25 – Command line හි උපකාරක සේවාව

Linux යනු විධාන (commands) විශාල සංඛ්‍යාවකින් සමන්විත මෙහෙයුම් පද්ධතියකි. Commands සමග යෙදෙන options ද විශාල ප්‍රමාණයක් ඇති නිසා තනි පුද්ගලයෙකුට ඒ සියල්ලම මතක තබා ගැනීම අසීරු කරුණකි. මෙහිදී command line හි උපකාරක සේවාව යොදාගෙන commands සහ options සියල්ල මතක තබා ගැනීම වෙනුවට අපට අවශ්‍ය අවස්ථා වල දී පමණක් කිසියම් command එකකින් කෙරෙන කාර්යය සහ ඒ සමග යෙදෙන options පිලිබඳ තොරතුරු ලබාගත හැකිය. මෙම උපකාරක සේවාව විවිධ ආකාර වලින් ලබාගත හැකි අතර එමගින් ලබාදෙන තොරතුරු වල ප්‍රමාණය සහ සවිස්තරාත්මක බව එකිනෙකට වෙනස් ය. මෙසේ එකිනෙකට වෙනස් ආකාර වලින් උපකාර සේවාව ලබා ගැනීමට හැකිවීම නිසා පරිශීලකයාගේ දැනුම හා අවශ්‍යතාවය මත තමාට ගැළපෙන උපකාරකය තෝරා ගැනීමට පිළිවන.

උපකාරක සේවාව ලබාගත හැකි ආකාර සියල්ල ම අද ලිපියෙන් සාකච්චා කෙරෙන අතර පසුගිය ලිපියෙන් දැක්වූ පරිදි විධානය අයත් මාදිලිය (command type) අනුව උපකාර ලබාගත හැකි ආකාර ද වෙනස් වේ.

Shell තුළ අඩංගු විධාන (built-in commands) සඳහා උපකාර ලබා ගැනීම

මේ සඳහා help command සමඟ built-in command එකේ නම ඉදිරියෙන් type කල යුතුය. එවිට command එකෙන් කෙරෙන කාර්යය සහ ඒ සමග යෙදෙන options පිලිබඳ තොරතුරු සියල්ල දර්ශනය වේ. මෙහිදී කිසියම් command එකක් සමග options කිහිපයක් එකවර භාවිතා කල හැකි නම් එය | මගින්  පෙන්වනු ලැබේ. Built-in නොවන commands සඳහා help command භාවිතා කල විට එය සොයාගත නොහැකි බව දක්වමින් විධානය සඳහා ලබාගත හැකි විකල්ප උපකාරක පිලිබඳ කෙටි උපදේශයක් ලබාදේ. (Commands පිලිබඳ ගැඹුරින් හැදෑරීමක් Linux Commands විශ්ලේෂණය ලිපියේ අඩංගු විය.)

help command
help command

Filesystem commands භාවිතාව (usage) පිලිබඳ උපකාර

ඔබට ඉතා ඉක්මනින් Filesystem command එකක භාවිතාව (usage) සහ රීතිය (syntax) පමණක් සැකෙවින් දැන ගැනීමට අවශ්‍ය නම් command name එකට පසුව –help යනුවෙන් type කරන්න.

usage help
usage help

සැ.යු.: සමහර commands මෙම –help සඳහා ප්‍රතිචාර නොදක්වන අතර එවැනි අවස්ථා වලදී දෝෂ සහිත පණිවිඩයක් (error message) දිස්වේ.

Commands සඳහා වන උපකාරක අත්පොත (help manual) භාවිතය

Linux පරිශීලකයන් අතර commands සඳහා උපකාර ලබා ගැනීමේ වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ command එකට අදාළ අත්පොත (manual) පරිහරණය කිරීමයි. මේවා ඉතා විධිමත් ව සවිස්තරාත්මක තොරතුරු අඩංගු වන ලෙස සකස් කර ඇත. Command එකක දීර්ඝ විස්තර හැරුනු විට එහි ප්‍රභේද (variations) සහ සමාන ක්‍රියාකාරිත්වයක් (similar) සහිත වෙනත් commands පිලිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් වේ. මේ නිසා command වල හාත්පස තොරතුරු ද මෙහිදී ඉගෙන ගැනීමට පිළිවන. මෙම අත්පොත් (manuals) කියවීම සඳහා man යනුවෙන් හැඳින්වෙන විශේෂ ක්‍රමලේඛයක් (program) භාවිතා කිරීමට සිදුවන අතර එමගින් අන්තර්ගතය පිටුවෙන් පිටුව (page by page) කියවීමට ඉඩ සලසා දේ. කිසියම් command එකක manual බැලීමට man command සමග command name ඉදිරියෙන් යොදන්න.

man command
man command

සටහන 1: Manual තුළ සාමාන්‍යයෙන් උදාහරණ දක්වා නොමැති අතර ආධුනිකයන්ට කියවා තේරුම් ගැනීමට බොහෝ දුරට අපහසුය. මිට හේතුව manual යන්න නිබන්ධනයක් (tutorial) ලෙස නොව නිර්දේශිත සටහනක් (reference) ලෙස යොදා ගැනීමට නිර්මාණය කර තිබීමයි.

සටහන 2: බොහෝ Linux මෙහෙයුම් පද්ධති වල man command හි පසුබිමින් ක්‍රියාත්මක වන්නේ less command නිසා ඒ සමහ භාවිතා වන keyboard shortcuts මෙහිදී ද වලංගු වේ. less command පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට ගොණු අන්තර්ගතය (content) බලා ගැනීම ලිපියට පිවිසෙන්න.

Manual එකක් සාමාන්‍යයෙන් කොටස් (sections) 8 කට වෙන්කර දක්වා ඇත. කෙසේ නමුත් සියලු manuals වල මෙම කොටස් 8 ම අඩංගු නොවන අතර ඉන් කිහිපයක් පමණක් ඇති manuals ද දැකගත හැකිය. දැන් අප මේ එක් එක් කොටස් පිලිබඳ කෙටියෙන් විමසා බලමු.

  1. User commands (පරිශීලක විධාන) : අප ලබාදෙන command එකෙහි භාවිතාව (usage), රීතිය (syntax), options සහ සැසඳෙන වෙනත් commands මෙම කොටසෙහි විස්තර කර ඇත.
  2. System Calls (පද්ධති ඉල්ලීම්): Commands ක්‍රියාත්මක වීමේදී මෙහෙයුම් පද්ධතියට (operating system) හෝ මද්‍යයට (kernel) කෙරෙන ඉල්ලීම් පිලිබඳ තොරතුරු මෙහි දැක්වේ.
  3. Programing interface to C library: Linux මෙහෙයුම් පද්ධතිය තුළ C නම් ක්‍රමලේඛන භාෂාව (programming language) යොදාගෙන ක්‍රමලේඛ නිර්මාණයේදී commands ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අතුරු මුහුණත පිලිබඳ විස්තර මෙම කොටසේ අඩංගු ය.
  4. Special files and drivers: Commands සඳහා විශේෂිත ගොණු සහ ධාවක ගොණු (driver files) භාවිතාවන් මෙහි දැක්වේ.
  5. File formats: Command එක මගින් යොදා ගන්නා ගොණු ආකෘති (file formats) පිලිබඳ තොරතුරු ඇතුලත් කර ඇත.
  6. Games and screen savers: Command යොදාගෙන ඇති පරිගණක ක්‍රීඩා (games) හෝ තිර සුරැකුම් (screen savers) ඇත්නම් ඒ පිලිබඳ තොරතුරු මෙහි දැක්වේ.
  7. Miscellaneous: විවිධ වූ මිශ්‍රිත තොරතුරු සමූහයක් මෙහි අඩංගු කර ඇත.
  8. System administration commands: පද්ධති කළමනාකරණදී (system administration) සුවිශේෂ වශයෙන් වැදගත් වන කරුණු සහ පසුබිම් ක්‍රියාවලින් (daemons) පිලිබඳ තොරතුරු මෙම කොටසේ දක්වා තිබේ.

ඉහත දැක්වූ කොටස් අතරින් අවශ්‍ය කොටස වෙත ඉක්මනින් පිවිසීමට පහත පරිදි විධානය ලබාදෙන්න. කිසියම් command එකක ඔබ ලබාදුන් section එක අඩංගු නොවේ නම් එය පණිවුඩයක් මගින් පෙන්වා දීම සිදුවේ.

man  

ගැළපෙන commands දර්ශනය කර ගැනීම

ඉහත දැක්වූ ආකාර වලින් උපකාර ලබා ගැනීමට command name දැන සිටීම අත්‍යාවශ්‍යය. නමුත් ඔබට command name අමතක නම් හෝ Linux command line එකට ආධුනික අයෙක් නම් අදාළ command එක සොයා ගැනීමට ද උපකාර අවශ්‍ය වේ. මෙහිදී අපගේ සහායට එන සුවිශේෂ command එකක් ඇත. එය apropos command ලෙස හැඳින්වේ. මෙම command එක මගින් අපට man pages අතර සෙවීම් සිදු කල හැකිය. ඒ සඳහා command සමග අපට සිදුකර ගැනීමට අවශ්‍ය කාර්යයට අදාළ මූලික වචනයක් (keyword) ලබාදීම කල යුතුය. එවිට apropos command මගින් ඊට ගැළපෙන වචන (appropriate words) අඩංගු man pages සියල්ල ලැයිස්තුගත කර දක්වයි. මෙහිදී manual එකෙහි එම වචනය අඩංගු section (වරහන් තුළ) සහ සම්පූර්ණ පේළිය දක්වනු ලැබේ. ඔබට යන්තමින් හෝ command එකේ මුල් අකුරු කිහිපය මතකයේ ඇත්නම් එයද keyword ලෙස ලබාදීමට පිළිවන.

apropos command
apropos command

Command එකක මූලික ව්‍යවහාරය බලා ගැනීම

ඔබට command එකකින් කෙරෙන මූලික කාර්යය සැකෙවින් දැන ගැනීමට අවශ්‍ය නම් whatis command සමග command name ලබාදෙන්න. මෙවිට තනි වාක්‍යයකින් command එකේ මූලික කාර්යය දැක්වේ. මෙහිදී වැරදි command name එකක් ලබාදුන් විට ලැබෙන පිළිතුර ද ඉතා සිත්ගන්නා සුළුය.

whatis command
whatis command

GNU උපකාරක සේවාව

GNU (නු) නමින් හැඳින්වෙන විවෘත කේත මෘදුකාංග ව්‍යාපෘතිය (opensource project) මගින් වෙනස් ලෙස නිර්මාණය කරන ලද උපකාරක සේවාවක් ද command line හි අන්තර්ගත කර ඇත. ඒ වෙත පිවිසීම සදහා info command ක්‍රියාත්මක කල හැකිය. මෙහිදී info command ඉදිරියෙන් command name ලබා දීම කල යුතුය. man pages හා සැසඳීමේදී info command මගින් ලබාදෙන තොරතුරු දීර්ඝ නමුත් සරළ ලෙස දක්වා ඇත. තවද එහි වෙනත් පිටු වලට පිවිසිය හැකි සබැඳි (links) දක්වා ඇත. මෙය ඔබට හුපුරුදු වෙබ් පිටු (web pages) ගවේෂණයට සමාන ක්‍රියාවලියකි.

info command
info command

info command සමග යෙදෙන keyboard shortcuts පහතින් දක්වා ඇත.

? - info command හි උපකාරක සේවාව
Page Up හෝ ←Backspace - පෙර පිටුවට (previous page) පිවිසීම
Page Down හෝ Spacebar - ඊළඟ පිටුවට (next page) පිවිසීම
n - (සබැඳි ලැයිස්තුවක) ඊළඟ සන්දිස්ථානයට (next node) පිවිසීම
p - පෙර  සන්දිස්ථානයට (previous node) පිවිසීම
u - පූර්ව සන්දිස්ථානයට (parent node) පිවිසීම
 - සබැඳියෙන් දැක්වෙන පිටුවට පිවිසීම (follow the hyperlink)
q - විධානයෙන් ඉවත්වීම (quit)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )