත් window එකක වර්ගීකරණය කරන ලද රූපක (icons) දැක්වේ. System Settings හි දකුණු ඉහල කෙලවරේ ඇති කොටුව තුළ type කිරීමෙන් එයට ගැළපෙන වරණය පමණක් දර්ශනය වේ[1]. මෙහි පහළින් ම ඇති Administration වර්ගීකරණය යටතේ ඇති කාර්යයන් සඳහා root password අවශ්‍යය[2].

Administration (පරිපාලනය)
මේ යටතේ සාමාන්‍ය පරිගණක පරිශීලකයෙකුට නිතර අවශ්‍ය නොවන පහත දැක්වෙන වඩා වැදගත් කාර්යයන් සිදු කරගත හැකිය. ඒ සඳහා root password ලබාදීම අත්‍යාවශ්‍යය.
- මුද්‍රණ යන්ත්‍ර සැකසීම (Printers)
- මෘදුකාංග කළමනාකරණය (Software Management)
- පද්ධති අධීක්ෂණය (System Monitor)
- යාවත්කාලීන කිරීම (Update Manager)
- පරිශීලක ගිණුම් සහ කාණ්ඩ කළමනාකරණය (Users and Groups)
මීට අමතර ව තවත් බොහෝ දෑ මෙම කාර්ය ලැයිස්තුවේ අඩංගු වන අතර ඒවා ගැන ඔබ ස්වයං අවබෝධයක් ලබා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ.
සටහන: Linux Mint මෙහෙයුම් පද්ධතියට අදාළ ව පරිශීලක අතුරු මුහුණත (Graphical User Interface – GUI) හා සම්බන්ධ අත්‍යවශ්‍ය තොරතුරු මේ දක්වා පලවී ඇති ලිපි පෙළින් විස්තරාත්මක ව සාකච්චා කර ඇත. මින් ඉදිරියට වඩාත් ගැඹුරින් Linux පිලිබඳ සොයා බලමු.