අනෙක් text editors මෙන් නොව emacs මගින් වඩාත් සුවිශේෂ ලෙස අපගේ පාඨ සංස්කරණයන් (text editing) කිරීමට ඉඩ සලසා දේ. ඒ සඳහා keyboard යොදාගැනීම ඉතා පහසු ය. මෙහිදී ජේදනය (cut) කිරීම killing ලෙස සහ ඇලවීම (paste) yanking ලෙස හඳුන්වයි. Edit කිරීමට අවශ්‍ය text සිමාව දැක්වීම සඳහා C-[Spacebar] යොදාගනී. එම යතුරු වරක් එබීමෙන් ආරම්භක ස්ථානය සටහන් කළ හැකි අතර මෙවිට mini buffer හි Mark Set යනුවෙන් දිස්වනු ඇත.

මීළඟට අපට අවශ්‍ය text සලකුණු කිරීමට cursor (point) සිමාවේ අවසානයට ගෙනයන්න. මෙහිදී cursor මගින් එම පාඨ කොටස ඉස්මතු කර (highlight) දක්වයි.

දැන් සලකුණු කර ඇති කොටස kill (cut) කිරීමට අවශ්‍ය නම් C-w ද copy කිරීමට M-w ද යොදාගත හැකිය. සිමා ලකුණු කිරීමකින් තොරව දැනට cursor ඇති ස්ථානයේ සිට ඉදිරියට එම පේළිය cut කිරීමට Mark Set කිරීමෙන් පසු C-k ඔබන්න. නැවතත් C-[Spacebar] එබීමෙන් සිමාව සටහන් කිරීම අවසන් වන අතර එවිට mini buffer හි Mark Deactivated ලෙස දැක්වේ.

දැන් අවශ්‍ය ස්ථානයට cursor ගෙනගොස් C-y මගින් ඇලවීම (paste) සිදුකල හැකිය. කිසියම් අවස්ථාවක සිදුකල සංස්කරණ කටයුතු අහෝසි කිරීමට C-_ (underscore) කිහිපවරක් වුවද යොදාගැනීමට පිළිවන. මෙහිදී mini buffer හි Undo! ලෙස දැක්වේ.

C-y මගින් සාමාන්‍යයෙන් අවසානයට kill/copy කල text පමණක් ඇලවීම සිදු කරයි. නමුත් emacs මගින් kill/copy කල සියල්ල kill ring ලෙස හැඳින්වෙන කොටසෙහි රඳවා තබාගනී. මේ නිසා කලින් kill/copy කල text වුවද නැවත ලබාගෙන ඇලවීම කල හැකිය. Kill ring එකෙහි පෙර text වෙත ළඟාවී එය paste කිරීමට M-y යොදාගත හැකිය. මෙසේ කිහිප වතාවක් පසුපසට යාමට M-y අවශ්‍ය වාර ගණනක් යොදාගන්න. Kill ring හි නැවත ඉදිරියට පැමිණීමට M-Y යොදාගත හැකිය.
සෙවීම සහ ආදේශනය (Search and Replace)
සීමාවක් (region) තුළ හෝ සම්පුර්ණ buffer එකෙහි search කිරීමට C-s හෝ C-r යොදාගත හැකිය. මෙහිදී පිළිවෙලින් point (cursor) ඇති ස්ථානයට සාපේක්ෂව ඉදිරියට හෝ පසුපසට සෙවීම සිදුවේ. C-s හෝ C-r ඔබා mini buffer හි අවශ්‍ය වචනය type කරන විට ඊට සමාන වචන ඇති ස්ථාන එවෙලේම highlight කර දක්වයි.

සෙවූ වචනය පිහිටි ස්ථාන වෙත point (cursor) ගෙනයාමට C-s/C-r නැවත ඔබන්න. මෙසේ ගමන් කිරීමේදී අවසානයට පැමිණි විට mini buffer හි Failing I-search ලෙස දැක්වෙන අතර නැවත සෙවීම සිදුකලහොත් Overwrapped I-search ලෙස mini buffer හි පෙන්වයි.
වචන ආදේශනය සඳහා පළමුව M-% ඔබා mini buffer හි සෙවිය යුතු වචනය ඇතුළත් කිරීමෙන් පසු ↵ යතුර ඔබන්න. ඉන්පසු ආදේශ කළයුතු වචනය යොදා නැවත ↵ යතුර එබූ විට ඔබ සෙවූ වචනය පිහිටි ස්ථාන highlight කර දක්වයි. [Spacebar] මගින් ආදේශනය කිරීම හෝ n මගින් ඊළඟ පිහිටුමට මගහැර යාම කල හැකිය. ! මගින් එකවර සියලු තන්හි ආදේශනය කල හැකිය.

Emacs හි ඔබ ඉතා දිගු පේළි type කරන්නේ නම් ඒවා ස්වයංක්‍රිය ලෙස කෙටි පේළි වලට වෙලීම (text wrapping) සිදු නොවේ. දැනට point එක පිහිටි ජේදය wrap කිරීමට M-q ඔබන්න.
Point හැසිරවීම
ඊතල යතුරු (arrow keys) යොදාගෙන point එහාමෙහා ගෙනයාම තරමක් අසීරු කාර්යයකි. පහත දැක්වෙන්නේ point හැසිරවීම පහසු කරගත හැකි කෙටිමං (shortcuts) කිහිපයකි.
C-↑ හෝ C-↓ => ජේද (paragraphs) අතර point ගෙනයාම. C-→ හෝ C-← => වචන අතර point ගෙනයාම. Home හෝ End => පේළියේ මුලට හෝ අගට ගෙනයාම. Page Up/Down => පිටුවක් ඉහළට හෝ පහළට ගෙනයාම.
* C – Ctrl key, M (Meta) – (බොහෝවිට) Alt key
මේ සමගින් text editors පිලිබඳ මූලික හැදෑරීමක් සිදුකල ලිපි පෙළ අවසන් වේ. මින් ඔබ වඩාත් කැමති text editor තෝරාගෙන එය හැකිතරම් භාවිතාවට හුරුවන්න. Linux පරිශීලකයෙකු ලෙස එය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. ඊළඟ ලිපි වලින් command line සම්බන්ද වඩාත් ගැඹුරු කරුණු සාකච්චා කරමු.