GUI සහිත බොහෝ Linux නිකුතු වල command line වෙත පිවිසීම සඳහා සම්මතය ලෙස gnome-terminal මෘදුකාංගය ස්ථාපනය කර ඇත. මේ නිසා desktop තිරයෙන් ඉවත් නොවී command line භාවිතා කල හැකිය. තවද mouse යොදා ගනිමින් terminal එකේ බොහෝ කාර්යයන් පහසුවෙන් කර ගැනීමට ද ඉඩ සලසා ඇත. ඔබට හුරුපුරුදු අන්තර්ජාල ගවේෂක (web browsing) මෘදුකාංග මෙන් පිටු (tabs) කිහිපයක් විවෘත කර ගනිමින් command line කිහිපයක එකවර වැඩ කිරීමේ හැකියාව ද gnome-terminal මගින් ලබාදේ. ඔබ Linux Mint භාවිතා කරන්නේ නම් Menu→Favorites→terminal අනුගමනය කිරීමෙන් හෝ Menu හි Search තුළින් terminal සෙවීමෙන් gnome-terminal ප්‍රවේශණය කල හැකිය.
සටහන: ඔබට නිතර command line භාවිතා කිරීමට අවශ්‍ය වේ නම් Taskbar හි Quick launch area මත gnome-terminal සඳහා shortcut එකක් නිර්මාණය කල හැකිය. Quick launch හි shortcut නිර්මාණය කරන ආකාරය පහත සබැඳියේ දැක්වෙන ලිපියට ගොස් බලන්න.
https://linuxsinhala.wordpress.com/2015/12/24/09-taskbar-තව-දුරටත්
Gnome-terminal හි menu bar තුළ menu කිහිපයක් අඩංගු වන අතර ඒවා එකින් එක පිලිබඳ සොයා බලමු.

File Menu

නව terminal එකක් වෙනත් window එකක හෝ පිටුවක (tab) විවෘත කර ගැනීමට මෙහි ඇති Open Terminal/Tab විධාන ලබා දෙන්න. එසේ විවෘත කරගත් terminals වලින් ඉවත් වීමට Close Tab/Window විධාන උපකාරී වේ.
ඔබගේ මනාපය පරිදි terminal සැකසුම් වෙනස් කල හැකි (preferences) අතර එය වෙනත් ආකෘතියක් (profile) ලෙස සුරක්ෂිත කර (save) නැවත ලබාගත හැකිය. ඒ සඳහා File මෙනුවේ New Profile… යන්න click කරන්න. එවිට ආකෘති නාමය (Profile name) ලබාදීමට dialog box (සංවාද කොටුව) දිස්වේ. එහි අවශ්‍ය නම සඳහන් කරන්න. දැනටමත් profile නිර්මාණය කර ඇත්නම් ඒ මත පදනම් වී වෙනත් profile නිර්මාණය කල හැකිය. ඒ සඳහා Base on තුළින් අදාළ profile එක තෝරන්න. Create බොත්තම එබීමෙන් පසු නව profile එකෙහි අවශ්‍ය සැකසුම් වෙනස් කිරීමට ඉඩ ලබාදෙන dialog box එක දිස්වේ.

සටහන: ඉහත සඳහන් වූ පරිදි නව profile එකක් නිර්මාණය කිරීමට Edit මෙනුවේ Profiles… විධානය ද භාවිතා කල හැකිය. එවිට Profiles dialog box දිස්වන අතර එහිදී අලුත් profile නිර්මාණයට (New) අමතර ව දැනට පවතින profile එකක සැකසුම් වෙනස් කිරීම (Edit) හෝ මකා දැමීම (Delete) කල හැකිය. ඒ සඳහා අදාළ profile එක තෝරා Edit/Delete බොත්තම් ඔබන්න. මෙහි පහළින් ම ඇති Profile used when launching a new terminal මගින් ඔබ නව terminal එකක් ප්රවේෂණයේදී යොදාගත යුතු profile එක තෝරාගත හැකිය.

Edit Menu

Terminal window එකෙහි දිස්වන පාඨ (text) පිටපත් (copy) කර ගැනීමට අවශ්‍ය නම් අදාළ කොටස තේරීමෙන් (select) පසු File මෙනුවෙන් Copy විධානය ලබා දෙන්න. කලින් copy කරගත් පාඨ terminal හි ඇලවීම සඳහා Paste විධානය භාවිතා කල හැකිය. Terminal හි දිස්වන text සියල්ල ම එකවර select කිරීම සඳහා Select All විධානය උපකාරී වේ. Terminal window එක keyboard මගින් හැසිරවීම සඳහා keyboard shortcuts (යතුරු පුවරු කෙටිමං) නිර්මාණය කර ඇති අතර ඒවා වෙනස් කිරීමට අවශ්‍ය නම් Keyboard shortcuts… මත click කරන්න. දැනට ඔබ දියත් කර ඇති profile එකට අදාළ ව සැකසුම් වෙනස් කිරීමට Profile Preferences මත click කරන්න. (Profiles විධානය පිලිබඳ පෙර සඳහන් කර ඇත.)
දැන් අප Preferences මගින් සිදුකල හැකි වෙනස්කම් පිලිබඳ සොයා බලමු. පහත දැක්වෙන්නේ ඊට අදාළ dialog box එකෙහි රූප සටහනකි.

මෙහි General tab යටතේ අකුරු හැඩතල වෙනස් කිරීම (font changes), අකුරු තද පැහැ කිරීම (bold), Menubar දිස්වීම වැලැක්වීම වැනි වෙනස්කම් සිදු කල හැකිය. සාමාන්‍යයෙන් මෙහි සම්මත සැකසුම් එලෙසම තැබීම වඩාත් උචිතය.

Terminal හි මාතෘකා තීරුවේ (Title bar) නාමය වෙනස් කිරීම සහ command line සමග ක්‍රියාකරන ආකාරය වෙනස් කිරීමට මෙම පිටුව යොදාගත හැකිය. මෙහි වෙනස්කම් සිදු කිරීමට සිදුවන අවස්ථා අල්පය.

මෙහි මුල් කොටසේ සැකසුම් මගින් පෙරබිම/පසුබිම වර්ණය (foreground/background color), තදපැහැ ගැන්වීම (bold) සහ යටින් ඉරි ඇඳ දැක්වීම (underline), පාඨ වර්ණය (text color) ආදිය වෙනස් කල හැකිය. Built-in scheme යටතේ කිසියම් තේමාවකට අනුව සැකසූ වර්ණ පද්ධතියක් අදාළ කරගත හැක.
පහතින් ඇති Palette මගින් commands සහ ඒවායේ ප්‍රථිපල/ප්‍රතිදාන (results/output) දැක්වීමේදී යොදාගත යුතු වර්ණ කාණ්ඩ තෝරාගැනීමට පිළිවන. මෙහි ඔබගේ මනාපය පරිදි සැකසුම් කර අලංකාර වර්ණ සංයෝජනයන් ලබාගත හැක.

ඔබේ සිතැඟි පරිදි terminal window එකෙහි පසුබිමින් රුපයක් දර්ශනය කර ගැනීමට මෙම Background tab මගින් අවස්ථාව සැලසේ. ඒ සඳහා Background image වරණය තෝරා Image file ලෙස ඔබට අවශ්‍ය රූපය ලබා දෙන්න. Background image scrolls විකල්පය තේරීමෙන් window එක තුළ පාඨ ඉහලට සහ පහළට ගෙන යාමේදී රුපයද සාපේක්ෂව චලනය වේ. Transparent background මගින් අවශ්‍ය පරිදි රුපයට යම් තරමක පාරදෘශ්‍යභාවයක් ලබාදිය හැකිය.
Scrolling සහ Compatibility යන tabs වල සැකසුම් සාමාන්‍යයෙන් වෙනස් කිරීමට සිදු නොවේ. ඒ නිසා ඒවා පිලිබඳ මෙහිදී සොයාබැලීමක් සිදු නොවේ.
View Menu

තාවකාලික ව Menu bar සැඟවීම, සම්පුර්ණ තිර දසුන (full screen) ලබා ගැනීම සහ සමීප/දුරස්ථ (zoom in/out) දසුන් ලබා ගැනීමට උපකාරී වන විධාන View menu හි අඩංගු වේ.
Search Menu

Terminal හි දිස්වන පාඨ අතරින් අපට අවශ්‍ය යම් වදනක් හෝ වාක්‍ය කණ්ඩයක් සෙවීම සඳහා Search menu හි විධාන භාවිතා කල හැකිය. මෙහි ඇති Find… විධානය මගින් සෙවීම ආරම්භ කල හැකි අතර එහිදී අවශ්‍ය පරිදි විකල්ප සැකසුම් ද ලබා දීමට පිළිවන. යම් සෙවීමක් සිදු කල පසු ඊට ගැළපෙන තවත් සෙවුම් ඇත්දැයි බැලීමට Find Next/Previous විධාන මහෝපකාරී වේ. ඒවා පිළිවෙලින් ඉදිරියට හෝ පසුපසට සෙවීම සිදු කරයි.

Terminal Menu

තාවකාලිකව terminal windows එකට title (මාතෘකා තීරු නාමය) එකක් ලබාදීම (Set title) සහ terminal එකේ දිස්වන පැරණි පාඨ මකා දැමීම සඳහා විධාන (Reset and clear) මෙහි අඩංගු වේ. මෙහි ඇති අනෙක් විධාන නිතර ප්‍රයෝජනයට නොගැනෙන නිසා ඒවා පිලිබඳ සොයා නොබැලේ.
අවසාන වශයෙන් mouse මගින් terminal window එකෙහි ලබාදී ඇති පහසුකම් කිහිපයක් ගෙනහැර දක්වනු ලැබේ.
- කිසියම් පාඨයක් (text) mouse මගින් තේරුවිට (select) එය ස්වයංක්‍රියව තාවකාලික මතකයට (clipboard) පිටපත් වීම සිදුවේ.
- ඔබේ mouse උපාංගය බොත්තම් තුනකින් (three button)/රෝදයකින් (wheel) සහිත නම් මැද බොත්තම (middle button)/රෝදය එබීමෙන් අවසානයට පිටපත් කල පාඨය terminal window එකෙහි paste වීම සිදුවේ.
- Terminal window මත right click කිරීමෙන් කුඩා මෙනුවක් මතුවන අතර පාඨ (text) copy/paste කිරීම සහ නිතර අවශ්‍ය වන විධාන කිහිපයක් පහසුවෙන් ලබාදිය හැකිය. (රූපය බලන්න)

මෙම ලිපියත් සමගින් Linux command line හැඳින්වීමේ ලිපි පෙළ අවසන් වන අතර මීළඟ ලිපි වලින් එක් එක් විධාන (commands) ගැන පිළිවෙලින් ඉගෙන ගනිමු.