ගොණු සහ නාමාවලි කළමනාකරණයේදී යොදාගන්නා commands පිලිබඳ අද ලිපියෙන් සොයා බලමු. ඒවා පිළිවෙලින් cp (copy), mv (move), mkdir (make directory), rm (remove) සහ ln (link) ලෙස දැක්විය හැකිය.
cp
මෙම command එක මගින් file සහ directories පිටපත් කිරීමේදී යොදාගත යුතු සාමාන්‍ය රීතිය (syntax) පහත දැක්වේ.
cp [-options]
මෙහි source ලෙස copy කර ගැනීමට අවශ්‍ය files/directories ද destination ලෙස copy කල යුතු ස්ථානය ද ලබාදිය යුතුය. File එකක් copy කිරීමේදී destination ලෙස වෙනත් නමක් ලබාදීමෙන් file එක වෙනත් නමකින් copy කරගත හැකිය. පසුගිය පාඩමේ සඳහන් කල පරිදි wildcards භාවිතා කිරීමෙන් වඩාත් පහසුවෙන් files හෝ directories විශාල සංඛ්‍යාවක් එකවර copy කිරීමට පිළිවන. cp commands සමග යෙදෙන වැදගත් options කිහිපයක් පහත දැක්වේ.
-a (--archive) :- files/directories පිටපත් කිරීමේදී ඒවායේ නියම හිමිකාරිත්වය (ownership) සහ අවසරයන් (permissions) සමගින් copy කෙරේ. නැතහොත් copy කිරීම සිදු කරන පරිශීලකයාට ownership ලබාදීම සහ ඊට අදාළ permissions සැකසීම සිදුවේ. -i (--interactive) :- destination හි දැනටමත් copy කරන files එම නමින් ම ඇත්නම් ඒවා උඩින් ලිවීමට (overwrite) අවශ්‍ය දැයි පරිශිලකයාගෙන් විමසා තහවුරු කර ගැනීමක් සිදු කරයි. නැතහොත් කිසිදු විමසීමකින් තොරව files overwrite වීම සිදුවේ. -r (--recursive) :- directories පිටපත් කිරීමේදී අනිවාර්යයෙන් ම මෙම option එක ලබාදිය යුතුය. මෙහිදී directory තුළ තවත් directories ඇත්නම් ඒවාද copy කිරීම සිදු කරයි. -u (--update) :- destination හි නොමැති files හෝ destination හි දැනටමත් පවතින files වලට වඩා අලුත් files පමණක් copy කිරීම සිදුවේ. -v (--verbose) :- copy කිරීමේදී විධානයට යටත් වන (affected) files සහ directories වල විස්තර දක්වමින් විධානය ක්‍රියාත්මක කරයි.
cp command භාවිතා කරන ආකාරය උදාහරණ මගින් පහත දක්වා ඇත.

mv
mv command එකෙහි භාවිතාවන් දෙකක් ඇත. එනම් files/directories තැන්මාරු කිරීම (move) සහ නැවත නම් කිරීමයි (rename). මෙහිදී command එක ලබාදිය යුතු රීතියෙහි (syntax) කිසිදු වෙනසක් නොමැති අතර අවස්ථානුකුල ව move හෝ rename කිරීම සිදුවේ. cp command මෙන් නොව mv command එක directories සමග භාවිතා කිරීමේදී -r option ලබාදීම අවශ්‍ය නොවේ. සියලු ම wildcard characters මෙම command එකට ද මනා සහයෝගයක් දක්වයි. mv command එකෙහි syntax ඉහත cp command හි දැක්වෙන පරිදිම වේ.
mv [-options]
ඉහත cp command හි දක්වන ලද options අතරින් -r යන්න හැර අනෙක් සියල්ල ම mv command සමග ද එලෙසම භාවිතා කල හැකිය. mv command යොදාගන්නා ආකාරය උදාහරණ මගින් පහත දක්වා ඇත.

mkdir
මෙම විධානයෙහි එකම කාර්යභාරය directories නිර්මාණය කිරීමයි. මෙහිදී directory කිහිපයක් වුවද එකවර නිර්මාණය කරගත හැකි අතර wildcards යොදා ගැනීමට නුපුළුවන. command syntax පහත පරිදි වේ.
mkdir <dir2> ...
ඉහත … මගින් ඕනෑම directory names ප්‍රමාණයක් ලබාදිය හැකි බව දක්වා ඇත. මෙම විධානය සමග options එතරම් දුරට භාවිතා නොවන නමුත් ඉතා වැදගත් වන option එකක් ඇත. එනම් directory එකක් තුළ එකක් වශයෙන් ස්ථර (levels) කිහිපයකින් යුතු directories ව්‍යුහයක් සාදා ගැනීමට අවශ්‍ය නම් පහත පරිදි -p option යොදා ගැනීමෙන් අදාළ කාර්යය ඉතා පහසුවෙන් සහ වේගවත් ව ඉටු කරගත හැකිය.
mkdir -p dir1/dir2/dir3
mkdir හි භාවිතාව රූපයෙහි දැක්වේ.

rm
අනවශ්‍ය files සහ directories ඉවත් කිරීම (remove) සඳහා යොදා ගන්නා විධානය මෙයයි. පෙර දැක්වූ -r, -i සහ -v යන options ද rm command සමග භාවිතා කල හැකිය. සාමාන්‍යයෙන් rm command මගින් files/directories ඉවත් කිරීමට පෙර යලිත් වරක් එය තහවුරු කරන ලෙස (confirm) අවවාදාත්මක පණිවුඩයක් දර්ශනය වේ. යම් හෙයකින් ඔබ වැරදි file/directory එකක් ඉවත් කිරීමට විධානය ලබාදී ඇත්නම් එය නිවැරදි කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ. rm command ලබාදීමේදී ඔබට 100% ම සෑහීමකට පත්විය හැකිනම් -f option යොදාගෙන අවවාදාත්මක පණිවිඩය මගහැර එකවරම විධානය ක්‍රියාත්මක කල හැකිය. cp හා mv commands මෙන් wildcards යොදා ගැනීමටද පිළිවන.
ඉතා වැදගත්: command line තුළදී rm command මගින් ඉවත් කරන files/directories තාවකාලික ව හෝ Recycle Bin/Trash වෙත යොමු නොවන නිසා ඉතා ප්‍රවේශමෙන් rm command භාවිතා කිරීමට වග බලාගත යුතුය. මෙසේ ඉවත් කරන files/directories නැවත ලබා ගැනීමේ හැකියාවක් නැත. විශේෂයෙන් wildcards යොදා ගැනීමේදී ඉතා පරික්ෂාකාරී විය යුතුය. උපක්‍රමයක් ලෙස ඔබ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සම්පුර්ණ rm command එකෙහි rm වෙනුවට පළමු ව ls යොදා ඉවත් කිරීමට නියමිත files/directory වල ලැයිස්තුවක් ලබාගන්න. එමගින් වැරදි විධානයක් ලබාදීමෙන් අත්‍යාවශ්‍ය files/directories මැකීයාම වලක්වාගත හැකිය.
rm command භාවිතා කර ඇති උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

ln
Linux ගොණු පද්ධතිය (file system) තුළ files සහ directories වලට කෙටිමං (shortcuts) යෙදීම බහුල ව සිදුවන අතර ඒ සඳහා ln command මහෝපකාරී වේ. මෙසේ shortcuts නිර්මාණය කිරීමෙන් අදාළ files/directories වෙත පහසුවෙන් ලඟාවීමට අමතර ව හවුලේ (shared) භාවිතා වන files යාවත්කාලින (update) කිරීම පහසු වේ. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි ලිපියකින් සාකච්චා කරමු. ln command රීතිය (syntax) සහ උදාහරණ පහතින් දැක්වේ. ln command සමග options කිහිපයක් ම යොදාගත හැකි නමුත් ආධුනික ඔබට වැදගත් වන්නේ -s option එක පමණි. එමගින් files/directory වලට මෘදු සබැඳි (soft links) නිර්මාණය කල හැකිය.
ln -s <link_name>
මෙම විධානය සමගින් wildcards යොදාගත නොහැකිය.
