Emacs Editor
Text Editor යටතේ පසුගිය ලිපි වලින් සාකච්චා කල nano, vi(m) editors දෙකටම වඩා සංකීර්ණ (complex) සහ විශේෂාංග (features) ගණනාවකින් සමන්විත මෙය, පරිගණක ක්‍රමලේඛනය (computer programming) සඳහා වෘත්තිකයන් අතර ඉතා ජනප්‍රියය. මෙහි ඇති සංකීර්ණත්වය නිසාම ආධුනිකයන්ට ඉගෙන ගැනීමට තරමක් අපහසු වන නමුත් එය අවම වන ලෙස මෙම ලිපි කිහිපය සකස් කර ඇත. Command line හෝ ඔබට හුරුපුරුදු පරිශීලක අතුරු මුහුණත (Graphical User Interface) හරහා Emacs දියත් කිරීම සිදුකළ හැකිය. Linux Mint සහ Ubuntu හි සම්මත වශයෙන් Emacs පිහිටුවා නොමැති නිසා එය පිහිටුවීම සිදු කරන ආකාරය පළමු ව සොයා බලමු.
Emacs පිහිටුවීම (installing)
Command line තුළදී පහත command ලබාදීමෙන් emacs පිහිටුවීම සිදුකල හැකිය. මෙහිදී පරිපාලන ගිණුමේ මුරපදය (root password) ලබාදීම අවශ්‍ය වේ. එවිට ඉදිරියට යාමට අවශ්‍ය දැයි පැනයක් විමසන අතර එයට y ලබාදීමෙන් emacs පරිගණකයේ පිහිටුවීම සිදුවේ.

ඔබට command line නුපුරුදු නම් Mint Software Manager හරහා වුවද emacs පිහිටුවීම පහසුවෙන් සිදුකල හැකිය. ඒ සඳහා විස්තරාත්මක මගපෙන්වීමක් Linux තුළ මෘදුකාංග ස්ථාපනය පාඩම යටතේ සිදු කෙරිණි.
Command line සහ Mint Software Manager හරහා emacs පිහිටුවීමට අන්තර්ජාල සබඳතාව තිබීම අත්‍යාවශ්‍යය. ඔබට අන්තර්ජාල සබඳතාවක් නොමැති නම් වෙනත් පරිගණකයකින් පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීමෙන් emacs භාගත කරගෙන එය ඔබේ පරිගණකයේ පිහිටුවීම කල හැකිය. මෙය තරමක් අපහසු කාර්යයක් බැවින් ආධුනිකයන්ට පළමු ක්‍රම දෙක යොදාගැනීම වඩාත් සුදුසුය.
https://www.gnu.org/software/emacs/download.html
සටහන: Linux Mint හි අන්තර්ජාල සබඳතාව සකසන ආකාරය Linux Mint අන්තර්ජාල සබඳතාව ලිපියෙහි දක්වා ඇත.
Linux Mint හි command line හරහා emacs දියත්කල විට එය නව කවුළුවක (new window) විවෘත වේ. එහි ප්‍රධාන කොටස් පහත රූපයෙහි නම්කර දක්වා ඇත. GUI යොදාගැනෙන නිසා emacs හි සමහර කාර්යයන් සිදුකිරීමට mouse යොදාගත හැකිය. තවද අපගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි emacs සකස් කිරීමට සැකසුම් විශාල සංඛ්‍යාවක් GUI හි අඩංගු කර ඇත. එමෙන්ම keyboard මගින් ලබාදෙන commands බොහොමයක් mouse යොදාගෙන menu හරහා ලබාදීමට පිළිවන.

emacs දියත්කල විට රූපයේ දැක්වෙන පිළිගැනීමේ තිරය (welcome window) දිස්වන අතර එහි ඇති සබැඳි (links) මතට point (cursor) ගෙනයාමෙන් පසු ↵ එබීමෙන් හෝ කෙළින්ම mouse මගින් සබැඳිය click කිරීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. nano සහ vi(m) editors මෙන්ම emacs ද විශේෂ වශයෙන් keyboard මගින් සියලු කාර්යයන් සිදු කිරීමට නිර්මාණය කර ඇති නිසා හැකි තරම් අවම ලෙස Toolbar (මෙවලම් තීරුව) සහ Menu bar යොදාගැනීම සුදුසු ය. emacs පිලිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීමට පෙර එහි එක් එක් කොටස් හඳුනාගෙන සිටීම වැදගත් වේ. අපගේ අධ්‍යයනය පහසු කරගැනීමට ඉහත රූප සටහන උපයෝගී කරගනිමු. ඒ අනුව නම් කර ඇති කොටස් පහතින් විස්තර කර ඇත.
Menu bar - Emacs හි භාවිතා වන විවිධ විධාන (commands) සහ සැකසුම් (settings) මෙනු තුළ ලැයිස්තුගත කර ඇත. Toolbar - නිතර අවශ්‍ය වන commands කුඩා මූර්තිරූප (icons) ලෙස මෙහි දක්නට ලැබේ. Window - අප සංස්කරණ කාර්යයන් (editing) සිදු කිරීමට යොදාගන්නා වත්මන් ගොණුව (current file) සහ ඒ සමග යෙදෙන අනෙකුත් ප්‍රතිදාන (output) තොරතුරු window තුළ දිස්වේ. Buffer - පරිගණක මතකයට නංවා ඇති ගොණුවක් buffer ලෙස හැඳින්වේ. සියලු සංස්කරණයන් සිදුවන්නේ buffers තුළය. Status bar - point හි වත්මන් පිහිටුම සහ දැන් සිටින සක්‍රිය (active) buffer පිලිබඳ විවිධ තොරතුරු මෙහි වරින්වර දිස්වේ. Mini buffer - emacs commands ලබාදීම සහ ඒවායේ ප්‍රතිදානය (output) බලාගැනීමට මෙය උපකාරී වේ.
Emacs commands ලබාදීමේදී විශේෂ වශයෙන් යොදාගන්නා යතුරු දෙකක් ඇත. ඒවා Meta key සහ Control key ලෙස හඳුන්වනු ලබයි. සම්මත වශයෙන් Meta key ලෙස Alt (හෝ Windows key) ද Control key ලෙස Ctrl ද යොදාගනී. යතුරුපුවරු කෙටිමං දැක්වීමේදී M-x හෝ C-c යනුවෙන් සඳහන් කරනු ලැබේ. Emacs සමග කටයුතු කිරීමේදී පහත commands නිතර වැදගත් වේ.
C-h C-h => උපකාරක (help) සේවය ලබා ගැනීම. C-g => mini buffer තුළින් ඉවත්වීම. M-x => commands ක්‍රියාත්මක කිරීම.