21 – File පිලිබඳ වැඩිමනත් තොරතුරු (Additional Information)

Linux command line තුළ දී ls command සමග -l option ලබාදීමෙන් විස්තරාත්මක තොරතුරු දැන ගැනීමට පිළිවන් බව ‘Commands විශ්ලේෂණය‘ පිලිබඳ පාඩමේදී කියා දුන්නා මතක ඇති. ආධුනික ඔබට එමගින් දිස්වන තොරතුරු එක් වරම තේරුම් ගැනීමට අපහසු විය හැකිය. පහත උදාහරණය උපයෝගී කරගනිමින් ඒ ගැන වැඩි දුරටත් සොයා බලමු.

ls-l
ls -l

මෙය තීරු (columns) 7 කින් සමන්විත වන අතර ඒවා එකින් එක ගෙන බලමු.

1 – ප්‍රවේශන අයිතීන් (access rights) : ගොණු (files) වෙත පිවිසීමට පරිශීලකයන්ට ඇති හැකියාව තීරණය වන්නේ access rights හරහා ය. තනි ඒකකයක් ලෙස දැක්වුව ද එය ප්‍රධාන කොටස් 4කින් යුක්ත වේ. කෙසේ වෙතත් මෙහිදී අපට වැදගත් වන්නේ මුලින් ම දැක්වෙන අක්‍ෂරය (letter) කුමක්ද යන්නයි. එමගින් ගොණු වලට අදාළ වන තොරතුරු පහත පරිදි හඳුනා ගත හැකිය.

- සාමාන්‍ය ගොණු (text සහ binary) නියෝජනය කරයි.
d - ගොණු නාමාවලි (directories) මෙලෙස දැක්වේ.
l - Links හෙවත් ගොණු සඳහා සබැඳුම් මෙමගින් නියෝජනය කෙරේ.

සටහන: මීට අමතර ව භාවිතා වන වෙනත් අක්‍ෂර පිලිබඳ ව file permissions (අවසරයන්) සම්බන්ධ පාඩමක දී ඉගෙන ගනිමු.

2 – දෘඩ සබැඳීන් (hard links) සංඛ්‍යාව : මෙය ආධුනිකයන් සඳහා වැදගත් නොවන බැවින් ඉදිරි ලිපියකදී වැඩිදුර තොරතුරු සාකච්චා කරමු.

3 – ගොණු හිමිකාරිත්වය (file ownership) : සාමාන්‍යයෙන් file එකක හිමිකාරිත්වය (ownership) එය නිර්මාණය කල පරිශීලකයාට (user) හිමිවන අතර අවශ්‍ය නම් වෙනත් අයෙකුට පැවරීමේ හැකියාවද ඇත. මෙහිදී අදාළ හිමිකරුගේ පරිශීලක නාමය (username) දැක්වේ.

4 – සමූහ හිමිකාරීත්වය (group ownership) : Linux මෙහෙයුම් පද්ධතිය (OS) තුළ සෑම පරිශිලකයෙකුම (user) කිසියම් සමූහයකට (group) අයත් වන අතර එක් පරිශීලකයෙකුට සමූහ කිහිපයකට (multiple groups) වුවද සම්බන්ධ වී සිටිය හැකිය. සේවාදායක පරිගණක (server computers) වල පමණක් නොව තනි පුද්ගල පරිගණක (personal computers – PC/ desktops ) වලද මෙසේ Linux මෙහෙයුම් පද්ධතිය යටතේ සමූහ (groups) වලට පරිශීලක ගිණුම් (user accounts) සම්බන්ධ කිරීම සිදුවේ. පරිශීලකයාට අවශ්‍ය නම් තමා විසින් නිර්මාණය කරන ගොණු, සමූහ හිමිකාරීත්වය (group ownership) යටතට පත් කල හැකිය. මෙහි දැක්වෙන්නේ එම හිමිකාරිත්වය දක්වන සමූහ නාමයන්ය (group names). Linux Mint සහ Ubuntu වැනි desktop PC ඉලක්ක කර ඇති Linux නිකුතු (distributions – distros) වල පරිශීලකයාගේ නමින් (username) ම සමූහ නාමයක් (group name) ස්වයංක්‍රිය ව නිර්මාණය වන අතර රූපයේ දක්වා ඇත්තේ එවැන්නකි.

5 – ගොණුවේ ප්‍රමාණය (file size) : මෙය සම්මත ලෙස byte යන ඒකකයෙන් දැක්වෙන අතර ඔබට හුරුපුරුදු Kilobyte (KB), Megabyte (MB) සහ Gigabyte (GB) ඒකක වලින් බලා ගැනීමට අවශ්‍ය නම් -h option එක ලබාදිය හැකිය. නාමාවලි (directories) සහ සබැඳුම් (links) වලදී මෙහි දක්වන අගය අදාළත්වයක් නැත.

6 – වෙනස් කල දිනය සහ වේලාව (modified data/time) : අවසන් වරට ගොණු/නාමාවලි අන්තර්ගතය (file/directory content) වෙනස් කල (modify) වේලාව සහ දිනය දැක්වේ.

7 – ගොණු/නාමාවලි නාමය (file/directory name) : සබැඳි (links) වලදී අදාළ සත්‍ය ගොණුව/නාමාවලිය (file/directory) ->  සලකුණ සමග දක්වයි.

ගොණු  මාදිලිය (file type) හඳුනා ගැනීම

Windows මෙහෙයුම් පද්ධතිය මෙන් නොව Linux හි ගොණු මාදිලිය (file type) හඳුනා ගැනීම සඳහා දිගු නාමය (extension) යොදා නොගනී. මේ නිසා command line භාවිතයේදී බැලූ බැල්මට file එකක් අයත් වන්නේ කිනම් type එකකට ද යන්න අවබෝධ කර ගැනීමට අපහසු විය හැකිය. මෙහිදී අපට මහෝපකාරී වන විධානයක් ඇත. එය file command ලෙස හඳුන්වයි. පහත දැක්වෙන්නේ file command ලබාදිය යුතු රීතිය (syntax) සහ ඊට අදාළ උදාහරණ කිහිපයකි.

file <filename>
file-command
file command

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )