vi(m) Modes (ආකාර)
vi යතුරු පුවරුව (key board) පමණක් යොදාගනිමින් පාඨ සංස්කරණය (text editing) සඳහා නිර්මාණය කර ඇති නිසා විවිධ සංස්කරණ කටයුතු ආකාර (modes) දෙකකින් ක්‍රියාත්මක වේ. එනම්, සාමාන්‍ය යතුරු ලියනයක් ලෙස (type writer mode/text insert mode) සහ විධාන ලබාදිය හැකි (command mode) ලෙසිණි. vi ආරම්භ කල විගසම මින් ඔබ පිවිසෙන්නේ command mode වෙතයි. මෙහිදී සෑම යතුරක්ම (key) කිසියම් විධානයක් (command) ලෙස ක්‍රියාත්මක වන අතර type writer mode වෙත මාරුවීම i යතුර මගින් සිදුකෙරේ. මෙවිට editor එකෙහි පහළින් තත්ත්ව තීරුවෙහි (status bar) — INSERT — ලෙසින් දැක්වේ. නැවත command mode වෙත මාරුවීමට Esc එබීම කල හැකිය.
සංස්කරණ කටයුතු සුරක්ෂිත (save) කිරීම
vi තුළ වෙනත් මෘදුකාංග මෙන් මෙනු තීරුවක් දක්නට නොලැබෙන නිසා අප සංස්කරණ කටයුතු සිදු කරන අතර වරින්වර ඒවා සුරක්ෂිත (save) කිරීමට keyboard මගින් commands ලබාදීම කල යුතුය. මේ නිසා type කරගෙන යන අතරතුර මූසිකය (mouse) වෙත හෝ keyboard එකෙහි සාමාන්‍ය පිහිටුමෙන් (home key position) අත ඉවතට ගැනීමට හෝ සිදු නොවේ. දැනටමත් සිදුකල වෙනස්කම් save කිරීමට පළමුව Esc යතුර එබීමෙන් command mode වෙත පිවිසිය යුතුය. ඉන්පසු :w ලෙස type කිරීමෙන් save වීම සිදුවේ. ඔබ vi දියත් කිරීමේදී ගොණු නාමයක් (filename) නොමැතිව vi ලෙස පමණක් ලබාදුන්නේ නම් save කිරීමේදී ඔබ filename ලබාදිය යුතුය. ඒ සඳහා :w රීතිය (syntax) අනුගමනය කරන්න. ඔබ සිදුකළ වෙනස්කම් save කරන අතරම vi තුළින් ඉවත්වීමට (exit) අවශ්‍ය නම් :wq හෝ :𝗑 ලෙස type කරන්න. ගොණුවෙහි (file) කිසිදු වෙනස්කමක් සිදුකර නොමැතිනම් vi තුළින් ඉවත්වීමට :q ලෙස type කල හැකිය. දැනටමත් සිදුකළ වෙනස්කම් නොසලකා හරිමින් (ignore) ඉවත්වීමට අවශ්‍ය නම් :q! ලෙස type කරන්න.
vi තුළ සැරිසැරීම
Text editing කාර්යයේදී එය සිදු කෙරෙන්නේ cursor (දර්ශකය) පිහිටි ස්ථානයට සාපේක්ෂවයි. මෙහිදී අපට අවශ්‍ය ස්ථානයට cursor ගෙනයාමේ හුරුපුරුදු ක්‍රමය වන්නේ ඊතල යතුරු (arrow keys) හෝ Home, Page Up, Page Down වැනි පිටු අතර ගමන් කිරීමට ඉඩ සලසන විශේෂිත යතුරු භාවිතා කිරීමයි. නමුත් එම යතුරු වෙත ලඟාවීමට යතුරු පුවරුවේ සාමාන්‍ය පිහිටුමෙන් (home key position) දෑත ඉවතට ගැනීමට සිදුවන නිසා එය තරමක් අපහසු ක්‍රියාවලියකි. තවද පේළි හරහා cursor ගෙනයාමට ඊතල යතුරු කිහිපවරක් එබීමට සිදුවේ. මෙවැනි අපහසුතා මගහරිමින් ඉතා ඉක්මනින් cursor අපට අවශ්‍ය ස්ථානයට ගෙනයාමට vi මගින් පහසුකම් සලසාදී ඇත. මේ සඳහා විශේෂ යතුරු භාවිතා නොවන අතර සාමාන්‍ය අකුරු සහිත යතුරු (character keys) මගින් command mode හිදී cursor ගෙනයාම (movement) සිදුකල හැකිය. විශේෂයෙන් මතක තබාගතයුතු කරුණක් නම් මෙහිදී capital-simple වෙනස අනුව යතුරෙන් සිදු කෙරෙන කාර්යය වෙනස්වීමයි. Cursor චලනය සඳහා යොදාගන්නා keys පිලිබඳ විස්තර පහත සටහනෙහි දැක්වේ. වරහන් තුළ දක්වා ඇත්තේ අමතර වශයෙන් යොදාගත හැකි වෙනත් keys ය.
සටහන: vi හි වචන වෙන් වෙන්ව හඳුනා ගැනීමට හිස්තැන් (spaces) යොදාගනී.
l (→) - එක අකුරක් දකුණු පසට යාම. h (←) - එක අකුරක් වම් පසට යාම. j (↓) - එක පේළියක් පහළට යාම. k (↑) - එක පේළියක් ඉහළට යාම. 0 (Home) - පේළියේ මුලට යාම. (0 - බිංදුව) $ (End) - පේළියේ අගට යාම. ^ - පේළියේ පළමු අක්ෂරය/සංකේතය වෙත යාම. w - ඊළඟ විරාම ලක්ෂණය (punctuation) හෝ වචනයේ මුලට යාම. W - විරාම ලක්ෂණ (punctuation) මගහරිමින් ඊළඟ වචනයේ මුලට යාම. b - පෙර විරාම ලක්ෂණය (punctuation) හෝ වචනයේ මුලට යාම. B - විරාම ලක්ෂණ (punctuation) මගහරිමින් පෙර වචනයේ මුලට යාම. Ctrl + f (Page Down) - එක තිරයක් (පිටුවක්) පහළට යාම. Ctrl + b (Page Up) - එක තිරයක් (පිටුවක්) ඉහළට යාම. nG (n=1, 2, 3, ...) - n මගින් දැක්වෙන පේළියට යාම. G - ගොණුවේ අවසන් පේළියට (last line) යාම. gg - ගොණුවේ පළමු පේළියට (first line) යාම.
පහත රූප සටහන මගින් cursor චලනයට යොදාගන්නා keys වල භාවිතය වඩාත් පැහැදිලිව තේරුම් ගත හැකිය.

වැදගත්: ඉහත G මගින් දැක්වෙන පරිදි ඉදිරියෙන් ඉලක්කමක් යෙදීමෙන් command ගුණනය (multiply) කිරීමේ හැකියාව ඇත. l, h, j, k, w, W, b, සහ B යන commands ද ගුණනය කිරීමට සහයෝගය දක්වයි.
good job
කැමතියිLiked by 1 person