26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (3 කොටස)

Commands කිහිපයක් එකවර ක්‍රියාත්මක කිරීම

Command line හි සුවිශේෂත්වයන් අතර commands කිහිපයක් එකවර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඉතා වැදගත් සාධකයක් ලෙස දැක්වීමට පිළිවන. මෙහිදී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට commands ක්‍රියාත්මක කල හැකිය. එනම්, එක් විධානයක (command) ප්‍රථිපලය (result) හෝ ප්‍රතිදානය (output) තවත් විධානයක ආදානය (input) ලෙස ලබාදීම හෝ විධාන කිහිපයක් පිළිවෙලින් (sequence) ක්‍රියාත්මක කිරීම වශයෙනි. මෙම දෙයාකාරයෙන් commands ක්‍රියාත්මක කිරීමට පිළිවෙලින් | (pipe) සහ ; (semi-colon) යන සංකේත යොදාගනිමින් commands ලබාදීම සිදු කෙරේ.

සටහන: Keyboard එකෙහි බොහෝ අවස්ථාවලදී | සංකේතය type කිරීමට Shift key සමග \ key එබීම කල යුතුය.

| (pipe) යොදා ගනිමින් commands එකතුවක් ක්‍රියාත්මක කිරීම

මෙහිදී commands දෙකක් අතර | යෙදීමෙන් පෙර යෙදෙන command එකෙහි ප්‍රථිපලය/ප්‍රතිදානය (result/output) පසුව යෙදෙන command එකට යොමු කිරීම සිදුවේ. මෙසේ | සමග commands කිහිපයක් එකතු කර සංකීර්ණ කාර්යයන් ඉටුකර ගැනීමට පිළිවන.

ls home/indikau/CMS/ | sort | less
ඉහත දැක්වෙන ආකාරයට විධාන ලබාදුන් විට පරිශීලකයාගේ CMS directory හි අන්තර්ගතය
අකාරාදී පිළිවෙලින් (sort) පිටුවෙන් පිටුව (paged) දක්වයි.

සංකීර්ණ කාර්යයන් සඳහා | (pipe) යොදාගන්නා ආකාරය ඉදිරි ලිපිවලදී සාකච්චා කෙරේ.

; (semi-colon) සමගින් විධාන පෙළක් (commands sequence) ක්‍රියාත්මක කිරීම

| යොදාගනිමින් commands ක්‍රියාත්මක කිරීමේදී commands අතර එක් එක් command හි result/output ගලායාමක් සිදුවන අතර commands සියල්ල එකවර ක්‍රියාත්මක වීමෙන් පසු අවසන් ප්‍රථිපලය (result) පමණක් දැකගත හැකිය. මෙහිදී කිසිම අවස්ථාවක අතරමැදි ක්‍රියාවලියේ ප්‍රථිපල දැකගැනීමට නුපුළුවන. නමුත් සමහර අවස්ථා වලදී commands කිහිපයක් පිළිවෙලින් ක්‍රියාත්මක කර එක් එක් ප්‍රථිපලයන් සමගින් අවශ්‍ය කාර්යය ඉටුකර ගැනීමට අවශ්‍ය විය හැකිය. මේ සඳහා අවශ්‍ය commands කිහිපය ; (semi-colon) මගින් වෙන්කර දැක්වීමෙන් අපගේ අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබේ. මෙහිදී commands අතර ප්‍රථිපල ගලායාමක් සිදු නොවේ. ; යොදාගෙන commands කිහිපයක් පිළිවෙලින් ක්‍රියාත්මක කර ඇති ආකාරය උදාහරණයක් මගින් පහත දැක්වේ.

semi-colon usage
semi-colon usage

Commands පසුබිමින් ක්‍රියාත්මක කිරීම

සාමාන්‍යයෙන් command එකක් ලබාදුන් පසු එය ක්‍රියාත්මක වී අවසන් වනතුරු command prompt (ප්‍රේරකය) දර්ශනය නොවන නිසා එතෙක් වෙනත් commands ලබාදීමට නොහැකිය. සමහර අවස්ථා වලදී command එකෙහි ප්‍රතිදානය (output) අපට වැදගත් නොවිය හැකි අතර ක්‍රියාත්මක වීමට දිගු වෙලාවක් ගතවන command එකක් ලබාදුන් පසු එය තවදුරටත් අපගේ කටයුතු වලට වැදගත් නොවීමට පුළුවන. මේ නිසා අපගේ කාර්යයන් දිගටම කරගෙන යාමට commands පසුබිමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පැනනගී. මෙසේ පසුබිමින් commands ක්‍රියාත්මක කිරීමට හැකිවීමෙන් terminal කිහිපයක් විවෘත කරගෙන ඒවා අතර මාරුවෙමින් commands ලබාදීමට වැයවන කාලය ඉතිරි කරගත හැකිය. Linux මෙහෙයුම් පද්ධතියෙහි බොහෝ කටයුතු මෙසේ පසුබිමින් ක්‍රියාත්මක වනු දැකිය හැකිය. කිසියම් command එකක් පසුබිමින් ක්‍රියාත්මක කිරීමට command එක අගට & (ampersand) එක් කිරීම කල හැකිය. Command එකක් පසුබිමින් ක්‍රියාත්මක වීමේදී අප commands ලබාදෙන පිළිවෙලින් අංකයක් (job number) ලබාදීම සිදුවේ. එමගින් commands කිහිපයක් පසුබිමින් ක්‍රියාත්මක වන විට ඒ එක එකක් වෙන්කර හදුනා ගැනීමට ඉඩ සැලසේ.

පසුබිමින් ක්‍රියාත්මක වන commands පෙරට ගැනීමට fg command යොදාගත හැකිය. මෙහිදී fg ලෙස පමණක් ලබාදීමෙන් අවසානයට ලබාදුන් පසුබිම් විධානය (background command) පෙරට ගැනීම සිදුවන අතර fg සමග ඉලක්කමක් (job number) ලබා දීමෙන් ඊට අනුරූප පසුබිම් විධානය පෙරට පැමිණේ. දැනටමත් command line හි පසුබිමින් commands ක්‍රියාත්මක වේදැයි බලා ගැනීමට සහ එසේ ඇත්නම් එක් එක් පසුබිම් විධානයට අනුරූප job number දැන ගැනීමට jobs command එක යොදාගත හැකිය. පහත උදාහරණයෙන් දැක්වෙන්නේ මේ එක් එක් commands යොදාගන්නා ආකාරයයි.

background commands
background commands

සටහන 1: පසුබිම් විධානයෙහි ප්‍රතිදානය (output) අවහිරයක් නම් Ctrl + L මගින් තිරය මකාදමා පිරිසිදු කරගැනීම හෝ එබීමෙන් output එක මගහැර යාම (ignore) කල හැකිය.

සටහන 2: කිසියම් terminal එකකින් ලබාදුන් පසුබිම් විධාන (background commands) terminal එකෙන් ඉවත් වූ පසුව ද ක්‍රියාත්මක වන නිසා ඒවා නිසි පරිදි වසා දැමීමට වගබලාගත යුතුය.

Command එකකින් ඉවත්වීම

දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින command එකක් වහාම නවතා දැමීමට හෝ command line හි type කල යමක් අතරමගදී නොසලකා හැරීමට අවශ්‍ය නම් Ctrl + C යතුරු සුසංයෝගය භාවිතා කල හැකිය. මෙය පසුබිමින් ක්‍රියාත්මක වන commands සඳහා උපයෝගී නොවන බැවින් එවැනි අවස්ථාවකදී පළමුව fg command මගින් අදාළ command එක පෙරට ගැනීම කල යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )