Tab යතුර භාවිතයෙන් පූරණය කිරීම (completion)
Shell හරහා අප විසින් commands ලබා දීමේදී සම්පූර්ණ වචන type කිරීම වෙනුවට ඉන් කොටසක් ඇතුලත් කල පසු වචනය පූරණය (word completion) කිරීමේ හැකියාව පවතී. මේ සඳහා වචනයෙහි ආරම්භක අකුරු කිහිපය type කිරීමෙන් පසු Tab key එබීමෙන් අදාළ වචනය පූරණය වීම සිදුවේ. යම් හෙයකින් අප type කල අකුරු වලට ගැළපෙන වචන කිහිපයක් ඇත්නම් මෙලෙස පූරණය වීම සිදු නොවන අතර නැවත වරක් Tab key එබීමෙන් ඒවා ලැයිස්තුවක් ලෙස පහතින් දැක්වේ. එම ලැයිස්තුවට යටින් අප type කල කොටස සමග command-line prompt (ප්‍රේරකය) නැවතත් දර්ශනය වන නිසා අපට අවශ්‍ය වචනය තෝරා ගැනීමට තව දුරටත් type කරගෙන යාම කල හැකිය. Command name එකක් නිවැරදි ව මතකයේ නොමැති විට මෙමගින් ලැබෙන උපකාරය ඉතා අගනේය. තවද type කල යුතු ප්‍රමාණය අවම වන නිසා වේගවත් ව commands ඇතුලත් කල හැකිවේ.
Tab යතුර භාවිතයෙන් පූරණය කරගත හැකි වචන ප්‍රධාන කොටස් 4කට බෙදෙන අතර shell මගින් මේවා ස්වයංක්‍රීය ව වෙන් වෙන් වශයෙන් හඳුනා ගනී. ඒ සඳහා shell මගින් අප වචනය type කිරීම ආරම්භ කරන මුල් සංකේතය (symbol) හෝ අක්ෂරය (character) යොදා ගනී. Shell මෙලෙස මගින් වචන හදුනා ගන්නා ආකාරය සහ පූරණය කල හැකි වචන මොනවාදැයි පහත සවිස්තර ව දක්වා ඇත.
- Commands, aliases සහ functions (විධාන, අන්වර්ථ නාම සහ ශ්‍රිත) – සාමාන්‍ය අක්ෂර (characters) වලින් පටන් ගන්නා වචන මෙලෙස හඳුනා ගැනීම සිදුවේ.
- Variables (විචල්‍යයන්) – $ සංකේතයෙන් ආරම්භ වන සියල්ල ම විචල්‍යයන් ලෙස shell මගින් හඳුනා ගනී.
- Usernames (පරිශීලක නාමයන්) – ~ සමග ආරම්භ වන්නේ පරිශීලක නාමයන් ය. උදාහරණයක් ලෙස ~indikau යන්නෙන් indikau පරිශීලකයාගේ නිවස්න නාමාවලිය (home directory) නියෝජනය වේ.
- Hostnames (සත්කාරක පරිගණක නාමයන්) – පරිගණක වලට නාමයන් ලබාදී ඇත්නම් @ සලකුණ සමහ type කිරීමෙන් ඒවා පූරණය කරගත හැකිය. මෙම කාර්යය සඳහා /etc/hosts පාඨ ගොණුවෙහි (text file) ඇති ලැයිස්තුව යොදාගනී.
මේ එක් එක් භාවිතයන් සඳහා උදාහරණ පහත රූප සටහනෙහි දැක්වේ.

Command-line සංස්කරණය (editing) සඳහා කෙටිමං (shortcuts) භාවිතය
සාමාන්‍යයෙන් commands සංස්කරණයේදී arrow keys භාවිතා කරමින් අවශ්‍ය ස්ථානය වෙත cursor ගෙනගොස් Delete/Backspace keys එබීමෙන් එය සිදුකල හැකිය. නමුත් මෙහිදී keyboard හි දෑත තබාගන්නා සම්මත පිහිටුම වන home key position එකෙන් ඉවත් වීමට සිදුවන නිසා එය තරමක් කරදරකාරී කටයුත්තකි. තවද touch typing හුරු අයට දෑත සම්මත පිහිටුමෙන් ඉවත් කිරීමට සිදුවීම දීර්ඝ ලෙස type කිරීමේදී මහත් අපහසුවකි. Commands සංස්කරණයේදී පාඨ (text) cut/copy/paste කිරීම සඳහා Windows පරිසරයේදී මෙන් mouse භාවිතා කිරීම සිදුකල නොහැකි අතර ඔබට හුරුපුරුදු (Ctrl+C, Ctrl+X, Ctrl+V) keyboard shortcuts මෙහිදී වෙනත් කාර්යයන් සඳහා යොදා ගනී. මේ නිසා touch typing හැකියාව ඇති වෘත්තිමය පරිගණක පරිශීලකයන් ඉලක්ක කර ඉතා පහසුවෙන් command edit කිරීම සඳහා command line නිර්මාණය කර ඇත. මේ යටතේ cursor හැසිරවීම (movement), text editing සහ text cut/paste කිරීම සඳහා වඩාත් නම්‍යශීලි ලෙස keyboard shortcuts නිර්මාණය කර තිබේ. පහත වගු වලින් ඒවා ලැයිස්තුගත කර දක්වා ඇත.
යතුරු සුසංයෝගය (Keystroke) | දීර්ඝ නාමය (Full name) | කාර්යය (Action) |
Ctrl + F | Character forward | එක් අකුරක් ඉදිරියට ගෙනයාම |
Ctrl + B | Character backward | එක් අකුරක් පසුපසට ගෙනයාම |
Alt + F | Word forward | එක් වචනයක් ඉදිරියට ගෙනයාම |
Alt + B | Word backward | එක් වචනයක් පසුපසට ගෙනයාම |
Ctrl + A | Beginning of line | පේළියේ මුලට ගෙනයාම |
Ctrl + E | End of line | පේළියේ අගට ගෙනයාම |
Ctrl + L | Clear screen | තිරය හිස් කිරීම |
යතුරු සුසංයෝගය (Keystroke) | දීර්ඝ නාමය (Full name) | කාර්යය (Action) |
Ctrl + D | Delete current character | Cursor එක පිහිටි අකුර මැකීම |
Backspace ← | Delete previous character | Cursor එකට පෙර පිහිටි අකුර මැකීම |
Ctrl + T | Transpose characters | Cursor එක පිහිටි අකුර සහ ඊළඟට ඇති අකුර අතර මාරු කිරීම |
Alt + T | Transpose words | Cursor එක පිහිටි වචනය සහ ඊළඟ වචනය අතර මාරු කිරීම* |
Alt + U | Uppercase word | Cursor පිහිටි ස්ථානයේ සිට ඉදිරියට ඇති අකුරු capital කිරීම** |
Alt + L | Lowercase word | Cursor පිහිටි ස්ථානයේ සිට ඉදිරියට ඇති අකුරු simple කිරීම** |
Alt + C | Capitalize word | Cursor පිහිටි ස්ථානයේ අකුර capital කිරීම** |
Ctrl + V | Insert special character | විශේෂිත අකුරු ඇතුලත් කිරීම*** |
* Terminal window එකේදී ක්‍රියාත්මක නොවේ.
** ක්‍රියාත්මක කිරීමෙන් පසු ස්වයංක්‍රීය ව cursor වචනයේ අගට පැමිණේ. Full name හි දක්වා ඇති ක්‍රියාව ඉටු කරගැනීමට cursor එක වචනයේ මුලින් තබා ක්‍රියාත්මක කරන්න.
*** උදා: Tab අකුර ඇතුලත් කිරීමට Alt+V+Tab ඔබන්න.
යතුරු සුසංයෝගය (Keystroke) | දීර්ඝ නාමය (Full name) | කාර්යය (Action) |
Ctrl + K | Cut to end of line | Cursor පිහිටි ස්ථානයේ සිට පේළියේ අග දක්වා වචන cut කිරීම |
Ctrl + U | Cut to beginning of line | Cursor පිහිටි ස්ථානයේ සිට පේළියේ මුල දක්වා වචන cut කිරීම |
Ctrl + W | Cut previous word | Cursor පිහිටි ස්ථානයේ සිට වචනයේ මුල දක්වා cut කිරීම* |
Alt + Backspace ← | Cut previous word | Cursor පිහිටි ස්ථානයේ සිට වචනයේ මුල දක්වා cut කිරීම* |
Alt + D | Cut next word | Cursor පිහිටි ස්ථානයේ සිට වචනයේ අග දක්වා cut කිරීම** |
Ctrl + Y | Paste recent text | අවසානයට cut කල text එක cursor පිහිටි ස්ථානයේ ඇලවීම (paste) |
Alt + Y | Paste earlier text | අවසානයට පෙර cut කල text ඇලවීම*** |
Ctrl + C | Delete whole line | සම්පුර්ණ පේළිය මකා දැමීම**** |
* වචනය සම්පුර්ණයෙන් cut කිරීමට cursor වචනයේ අගින් තබා ක්‍රියාත්මක කරන්න.
** ඊළඟ වචනය සම්පුර්ණයෙන් cut කිරීමට වචන දෙක අතර හිස්තැන මත cursor තිබිය යුතුය.
*** සමහර අවස්ථා වලදී ක්‍රියාත්මක නොවේ.
**** පේළිය මැකීම වෙනුවට දැනට type කල විධානය ක්‍රියාත්මක නොකර ඉවත් වීමද සිදුවිය හැකිය.
සටහන: ඉහත දැක්වූ keyboard shortcuts ක්‍රියාත්මක වන්නේ command-line හි සම්මත (default) text editor ලෙස emacs editor සකස් කර ඇත්නම් පමණි.