top
top command මගින් process වල තත්ත්වය (status) සජීව ලෙසම බලා ගැනීමට පිළිවන. මේ නිසා කිසියම් කාල සීමාවක් තුළ process status බලා ගැනීමට වරින් වර ps command ලබාදීම අවශ්‍ය නොවේ. Command ලබාදුන් පසු අප විසින් නතර කරන තෙක් එය ක්‍රියාත්මක වන අතර යතුරු පුවරුව (keyboard) භාවිතා කරමින් විවිධාකාරයෙන් අවශ්‍ය තොරතුරු දර්ශනය කර ගැනීම සහ පාලනය කිරීම කල හැකිය. top command හි ප්‍රතිදානය (output) පහත දක්වා ඇත.

මෙහි මුලින් ම සාරාංශගත (summery) තොරතුරු දැක්වේ. මෙය පේළි (lines) 5කින් යුක්තය. මේ එක් එක් පේළියෙහි දැක්වෙන තොරතුරු විස්තරාත්මකව බලමු.
1 පේළිය top - command name 08:39:58 - වෙලාව (පැය 24) up 1:01 - පරිගණකය පණගැන්වූ මොහොතේ සිට ක්‍රියාත්මක වූ සම්පූර්ණ කාල සිමාව(up time) 1 user - පරිගණකය දැනට භාවිතා කරන පරිශීලකයන් ගණන (logged in users) load average - මුළු process ගණනට CPU භාවිතා කරන process ගණන දක්වන අනුපාතය. පිළිවෙලින් පසුගිය තත්පර 60, මිනිත්තු 5 සහ මිනිත්තු 15 යන කාල සිමාවන් සඳහා අනුපාතයන් දැක්වේ. මෙහි 1ට අඩු අගයක් ඇත්නම් CPU කාර්යබහුල නොවේ.
2 පේළිය Tasks - විවිධ ක්‍රියාත්මක අවස්ථාවල (states) සිටින process ගණන 220 total - මුළු process ගණන 1 running - ධාවන තත්ත්වයේ (running state) පවතින process ගණන 219 sleeping - නිද්‍රාශීලීව රැඳී සිටින process ගණන (වැඩි විස්තර සඳහා පසුගිය ලිපිය බලන්න) 0 stopped - නවත්වා ඇති process ගණන 0 zombie - හුදෙකලා වී ඇති process ගණන
3 පේළිය %Cpu(s) - CPU (එකක් හෝ වැඩි ගණනක) භාවිතය ප්‍රතිශතයක් ලෙස (සම්මත ලෙස සමස්තය දැක්වේ). 2.7 us - පරිශීලකයන්ගේ ක්‍රියාවලි (user processes) සඳහා CPU භාවිතාව 1.2 sy - මෙහෙයුම් පද්ධතියේ හෙවත් kernel (මධ්‍යයේ) හි CPU භාවිතාව 0.0 ni - අඩු ප්‍රමුඛතා ඇති (low priority - nicer) process මගින් CPU භාවිතය 96.0 id - CPU අක්‍රියව සිටින ප්‍රමාණය 0.1 wa - ආදාන/ප්‍රතිදාන (input/output) සදහා රැඳී සිටින ප්‍රමාණය
සටහන: CPU එකකට වඩා ඇත්නම් ඒවායේ තොරතුරු වෙන වෙනම බලා ගැනීමට යතුරු පුවරුවේ (keyboard) 1 ඉලක්කම ඔබන්න. නැවත 1 එබීමෙන් යළිත් සමස්ත තොරතුරු පමණක් දැක්වේ.
4 පේළිය Kib Mem - භෞතික මතකය (physical memory) භාවිතාව (Kilobytes වලිනි). total, free, used - පිළිවෙලින් සම්පූර්ණ, නිදහස් සහ භාවිතාවේ ඇති මතක ප්‍රමාණයන් දැක්වේ.
5 පේළිය Kib Swap - තාවකාලිකව දෘඩ තැටිය (hard disk) සමග හුවමාරු කරගන්නා මතකයේ (swap memory) භාවිතාව. total, free, used - පිළිවෙලින් සම්පූර්ණ, නිදහස් සහ භාවිතාවේ ඇති හුවමාරු මතක ප්‍රමාණයන් දැක්වේ.
සාරාංශගත තොරතුරු වලට යටින් වගුවක් (table) ලෙස process ලැයිස්තුවක් (list) දැකගත හැකිය. Summery සහ process list ගතිකව (dynamic) යාවත්කාලීන (update) වේ. Process list හි අමතර වශයෙන් දැක්වෙන තීරු (columns) පහත විස්තර කර ඇත.
PR (PRiority) - process එකට මෙහෙයුම් පද්ධතිය මගින් ලබාදී ඇති ප්‍රමුඛතාව (priority) දැක්වේ. NR (NiceR) - CPU සහ memory අඩුවෙන් භාවිතා කිරීමට ඇති හැකියාව දක්වයි. මෙහි ඍණ (negative) අගයක් ඇත්නම් CPU සහ memory භාවිතය වැඩි process එකකි. VIRT (VIRTual memery size) - process එක මගින් භාවිතා කරන සතයාසන්න (virtual) මතකයේ ප්‍රමාණය දැක්වේ. RES (RESident memory size) - process එක මගින් භාවිතා කරන භෞතික (physical) මතකයේ ප්‍රමාණය දැක්වේ. SHR (SHaRed memeory) - process එක මගින් හවුලේ භාවිතා කරන මතකයේ ප්‍රමාණය දැක්වේ. S (Status) - ps command විස්තරය බලන්න.
රූපමය වශයෙන් process පිලිබඳ තොරතුරු බලා ගැනීමට Linux Mint හි System Monitor උපකාරී වේ. ඒ සඳහා Mint මෙනුවෙහි Administration යටතේ ඇති System Monitor තෝරාගන්න. මෙහි පළමු කොටස Process ලෙස දැක්වෙන අතර එය top command හා සමානව වගුවක ආකාරයට process list දක්වයි. Resources ලෙස දැක්වෙන කොටසෙහි ප්‍රස්තාර (charts) මගින් පරිගණකය සතු සම්පත් (resources) භාවිතය දැක්වේ. තෙවනුව දැක්වෙන්නේ process මගින් ගොණු පද්ධතිය (file system) භාවිතා වන ආකාරයයි.

top command පාලනය පිලිබඳ උපකාරක තොරතුරු ලබා ගැනීමට h අකුර ඔබන්න. නැවත h එබීමෙන් තොරතුරු වලට පිවිසිය හැකිය. Command එකෙන් ඉවත්වීම සඳහා q අකුර ඔබන්න.