Emacs පිලිබඳ වැඩිදුර තොරතුරු අද ලිපියෙන් සොයා බලමු. මෙහිදී මතක තබාගත යුතු කරුණක් නම් emacs කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට හැකි තරම් යතුරු පුවරුව යොදාගත යුතුවීමයි.
සාමාන්‍යයෙන් ඕනෑම් මෘදුකාංගයක් කවුළුවක දිස්වන විට එය window එකක් ලෙස හඳුන්වන නමුත් emacs තුළ දී frame (රාමුවක්) ලෙස හඳුන්වනු ලබයි. අප ගොණුවක් (file) විවෘත (open) කලවිට එය ප්‍රධාන buffer හි දිස්වන අතර emacs මගින් අමතර message buffer එකක් ද ස්වයංක්‍රිය ලෙස විවෘත වේ. Emacs මගින් විවිධ තොරතුරු සහ දෝෂ පණිවුඩ දක්වන්නේ මෙම මෙම message buffer තුලයි. තවද අපගේ කටු සටහනක් තබාගැනීම සඳහා තාවකාලික ලෙස scratch buffer එකක්ද emacs මගින් විවෘත කරනු ලබයි. මෙහි අඩංගු දෑ ගොණුව වසා දැමූවිට (close) මැකී යයි.
Emacs දියත් කල විගසම අනෙකුත් buffers දැකගත නොහැකිය. ඒ සඳහා C-x b යතුරු සුසංයෝගය (key combinations) යොදාගන්න. මෙවිට පහත දැක්වෙන පරිදි දැක ගැනීමට අවශ්‍ය buffer එකෙහි නම විමසනු ඇත. එහි සම්මත (default) ලෙස දැක්වෙන අගය තහවුරු කිරීමට ↵ එබීම කල හැකිය. නැවත දැන් සිටින buffer වෙත පැමිණීමට යළිත් C-x b යොදාගන්න.


වැදගත්: යතුරු සුසංයෝග දැක්වීමේදී එකවර එබිය යුතු යතුරු කෙටි ඉරක් (–) සමග දක්වා ඇත. උදාහරණ ලෙස C-x b ලෙස ඇතිවිට C (Ctrl) සහ x යතුරු එකවර ඔබා ඉන්පසු b එබීම කල යුතුය. තවද පළමු යතුරු සුසංයෝගය එබීමෙන් පසු එය mini buffer හි දැක්වෙන තුරු කෙටි විරාමයක් තබා ඉන්පසු ඉතිරි යතුරු එබීම කල යුතුය.
දැනට මාරුවීමට ඇති buffers ලැයිස්තුවක් බලා ගැනීමට C-x b ඔබා එය mini buffer හි දැක්වෙන විට ⇄ (Tab) යතුර ඔබන්න. එවිට දැක්වෙන ලැයිස්තුවෙන් මාරුවීමට අවශ්‍ය buffer එකේ නම mini buffer තුළ type කරන්න. එක්වරම මාරුවීමට ඇති buffers ලැයිස්තුව බලා ගැනීමට C-x C-b ලෙස ලබාදෙන්න. Buffers අතර පිළිවෙලින් මාරුවීමට C-x → සහ C-x ← යොදාගත හැකිය.
ඔබට එකම රාමුවක් (frame) තුළ කවුළු (windows) විවෘත කල හැකිය. Buffer දර්ශනය වන්නේ මෙම window තුළය. එසේම තනි buffer එකක් windows කිහිපයක වුවද විවෘත කල හැකිය. මෙවිට කිසියම් window එකක buffer හි සිදු කරන වෙනස්කම් අනෙකෙහිද දිස්වෙයි. Windows කළමනාකරණය සඳහා පහත විධාන (commands) යොදාගත හැකිය.
C-x 0 දැනට සිටින window එක වසා දැමීම. (Window මගින් දැක්වෙන buffer වසා දැමීමක් සිදුනොවේ.) C-x 1 දැනට සිටින window එක හැර අනෙක් windows වසා දැමීම. C-x 2 දැනට සිටින window එක තිරස් ලෙස දෙකට බෙදා දක්වයි. C-x 3 දැනට සිටින window එක සිරස් ලෙස දෙකට බෙදා දක්වයි. C-x o අනෙක් window වලට මාරුවීම. (simple letter - o)
Buffers විවෘත කිරීම (open), සුරැකීම (save) සහ වසා දැමීම (close).
Buffer තුළට ගොණුවක් (file) විවෘත කරගැනීම සඳහා C-x C-f යොදාගනී. Emacs දියත් කල (launch) නාමාවලියට (directory) සාපේක්ෂව එහි ඇති files බලා ගැනීමට ⇄ (Tab) යතුර ඔබන්න. මෙහිදී ලැයිස්තුවක් දැක්වෙන අතර command line හි මෙන් directory අතර මාරුවීම කල හැකිය. Directory එකේ නම පමණක් ඇතුළත් කලහොත් එතුළ ඇති සියල්ල දැක්වෙන අතර එහි වෙනත් directories ඇත්නම් ඒ මතට pointer ගෙනගොස් ↵ එබීමෙන් එම directory තුළට යා හැකිය. අවශ්‍ය file එකෙහි නම mini buffer හි දිස්වන විට ↵ එබීමෙන් එය buffer එකට විවෘත වේ.
Buffer හි සංස්කරණයන් (editing) සිදුකිරීමෙන් පසු එය ස්ථිර ලෙසම සුරැකීම (save) C-x C-s මගින් කල හැකිය. C-x C-w ලෙස ලබාදීමෙන් වෙනත් ගොණු නාමයකින් (filename) save කිරීමට අවස්ථාව ලබාදේ. මෙහිදී අලුත් ගොණු නාමය විමසන අතර එනමින් දැනටමත් ගොණුවක් ඇත්නම් එය උඩින් ලිවීමට (overwrite) අවශ්‍යදැයි තහවුරු කරන ලෙස දක්වයි.
Buffers වසා දැමීමට (close/kill) C-x k යොදාගන්නා අතර වසා දැමීමට අවශ්‍ය buffer එකෙහි නම mini buffer තුළ type කල යුතුය. Mini buffer හි නමක් ලබාදී නැත්නම් දැනට සිටින buffer එක වසා දැමේ.
මීළඟ ලිපියෙන් emacs මගින් සංස්කරණ කාර්යයන් සිදුකරන ආකාරය සොයා බලමු.