Process Management යටතේ අප පසුගිය ලිපියේ සාකච්චා කල commands මගින් process වල සෘජු ක්‍රියාකාරිත්වයට සිදුවන බලපෑම අවමය. වඩාත් පාලනයක් සහිත ව process සමග කටයුතු කිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය හරහා process වලට පාලන සඥාවන් (control signals) යැවීමට හැකියාව ඇත. මෙහෙයුම් පද්ධතිය තුළ මෙම පාලන සංඥා (control signals) නිරූපනය සඳහා ඉලක්කම් (numbers) හෝ නියතයන් (constants) යොදාගනී. බහුල ව යොදාගන්නා control signals කිහිපයක් පිලිබඳව පහත වගුවෙහි දක්වා ඇත.
kill
ඉහත දැක්වූ සංඥා process වෙත යැවීමට kill command යොදාගනී. මෙහිදී kill command සමග process (PID – Process ID) සහ signal එක (සංඛ්‍යාත්මක අගය හෝ නියතය) – සලකුණ සමග ලබාදීම කල යුතුය. Signals නියතයන් (constants) මගින් ලබාදීමේදී ඊට ඉදිරියෙන් SIG යන අක්ෂර යෙදීමේ හැකියාවද ඇත. PID බලාගැනීම සඳහා පෙර ලිපිවල සාකච්චා කල විවිධ commands යොදාගත හැකිය. අවශ්‍ය නම් PID කිහිපයක් ලබාදීමෙන් එකම සංඥාව (signal) process කිහිපයකට යැවීමට පිළිවන. kill command සමග යෙදෙන සියලුම signals වල ලැයිස්තුවක් බලාගැනීමට kill -l ලෙස ලබාදෙන්න. Command යොදාගන්නා ආකාරය පිලිබඳ උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ.


killall
එකම ක්‍රමලේඛයට (program) අදාළ ව ක්‍රියාත්මක වන process කිහිපයකට signals යැවීම සඳහා killall command යොදාගනී. මේ සඳහා command එක ලබාදිය යුතු රීතිය (syntax) පහත දැක්වේ. මෙහිදී අවශ්‍ය නම් පරිශීලක නාමයක්ද (-u සමග) ලබාදිය හැකිය.
killall [-u username] -SIGNAL program-name

pstree (process tree)
Process ලැයිස්තුව ගසක අතු බෙදීයන ආකාරයට ප්‍රධාන ක්‍රියාවලිය (main/parent process) මගින් ආරම්භ කල අනු ක්‍රියාවලීන් (sub/child process) සමග දක්වයි. pstree command හි ප්‍රතිදානයෙන් කොටසක් පහත රූප සටහනේ දැක්වේ.

vmstat (virtual memory statistics)
පරිගණකයේ විවිධ සම්පත් (CPU, memory, hard disks) භාවිතා වන ආකාරය පිලිබඳ ක්ෂණික විස්තරයක් බලාගැනීමට යොදාගත හැකිය. Command එක සමග ඉලක්කමක් යෙදීමෙන් ඊට සමාන තත්පර ගණනක කාල ප්‍රාන්තර (time intervals) තුළදී නැවත නැවතත් විස්තර දර්ශනය වේ. Ctrl + C එබීමෙන් command එකෙන් ඉවත්විය හැකිය.

මේ සමගින් process management සම්බන්ධ ලිපි පෙළ අවසන් වේ.
super
කැමතියිකැමතියි