අද පාඩමින් Linux command line පිලිබඳ අමතර තොරතුරු සහ සරළ විධාන (commands) කිහිපයක් ඉගෙන ගනිමු. පසුගිය ලිපියේ සඳහන් වූ ක්‍රම අතරින් ඕනෑම ක්‍රමයකින් command line වෙත පිවිසීමෙන් පසු පහත රුපයේ දැක්වෙන ආකාරයට command line දර්ශනය වේ. විධාන ලබා ගැනීමේ පොරොත්තුවෙන් සිටින මෙය හඳුන්වන්නේ ප්‍රේරකයක් (prompt) යනුවෙනි.

Prompt එක අධ්‍යයනය කිරීමෙන් අපට වැදගත් තොරතුරු (information) කිහිපයක් දැනගත හැකිය. මෙහි දර්ශනය විය යුතු තොරතුරු අවශ්‍ය පරිදි වෙනස් කල හැකි අතර ස්ථාපනය කර ඇති Linux distribution එක අනුව ද අඩංගු තොරතුරු වෙනස් විය හැකිය. ඉහත දක්වා ඇත්තේ Linux Mint/Ubuntu සම්මත පිහිටුවිමකදී prompt දිස්වන ආකාරයයි. එහි මුලින් ම command line ප්‍රවේශණය කල පරිශීලකයාගේ නාමය (username) ද අතර ඊළඟට පරිගණක නාමය (host-name) සහ දැනට සිටින ගොණු කවරයේ නාමය (current working directory) ද දැක්වේ*. මෙහි ~ ලෙස ඇත්තේ පරිශීලකයාගේ නිවස්නයේ ගොණු කවරයයි (home directory)*. $ සලකුණ මගින් prompt එකෙහි කෙලවර සටහන් වේ. Command prompt එක ඉදිරියෙන් නිවි නිවී දැල්වෙන කුඩා තිත හඳුන්වන්නේ cursor යනුවෙනි. අප type කරන text ඇතුළත් වන්නේ මෙම cursor එක පිහිටි ස්ථානයේ ය. ඔබ root user ලෙස command line ප්‍රවේශණය කල විට $ සලකුණ [1] වෙනුවට # සලකුණ ආදේශ වේ [2]. (පහත රූපය බලන්න.)

* සටහන: Linux ගොණු පද්ධතිය (file system) පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් මීට පෙර පළ විය.
විධාන ඇතුළත් කිරීම – Entering Commands
කිසියම් විධානයක් (command) ලබා දීම සඳහා සරළ ව කල යුත්තේ අදාළ command එක prompt ඉදිරියෙන් type කර යතුරු පුවරුවේ Enter key (↵) එබීමයි. මෙහිදී ඔබ නිවැරදිව විධානය ලබා දී ඇත්නම් ඊට අදාළ ප්‍රතිදානය (output) හෝ ප්‍රථිපලය (result) ද command එකට පහතින් දැක්වේ. ඔබ විසින් විධානය ලබා දීමේදී කිසියම් වරදක් සිදුවී ඇත්නම් හෝ වැරදි විධානයක් ලබාදී ඇත්නම් එය ද කිසියම් පණිවුඩයක් ලෙස පහතින් දර්ශනය වේ. මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් නම් commands ඇතුළත් කිරීමේදී නිවැරදි ව capital-simple අකුරු භාවිතය අනිවාර්ය වීමයි. තවද ඔබ shell එක නොදන්නා command එකක් ලබා දුන් විට ඒ බව ද ඉතා විනීත ලෙස shell මගින් පෙන්වා දේ. පහත රූපය දැක්වෙන්නේ එලෙස ආගන්තුක විධානයක් (unknown command) ඇතුළත් කල විට shell මගින් දැක්වෙන පණිවුඩයයි.

දැන් අපි සරළ commands කිහිපයක් උත්සාහ කර බලමු. පහත දැක්වෙන commands වරකට එක බැගින් ඇතුළත් කර Enter key (↵) එබීමෙන් විධානය ක්‍රියාත්මක කල හැකිය. එක් එක් command මගින් ලැබෙන අවසන් ප්‍රථිපලය රූප සටහනේ දැක්වේ.
date (දිනය) – පරිගණකයේ දිනය සහ වෙලාව බලා ගැනීමට යොදා ගනී.
cal (දින දර්ශණය) – වර්තමාන මාසයේ දින දර්ශණය මෙමගින් දැකගත හැකිය.
free (නිදහස් මතකය) – පරිගණකයේ මතකය (memory) භාවිතා වී ඇති ආකාරය සහ නිදහස් මතක ප්‍රමාණය මෙමගින් දැන ගැනීමට පිළිවන.
df (දෘඩ තැටි භාවිතාව) – පරිගණකයේ දෘඩ තැටියෙහි (hard disk) ඉඩකඩ භාවිතා වී ඇති ආකාරය සහ නිදහස් ඉඩ ප්‍රමාණය මෙමගින් දැනගත හැකිය.
exit (ඉවත්වීම) – Command prompt එකෙන් ඉවත් වීමට යොදා ගනී.

මීළඟ ලිපියෙන් තවත් වැදගත් commands කිහිපයක් ඉගෙන ගනිමු.