35 – විධාන පෙළෙහි (command line) සෙවීමේ පහසුකම් (search facilities) (1 කොටස)

Linux යනු ඉතාමත් හොඳින් සංවිධානය (well organized) වූ මෙහෙයුම් පද්ධතියක් (operating system) වන නිසා ගොණු කලමනාකරණය (file management) පහසුවෙන් සිදුකල හැකිය. නමුත් පුද්ගල පරිගණකයක (personal computer-PC) වුවද කලක් ගතවීමේදී විවිධාකාර ගොණු (files) වලින් පිරීයාම සිදුවේ. මේ නිසා අපට අවශ්‍ය file සොයාගැනීම තරමක් වෙහෙසකාරී කටයුත්තක් වීමට පිළිවන. Linux ආරම්භයේ සිටම පරිගණක ජාල (computer networks) සහ සේවාදායක පරිගණක (server computers) සඳහා යොදාගත් මෙහෙයුම් පද්ධතියක් නිසා ඉතා ඉක්මනින් අවශ්‍ය files සොයාගැනීමට හැකිවීම අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ නිසා ගොණු පද්ධතිය (file system) තුළ ඉතා ඉක්මනින් files වල පිහිටීම (location) සොයා ගැනීම සහ වෙනත් කටයුතු සිදු කිරීමට අවශ්‍ය වන මෙවලම් (tools) විධාන (commands) ලෙස ඇතුළත් කෙරුණි. Command line හි මෙම tools භාවිතයෙන් ඉතා අපහසුවෙන් කලයුතු කාර්යයන් බොහොමයක් පහසුවෙන් සහ වේගවත්ව ඉටුකර ගැනීමට පිළිවන. දැන් අප ඒ එකිනෙක වෙන් වෙන්ව සොයා බලමු.

locate

අප ලබාදෙන කිසියම් වචනයකින් ආරම්භ වන files පිහිටි තැන් බලාගැනීමට මෙම විධානය යොදාගනී. මෙහිදී සෙවීම සිදු කරනු ලබන්නේ මෙහෙයුම් පද්ධතිය (operating system) මගින් පවත්වාගෙන යනු දත්ත සමුදායක් (database) තුළයි. එය වරින් වර මෙහෙයුම් පද්ධතිය මගින්ම යාවත්කාලීන (update) කරනු ලබන අතර ගොණු පද්ධතියට එකතු වන අලුත් ගොණු (new files) පිලිබඳ තොරතුරු update වී නැත්නම් locate command මගින් සොයාගැනීමට නොහැකිය. මෙම update කිරීම සිදුකරනු ලබන්නේ updatedb නමින් හැඳින්වෙන වෙනත් ක්‍රමලේඛයක් (program) මගිනි. මෙහෙයුම් පද්ධතිය මගින් ස්වයංක්‍රියව මෙම ක්‍රමලේඛය වරින් වර ධාවනය (run) කිරීමෙන් update වීම සිදුවේ. සෙවුම් වචනයට (search word) පෙර නාමාවලියක් (directory) ලබාදීමෙන් එතුළ පමණක් සෙවීම සිදුකල හැකිය.

locate command

find

File එකේ නමට අමතර ව වෙනත් ගුණාංග (attributes) ද පරික්ෂාවට ලක් කරමින් files සොයා ගැනීමට find විධානය උපකාරී වේ. මේ නිසා එහි භාවිතය ගැඹුරින් හැදෑරීම ඉතා වැදගත් වනු ඇත. find command හි රීතිය (syntax) පහත පරිදි වේ.

find <path> [-tests <arguments>]

මෙහි path මගින් සෙවීම සිදුකල යුතු නාමාවලිය (directory) ද tests මගින් පරීක්‍ෂා (test) කලයුතු ගුණාංගය (attribute) ද නිරූපණය වේ. විවිධ tests යොදාගනිමින් වඩාත් නම්‍යශීලි ලෙස සෙවීම සිදුකල හැකිය. වෙනත් commands මෙන් නොව find මගින් සැඟවුනු ගොණු (hidden files) සහ sub-directories (අනු නාමාවලි) තුළ පවා සෙවීම සිදු කරයි. tests ආරම්භ වන්නේ තනි කෙටි ඉරකිනි (). find command යොදාගන්නා ආකාරය උදාහරණ මගින් පහතින් දක්වා ඇත.

find Downloads/ ⇒ Downloads directory තුළ ඇති සියලු files සහ directories (hidden files ද ඇතුළුව) සෙවීම.
find Documents -type d ⇒ Documents directory තුළ ඇති directories පමණක් සෙවීම.

File type (ගොණු මාදිලිය) tests ලෙස පහත දැක්වෙන ඒවා ලබාදිය හැකිය.

b → block special device file - දත්ත ලබාගැනීම කාණ්ඩ (blocks) වශයෙන් සිදුකරන උපාංග (devices) නිරුපණය වන ගොණු.
c → character special device file - දත්ත ලබාගැනීම වරකට එක් අක්‍ෂරය (character) බැගින් සිදුකරන උපාංග (devices) නිරුපණය වන ගොණු.
d → directory
f → files
l → symbolic link - සංකේතාත්මක සබැඳිය. වැඩිදුර තොරතුරු සඳහා දෘඩ සහ මෘදු සබැඳි (hard & soft links) පිලිබඳ ගැඹුරින් ලිපිය බලන්න.

සෙවීම සඳහා ගොණු නාමය (filename) සහ විශාලත්වය (size) ලබාදීමට පිළිවෙලින් -name සහ -size පරීක්ෂාවන් යොදාගනී. -size test ලබාදීමේදී + හා මගින් අප ලබාදෙන අගයට වඩා වැඩි හෝ අඩු විශාලත්වයෙන් යුතු files සෙවීම සිදුකල හැකිය. සංකීර්ණ සෙවුම් සඳහා tests කිහිපයක් එකවර යෙදීමටද පිළිවන. විශාලත්වය දැක්වීමේදී යොදාගත හැකි ඒකක පහතින් දැක්වේ.

b - 512-byte blocks
c - Bytes
w - 2-byte words
k - kilobytes (=1024 bytes)
M - Megabytes (=1024 kilobytes)
G - Gigabytes (=1024 Megabytes)

සටහන: ගොණු නාමය (file name) ලබාදීමේදී එය උද්ධෘත (“” – double quotes) තුළ දැක්වීම කල යුතුය.

find command examples

find command සමග යොදාගන්නා තවත් tests කිහිපයක් පිලිබඳව මීළඟ ලිපියෙන් සොයා බලමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )