Command Line තුළ විචල්‍යයන්හි (variables) අගයන් වෙනස් කිරීම
Shell තුළදී තාවකාලිකව (temporarily) විචල්‍යයක (variable) අගය වෙනස් කිරීමට export command යොදාගත හැකිය. ඒ සඳහා පහත රීතියට අනුකූලව විධානය (command) ලබාදිය යුතුය.
export variable_name="value"
මෙහිදී අප ලබාදෙන අගය සංඛ්‍යාත්මක අගයක් නොවේනම් එය “” (double quotes) තුළ ඇතුළත් කිරීම අවශ්‍ය ය. Command line හිදී නව විචල්‍යයන් නිර්මාණය කර ඒවාටද තාවකාලික අගයන් ලබාදිය හැකිය. මෙසේ අප ලබාදෙන තාවකාලික අගයන් shell එකෙන් ඉවත් වූ පසු මැකීයන අතර ස්ථාවර විචල්‍යයන් නැවත පෙර අගයන් ම ලබාගනී. export command සඳහා උදාහරණ පහත දැක්වේ.

අන්වර්ථ නාමයන් (aliases) නිර්මාණය
Commands සඳහා අන්වර්ථ නාමයන් (aliases) නිර්මාණය කිරීම මූලික ලෙස ආකාර දෙකකින් ප්‍රයෝජනවත් වේ.
- දීර්ඝ ලෙස type කිරීමට සිදුවන commands කෙටිකර දැක්වීම.
- Command name පමණක් ලබාදුන් විට නිතර යෙදෙන විකල්පයන් (options) සමග command ක්‍රියාත්මක කිරීම.
අන්වර්ථ නාම (alias) නිර්මාණය සඳහා alias command යොදාගනී. මෙහිදී නාමය සඳහා command එකේ නම ලබාදුනහොත් command ක්‍රියාත්මක වීමේදී alias සමග ඇති විකල්පද (options) ස්වයංක්‍රීයව යෙදේ. alias command හි රීතිය පහත පරිදි වේ.
alias name='command options'
Shell තුළ දැනටමත් යෙදෙන alias බලාගැනීමට alias command පමණක් තනිව ලබාදිය හැකිය. alias command සඳහා උදාහරණ පහත දැක්වේ.

ඉහත අප නිර්මාණය කල alias ද shell එකෙන් ඉවත් වූ පසු මැකීයයි. ස්ථාවර ලෙසම variables වල අගයන් වෙනස් කිරීමට සහ alias නිර්මාණය කිරීමට Linux මෙහෙයුම් පද්ධතිය තුළ සැකසුම් ගබඩා කර ඇති පාඨ ගොණු (text files) වෙනස් කිරීමට සිදුවේ. පසුගිය ලිපියේ මෙසේ සැකසුම් අඩංගු වන විවිධ files පිලිබඳ තොරතුරු දැක්වූවා ඔබට මතක ඇති. මෙම පාඨ ගොණු (text files) සංස්කරණය (editing) command line තුළදී ම සිදුකළ හැකි අතර ඒ යොදාගන්නා ක්‍රමලේඛ (programs) text editors හැඳින්වේ. මීළඟ ලිපියෙන් command line තුළ යොදාගන්නා text editors පිලිබඳ ගැඹුරින් තොරතුරු සොයා බලමු.