14 – Linux Architecture (නිර්මාණ ශිල්පය)

Linux ගැන ගැඹුරින් හැදෑරීම සඳහා එහි නිර්මාණ ශිල්පය (Architecture) හොඳින් වටහාගෙන සිටීම අවශ්‍යය. අද ලිපියෙන් ඒ පිලිබඳ සාකච්චා කරන අතර පොදුවේ මෙහෙයුම් පද්ධති සියල්ල ම පාහේ මෙහි දැක්වෙන ලක්‍ෂණ වලින් යුක්ත වේ. අධ්‍යයනය පහසුව සඳහා Linux architecture විවිධ මට්ටම් (levels) වලට වෙන්කර ගනිමු. පහත දැක්වෙන්නේ එහි රූප සටහනකි.

Linux Architecture
Linux Architecture

දැන් අප මේ එක් එක් මට්ටම පිළිබඳ ව සොයා බලමු.

Computer Hardware (පරිගණක දෘඩාංග)

පරිගණකයේ සියළු ම භෞතික අංගෝපාංග hardware ලෙස හැඳින්වෙන අතර ඒවා ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට වෙන්කර දැක්විය හැක.

  1. මධ්‍ය සැකසුම් ඒකකය (Central Processing Unit)
  2. මතකය (Memory)
  3. ආදාන/ප්‍රතිදාන උපාංග  (Input/Output devices)
  4. දත්ත ආචයන පද්ධති (data storage units)

මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට hardware අත්‍යවශ්‍ය වන අතර ඒවා මෙහෙයුම් පද්ධතියේ කොටසක් ලෙස සලකනු නොලැබේ.

Kernel (මධ්‍යය)

පරිගණකයේ සියලු දෘඩාංග කළමනාකරණය (hardware management) kernel මගින් සිදු කෙරේ. මේ යටතේ මෘදුකාංග ක්‍රියාකාරිත්වයට අදාළ පහත සඳහන් කාර්යයන් ඉටු කෙරේ.

  • ආදාන/ප්‍රතිදාන අවශ්‍යතා හැසිරවීම (Input/Output handling).
  • මධ්‍ය සැකසුම් ඒකකයට තේරුම් ගත හැකිවන පරිදි දත්ත සැකසීම (data processing).
  • මතක ප්‍රවේශණයට (memory access) පහසුකම් සැලසීම.
  • මෘදුකාංග කාර්යයන් පටිපාටියකට අනුව ක්‍රියාත්මක කිරීම (software task scheduling).
  • ගොණු පද්ධතිය කළමනාකරණය (file system management)

යෙදවුම් මෘදුකාංග (application software) ධාවනයේදී විවිධ දෘඩාංග (hardware) අතර සමායෝජන කාර්ය සඳහා (coordination) අතරමැදියෙක් (middle-ware) ලෙස kernel එක ක්‍රියාත්මක වේ. එමගින් මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් මෙහෙයුම් පද්ධතිය තුළ ගැටලුවකින් තොර ව එකවර ධාවනයට ඉඩ සැලසේ.

Window Manager

රූපක අතුරු මුහුණතක් (Graphical User Interface) සහිත මෙහෙයුම් පද්ධතියක මෘදුකාංග ධාවනයේදී විවිධ කවුළු (windows) නිර්මාණය වන්නේ මේ හරහා ය. එමගින් අදාළ windows පාලනය (control) කිරීමට අවශ්‍ය පාලන අංග (controllers) සැපයෙන අතර මෙහෙයුම් පද්ධතියේ පිවිසුම් තිරය (desktop) නිර්මාණයේදී පදනම වන්නේ window manager ය. ඔබට හුරුපුරුදු Microsoft Windows සහ අප සාකච්චා කල Linux Mint අතර බාහිර පෙනුමෙහි වෙනස්කම් දක්නට ලැබෙන්නේ මෙම window manager දෙකෙහි හි ඇති වෙනස නිසාවෙනි.

GNU Utilities (උපයෝගිතා)

තනිකර ම Kernel පමණක් යොදා ගෙන පරිගණකයෙන් අපට අවශ්‍ය කාර්යයන් සිදු කර ගැනීමට අපහසුය. GNU utilities මගින් මෙම අඩුපාඩුව සපුරන අතර, අති විශාල උපයෝගිතා (utilities) ප්‍රමාණයක් Linux මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව නිර්මාණය වී ඇත. සත්‍ය වශයෙන්ම Linux හි බලගතු හැකියාවන් ට පාදක වී ඇත්තේ මෙම උපයෝගිතා රාශියයි. මේවා සියල්ල ම විවෘත කේත මෘදුකාංග ලෙස නිර්මාණය වී තිබෙන අතර බොහොමයක් උපයෝගිතා window manager නොමැති ව වුවද ධාවනය කල හැකිය.

සටහන: Kernel, window manager සහ GNU utilities පොදුවේ ගත්කල Linux මෙහෙයුම් පද්ධතිය (Operating System) ලෙස හැඳින්වේ.

Application Software (යෙදවුම් මෘදුකාංග)

පරිශිලකයාගේ අවශ්‍යතාවයකට අනුව කාර්යයන් සිදු කරන ක්‍රමලේඛ (program) එකක් හෝ කිහිපයක් යෙදවුම් මෘදුකාංගයක් ලෙස හැඳින්වෙයි. ඒවා නිශ්චිත කාර්යයක් පමණක් සිදු කරන අතර පරිශීලකයා සමග අන්තර්-සබඳතා (interaction) දක්වයි. යෙදවුම් මෘදුකාංගය ධාවනය සඳහා උපකාරී වීම මෙහෙයුම් පද්ධතියේ කාර්යභාරයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )