32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (2 කොටස)

vi(m) Editor

විශේෂාංග ගණනාවකින් සමන්විත (feature rich) වේගවත් (fast) සහ නම්‍යශීලි (flexible) පාඨ සංස්කරණ (text editor) මෘදුකාංගයක් ලෙස vi (visual editor) හඳුන්වාදීමට පිළිවන. ආරම්භයේදී vi නමින් හැඳින්වුණු නමුත්, පසුව විවිධ වැඩිදියුණු කිරීම් සිදුකර vim (vi improved) ලෙස නැවත නිර්මාණය කර තිබේ. මේ නිසා බොහෝ Linux නිකුතු (distributions) වල command line හි වර්තමානයේ භාවිතා වන්නේ vim editor ය. තවද vi command ලබාදුන් විට ඒ වෙනුවට ස්වයංක්‍රියව vim editor දියත්වන (launch) ආකාරයට සැකසුම් සිදුකර ඇත.

vi පිලිබඳ සියලු තොරතුරු සහ විශේෂාංග සාකච්චා කිරීමට ලිපි විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වන නිසා මෙහිදී අප සලකා බලනු ලබන්නේ vi හි මූලික කරුණු සහ දෛනික කටයුතු සිදු කිරීමේදී vi යොදාගත හැකි ආකාරයයි. කෙසේ වෙතත් vi මෘදුකාංගය text editing පමණක් නොව පරිපූර්ණ ලෙස ක්‍රමලේඛනය (programming) සඳහාද යොදාගත හැකිවන ලෙස නිර්මාණය කර තිබේ. විවිධ ක්‍රමලේඛන භාෂා (programming languages) වල රීතින් ඉස්මතුකර දැක්වීම (syntax highlighting) ආදී බොහෝ විශේෂාංග vi හි අඩංගු වන අතර එකවර ගොණු කිහිපයක් වුවද සංස්කරණය කිරීමට හැකියාව ඇත.

vi ක්‍රමලේඛය (program) පරිගණක යතුරු පුවරුව (keyboard) පමණක් යොදාගනිමින් text editing සඳහා නිර්මාණය කර ඇති අතර විධාන (commands) ලබාදීමද යතුරු පුවරුව (keyboard) මගින් කල හැකිය. මෙය දීර්ඝ ලෙස යතුරු ලියනය (typing) කිරීමේදී ඉතා පහසුවකි.

vi ක්‍රියාත්මක කිරීම (executing) සහ ඉවත්වීම (exiting)

vi ක්‍රියාත්මක කිරීම command line තුළ පහත රීතියට (syntax) අනුව කල හැකිය. මෙහිදී අවශ්‍ය නම් පමණක් සංස්කරණය (edit) කිරීමට අවශ්‍ය ගොණු නාමය (filename) ලබාදීමට පිළිවන.

vi [file_name]

මෙහිදී filename සමග vi command ලබාදුන් විට ගොණු අන්තර්ගතය (file content) පෙන්වන අතර එසේ නොමැතිනම් පහත රූපයේ දැක්වෙන පරිදි කුඩා විස්තරයක් දක්නට ලැබේ. ඔබ ලබාදුන් filename යටතේ දැනටමත් ගොණුවක් නැත්නම් හිස් තිරයක් දිස්වේ. (වෙනත් commands වල පරිදි මෙහිදීද filename එකකට වඩා ලබාදීමට පිළිවන.)

vi(m) welcome window
vi(m) welcome window

vi තුළින් ඉවත්වීමට :q ලෙස type කරන්න. යම් හෙයකින් vi ක්‍රියාත්මක කලපසු අතපසුවීමකින් file එකෙහි කිසියම් වෙනස්කමක් සිදුවී ඇත්නම් editor තුළින් ඉවත්වීමට ඉඩ ලබානොදේ. එවැනි විටෙක Esc යතුර ඔබා :q! ලෙස type කරන්න.

vi command සමග විකල්ප (options) ලබාදීම

vi සමගින් text editing සිදු කරන ආකාරය සාකච්චා කිරීමට පළමුව command line හි ලබාදිය හැකි ප්‍රයෝජනවත් විකල්ප (options) කිහිපයක් පිලිබඳ සොයා බලමු. පහත දැක්වෙන්නේ එවැනි options කිහිපයකි. මෙහිදී මතක තබාගතයුතු කරුණක් නම් options ලබාදීමේදී ඔබ ලබාදෙන ගොණුව (file) හිස් ගොණුවක් (empty file) නොවිය යුතුය.

vi +n file => ගොණුව vi තුළ විවෘත වීමේදී (open) n මගින් දැක්වෙන පේළියට cursor (දර්ශකය) පිහිටුවීම සිදුවේ.
vi +/pattern file => ගොණුව විවෘත කර pattern මගින් දැක්වෙන වචනය මුලින්ම හමුවන ස්ථානයෙහි cursor පිහිටුවීම සිදුකරයි.
vi -d file1 file2 => file1 සහ file2 මගින් දැක්වෙන ගොණු අතර වෙනස්කම් (difference) බලාගත හැකිවන පරිදි එකවර 
ගොණු කිහිපයක් විවෘත කරගත හැකිය. Editor එකෙන් ඉවත්වීමට, විවෘත කරගත් file ගණනට සමාන ව :q ලෙස type කිරීම කල යුතුය.
vi -d option
vi -d option
vi -R file => ගොණුවේ වෙනස්කම් සිදු කිරීමට ඉඩ ලබානොදෙන අතර කියවීමට පමණක් (read only) සිමාවේ. view file ලෙසද මෙය ලබාදිය හැකිය.
vi -h => Options පිලිබඳ කුඩා විස්තරයක් සහිත ව උපකාර ලබාදේ.
vimtutor => vi සමග text editing කිරීම සිදුකරන ආකාරය කුඩා නිබන්ධනයක් (tutorial) මගින් ප්‍රයෝගිකවම අත්හදාබැලීමට මෙය උපකාර කරගත හැකිය.

vi සංස්කරණ කවුළුව (Editor window)

vi තුළ ගොණුවක් විවෘත කලපසු එහි දැනටමත් text ඇතුළත් කර නොමැති පේළි වලට ඉදිරියෙන් ~ ලෙස දැක්වේ. Editor එකෙහි පහළින් ම  තත්ත්ව තීරුවෙහි (status bar) අප ලබාදෙන commands සහ ඒවයේ ප්‍රතිදානය (output) දැකගත හැකිය. අමතර වශයෙන් filename, දැනට cursor පිහිටි පේළියේ (line) සහ තීරුවේ (column) අංකය, මුළු පේළි ගණන (line count), මුළු අක්‍ෂර ගණන (character count) (විරාම ලක්‍ෂණ සහ හිස් පේළිද ඇතුළත්ව) සහ දැනට තිරයේ දැක්වෙන ප්‍රමාණය සම්පූර්ණ ගොණු අන්තර්ගතයට සාපේක්‍ෂව ප්‍රතිශතයක් ලෙස (percentage) දැක්වේ.

vi editor window
vi editor window

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )