මේ සඳහා ප්‍රධාන වශයෙන් commands තුනක් යොදා ගනී.
- pwd – දැනට වැඩ කරමින් සිටින ගොණු කවරය හෙවත් නාමාවලිය (current working directory) පෙන්වයි.
- cd – දැනට සිටින directory එකේ සිට වෙනත් directory එකකට මාරු වීමට යොදාගනී.
- ls – directory වල අන්තර්ගතය (content) ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
දැන් මෙම එක් එක් commands පිළිබඳ ව විස්තරාත්මක ව සොයා බලමු.
pwd (print working directory)
දැනට සිටින directory එක බලා ගැනීමට අවශ්‍ය නම් prompt එක ඉදිරියෙන් පහත පරිදි pwd විධානය ලබා දෙන්න.

cd (change directory)
සාමාන්‍යයෙන් command line එකට ප්‍රවේශණය වූ විගස current working directory ලෙස සැකසෙන්නේ command line එක ප්‍රවේශණය කල පරිශීලකයාගේ නිවස්නයේ ගොණු කවරයයි (home directory). එතැන් සිට වෙනත් directory වලට මාරුවීම සඳහා මෙම cd command භාවිතා කල හැකිය. කෙසේ නමුත් මෙම විධානය පිලිබඳ වැඩිදුර හැදෑරීමට පෙර Linux file system hierarchy (ධුරාවලිය) ගැන කරුණු කිහිපයක් දැන සිටීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා පහත රූප සටහන උපයෝගී කර ගනිමු.

රූපයේ දැක්වෙන පරිදි Linux file system එක / (root) directory මගින් ආරම්භ වී ගසක අතු බෙදීයන ආකාරයට ක්‍රමවත් ලෙස නිර්මාණය වී ඇත. මෙහිදී කිසිම ගොණුවක් (file) ගොණු කවරයකින් (directory) බාහිර ව නොපවතී. තව ද Windows මෙහෙයුම් පද්ධතිය මෙන් එක් එක් ධාවකයට (drive) වෙන වෙන ම file system tree නිර්මාණය නොවේ. කිසියම් directory එකක් තුළ පවතින වෙනත් directories අනු-නාමාවලි හෙවත් sub-directories ලෙස හඳුන්වයි. File system තුළ file හෝ directory එකකට ප්‍රවේශ වීම සඳහා නිශ්චිත මාර්ගයක් හෙවත් පෙතක් (path) ඇති අතර එය ප්‍රධාන ආකාර දෙකකකින් දැක්විය හැකිය.
1. නිරපේක්ෂ පෙත – Absolute path
/ මගින් ආරම්භ කර අවශ්‍ය file/directory වෙත ළඟාවීම සඳහා ගතයුතු මාර්ගය මෙමගින් දැක්වේ. උදාහරණයක් ලෙස ඉහත indikau යන පරිශීලක ගිණුමේ ඇති shell_scripts යන directory වෙත ප්රවේශවීමට යා යුතු absolute path පහත පරිදි දැක්විය හැකිය.
/home/indikau/Documents/shell_scripts
2. සාපේක්ෂ පෙත – Relative path
දැනට සිටින (current) directory එකට සාපේක්ෂ ව වෙනත් directory එකකට යාමට ගතයුතු මාර්ගය relative path ලෙස දක්වනු ලැබේ. මෙහිදී directories වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. දැනට සිටින directory දරා සිටින මුල් directory එක parent (මව්) directory ලෙස ද දැනට සිටින directory එක හා සමාන මට්ටමක පවතින වෙනත් directories ඇත්නම් ඒවා sibling (සහෝදර) directories ලෙස ද හැඳින්වෙයි. උදාහරණ වශයෙන් ඉහත රූපයේ home යන්න indikau හි parent directory ලෙස ද indikau යන්න android, Desktop, Documents ආදී directories වල parent directory ලෙස ද හඳුනාගත හැකිය. අනෙක් අතට bin, root, dev ආදී directories සියල්ල home directory හි siblings ලෙස සැලකිය හැකිය.
දැන් අප cd command එක භාවිතා කරමින් විවිධ directories අතර මාරුවන ආකාරය සොයා බලමු.
Absolute path යොදා ගනිමින් අවශ්‍ය directory එකකට මාරුවීම සඳහා cd command ඉදිරියෙන් අදාළ absolute path එක type කර Enter key ඔබන්න. pwd command එක යොදා ගනිමින් විධානය නිවැරදි ව ක්‍රියාත්මක වී ඇත්දැයි තහවුරු කරගත හැකිය.

Relative path මගින් directories අතර මාරුවීමේදී current directory සිට අදාළ directory වෙත පිවිසීමට මාර්ගය cd command සමග ලබාදිය යුතුය. උදාහරණයක් ලෙස ඉහත දැක්වෙන indikau (home directory) හි සිට shell_script directory වෙත පිවිසීම සඳහා relative path සමග cd command පහත පරිදි ලබාදිය හැකිය. (මෙහිදී path ඉදිරියෙන් / ලබාදීම නොකළ යුතුය.)

Relative path යොදා ගනිමින් directories අතර මාරුවීමේදී පැණ නැගෙන ප්‍රශ්ණය නම් parent directory වෙත යාම සඳහා / වෙත ගොස් නැවත absolute path හරහා පැමිණීමට සිදු වීමයි. නමුත් වාසනාවට මෙන් අපට කෙටිමං භාවිතා කරමින් අවශ්‍ය directories අතර මාරු වීමේ හැකියාව cd command මගින් ලබා දී ඇත. මෙහිදී සම්පුර්ණ directory නාමය (name) type කිරීම වෙනුවට සංකේත (symbols) භාවිතා කරමින් absolute හෝ relative path ලබාදීම කල හැකිය. ඒ සඳහා උපකාරී වන සංකේත කිහිපයක් සහ එහි අර්ථයන් පහත දැක්වේ.
. current (working) directory .. parent directory of current directory ~ user's home directory
පහත දැක්වෙන්නේ මේ එක් එක් සංකේත භාවිතා කරමින් directory අතර මාරුවන ආකාරය දැක්වෙන උදාහරණ කිහිපයකි.

සටහන: වෙනත් පරිශීලකයෙකුගේ home directory වෙත මාරුවීමට අවශ්‍ය නම් ~ යන්නට පසුව (හිස්තැන් නොමැති ව) අදාළ පරිශීලක නාමය (user-name) ලබාදෙන්න.

මීට අමතර ව .. භාවිතා කරමින් current directory හි සිට මට්ටම් කිහිපයක් පිටතින් ඇති directory එකකට මාරුවීම හෝ sibling directory එකකට මාරුවීම කල හැකිය. (රූපය බලන්න.)

අවසාන වශයෙන් cd command හි වැදගත් භාවිතාවන් දෙකක් ඇත. එනම් ඔබ ඕනෑම directory එකක සිට path එකක් ලබා නොදී cd command ක්‍රියාත්මක කල විට පරිශීලකයාගේ නිවස්නය (user’s home directory) වෙත මාරුවීමට හැකිය. තවද cd command ඉදිරියෙන් path ලෙස – ලබාදීමෙන් current directory එකට පැමිණීමට පෙර සිටි directory එකට මාරුවීමට පිළිවන. පහත දැක්වෙන්නේ මීට අදාළ උදාහරණයන් ය.

ls (list)
directory වල අන්තර්ගතය ලැයිස්තුවක් ලෙස බලා ගැනීම සඳහා මෙම විධානය යොදා ගනී. මෙහිදී ඔබ ls command පමණක් ලබාදුන් විට current directory හි අන්තර්ගතය පෙන්වයි. මීට අමතර ව ඉහත cd command මෙන් directory path එකක් ලබාදීමෙන් එහි අන්තර්ගතය ද ලැයිස්තුවක් ලෙස බලාගත හැකිය. අවශ්‍ය නම් directory path කිහිපයක් ලබාදී එම directory සියල්ල ම එකවර list කර ගැනීමට පිළිවන. මෙය කිසිසේත්ම GUI හරහා කළ නොහැකි command line පමණක් සතුව ඇති සුවිශේෂ හැකියාවකි. පහත උදාහරණ මගින් මේ එක් එක් භාවිතාව පෙන්වා දී ඇත.

මීළඟ ලිපියෙන් commands පිලිබඳ ගැඹුරින් ඉගෙන ගනිමු. එතෙක් අද පාඩමින් කියාදුන් commands යොදාගෙන හැකි තරම් අභ්‍යාස වල යෙදමින් command line භාවිතයට හුරු වන්න.