ඕනෑම Linux command එකක් විශ්ලේෂණය කර බැලීමේදී එය පහත ආකාරයට සකස් වී ඇති බව දැක ගැනීමට පිළිවන.
command-name [options] [arguments]
මෙහි options (විකල්ප) මගින් command හි සම්මත හැසිරීම (default behavior) අපට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිය. Arguments හරහා command එක ක්‍රියාත්මක කිරීමට අමතර තොරතුරු (additional information) ලබා දීමට පිළිවන. අහු වරහන් ([ ]) මගින් දක්වා ඇති පරිදි විධානයන් ක්‍රියාත්මක කිරීම සඳහා options/arguments ලබාදීම අත්‍යාවශ්‍ය නොවේ.
සාමාන්‍යයෙන් option එකක් ලෙස – සලකුණ (dash/hyphen) සමග තනි අකුරක් (single letter) යෙදෙන අතර option එකකට වඩා වැඩි ගණනක් වුව ද භාවිතා කිරීමේ හැකියාව ඇත. මෙහිදී ඒවා හිස්තැන් (spaces) මගින් වෙන් කිරීම හෝ තනි – එකකට පසුව options වලට අදාළ අකුරු සියල්ලම ලබාදීම කල හැකිය. සමහර options තනි වචනයක් (single word) ලෙස දිය යුතු අවස්ථා ඇති අතර එවන් අවස්ථාවක දී එකලඟ පිහිටි – සලකුණු දෙකකට (double dash) පසුව අදාළ වචනය ලබාදීම සිදු කරයි. වචනයට කිසියම් argument එකක් ඈඳී ඇත්නම් ඊට පසු = සලකුණ සමග argument එක හිස්තැනක් නොතබාම type කල යුතුය.
සටහන: සත්‍ය වශයෙන්ම තනි අකුරකින් යෙදෙන options බොහොමයක් වචනයක් සඳහා කෙටි ක්‍රමයක් (short form) ලෙස නිර්මාණය කර ඇත. එමගින් දීර්ඝ ලෙස type කිරීමට සිදුවීම අවම කර ඇත.
Arguments ලෙස බොහෝ දුරට භාවිතා වන්නේ කිසියම් ගොණු නාමයක් (file name) හෝ directory/file path එකකි. බොහොමයක් commands ඉහත දැක්වෙන රීතියට (syntax) අනුකූල ලෙස දක්වා ඇති පිළිවෙලට ම options සහ arguments භාවිතා කරන බව දැකිය හැකිය.
දැන් ls commands සමග අප ඉගෙනගත් කරුණු ප්‍රයෝගික ව අත්හදා බලමු. ප්‍රථමයෙන් ම ඔබගේ home directory එකට මාරු වීමෙන් අනතුරු ව පසු පහත commands ලබා දෙන්න.
ls -l
මෙහි -l option මගින් directory content විස්තරාත්මක ව පෙන්වන ලෙස උපදෙස් ලබා දී ඇත. පහත ඇත්තේ එමගින් ලැබෙන ප්‍රථිපලය දැක්වෙන රුප සටහනකි. මෙය අප ls command පමණක් තනිව ලබා දුන්විට පෙන්වන ප්‍රථිපලය සමඟ සසඳා බලන්න.

දෙවැනි පියවර ලෙස ls සමග තවත් options කිහිපයක් එකවර ලබා දී බලමු. ඒ සඳහා පහත දැක්වෙන command ඇතුළත් කර ↵ key ඔබන්න. මෙහි දක්වා ඇති ක්‍රම දෙකෙන් ම ලැබෙන අවසන් ප්‍රතිපලයේ කිසිදු වෙනසක් නැත. (රූපය බලන්න.)
ls -l -t -r ls -ltr
ඉහත -t option මගින් file/directory නිර්මාණය (creation) කල හෝ අවසන් වරට වෙනස් කිරීමක් සිදු කල (modification) කාලානුරූප ව (time) නාමාවලි අන්තර්ගතය (directory content) පෙන්වීමට සහ -r option මගින් එහිදී ප්‍රතිලෝම පටිපාටිය (reverse order) අනුගමනය කරන ලෙසට ද දක්වා ඇත.

පහත දක්වා ඇත්තේ option ලෙස word එකක් යොදාගෙන ඇති අවස්ථාවකි. එහි –hide සමග ම =Downloads යන argument එක ලබාදී ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න. එමගින් අවසන් ප්‍රථිපලයේ Downloads directory එක සැඟවීම සිදුවේ.

අවසාන වශයෙන් command එකක් සමග options සහ argument එකවර ලබාදෙන අයුරු දක්වා ඇත.

ls command සමග බහුල වශයෙන් යෙදෙන ඉතා ප්‍රයෝජනවත් options කිහිපයක් පහත දැක්වේ. වරහන් තුළ ඇත්තේ option එක මගින් කෙටිකර දක්වා ඇති වචනයයි.
-a (--all) ⇒ සියලු ම files/directories (සඟවා ඇති ඒවා ද ඇතුළුව) පෙන්වන්න. Linux තුළ . (dot/period) එකකින් පටන් ගන්නා files/directories සැඟව පවතී. -A (--almost-all) ⇒ Current working directory (.) සහ parent directory (..) හැර අනෙක් සියලුම files/directories පෙන්වන්න. -h (--human-readable) ⇒ Files/directories වල ප්‍රමාණය තේරුම් ගැනීමට පහසු වන පරිදි MB (Mega byte) හෝ GB (Giga byte) වලින් දක්වයි. මෙය -l option සමහ පමණක් යොදා ගනී. -S ⇒ Directory content පෙන්වීමේදී file/directory size එකට අනුරූපව පෙළ ගැස්වීම සිදු කරයි. (මෙහි capital S දක්වා ඇත.) -F (--classify) ⇒ Content පෙන්වීමේදී වර්ගීකරණය (file/directory/link) හඳුනා ගත හැකි පරිදි සංකේත දැක්වීම සිදු කරයි.
ls command නිතර ම භාවිතා වන බැවින් හැකි තරම් අභ්‍යාස වල යෙදීමෙන් භාවිතයට හුරුවීම ඉතා වැදගත් ය.