පරිගණක ජාලකරණයට (computer networking) සහ සේවාදායක (server) මෙහෙයුම් පද්ධතියක් (operating system) ලෙස යොදා ගන්නා නිසා Linux විවිධ ගබඩා මාධ්‍යයන් (storage media) සමග කටයුතු කිරීම නිතැතින් සිදුවේ. මේ නිසා වෙනත් මෙහෙයුම් පද්ධති මෙන් නොව විවිධ මාදිලියේ storage media සහ ගොණු පද්ධති (file systems) හැසිරවීමේ හැකියාව Linux සතුව පවතී. නිතර යොදාගන්නා storage media සමග කටයුතු කරන ආකාරය සොයා බැලීම මෙම ලිපි කිහිපයේ අරමුණයි.
පෙර සාකච්චා කල පරිදි Linux මගින් එයට ආගන්තුක වෙනත් මෙහෙයුම් පද්ධති (Windows/Mac OS X වැනි) මගින් යොදාගන්නා file systems සමග ද කිසිදු ගැටළුවකින් තොරව ක්‍රියා කරයි. නමුත් එම file systems, Linux මෙහෙයුම් පද්ධතියට හඳුන්වාදිමක් කල යුතුවේ. මෙම ක්‍රියාවලිය mount කිරීම (නැංවීම) ලෙස හඳුන්වනු ලබයි. රූපක අතුරු මුහුණතක් (Graphical User Interface) සහිත Linux මෙහෙයුම් පද්ධති වල මෙය බොහෝවිට ස්වයංක්‍රීයව (automatic) සිදුවේ. Server ලෙස යොදාගන්නා විට සමහර අවස්ථා වලදී GUI පිහිටුවීමක් සිදු නොකරන නිසා command line හරහා mount කරන ආකාරය දැන සිටීම ඉතා වැදගත්ය. mount කිරීමෙන් පසු එම උපාංගය (device) file systems හි කොටසක් ලෙස සලකමින් ක්‍රියාකල හැකිය.
Linux මෙහෙයුම් පද්ධතිය ආරම්භ වීමේදී (booting) මූලික ව mount කලයුතු devices වල ලැයිස්තුවක් /etc/fstab ගොණුව (file) තුළ අඩංගු කර ඇත. මින් සමහරක් සත්‍ය ලෙසම භෞතික උපාංග (physical devices) මගින් දැක්වෙන අතර අනෙක් ඒවා මෙහෙයුම් පද්ධතිය මගින් විශේෂ ලෙස සලකනු ලබන සත්‍යාසන්න (virtual) file systems හා බැඳී පවතී. පහත දැක්වෙන්නේ මෙම ලිපි සකස් කරන පරිගණකයේ එම file එකෙහි අඩංගු තොරතුරුය.

mount/umount Command
කිසියම් device එකක් mount කිරීම සඳහා mount command යොදාගනී. විවිධ ක්‍රියාවලීන් (process) සහ පරිශීලකයන් (users) මගින් දැනටමත් mount කරඇති devices බලාගැනීමට mount ලෙස පමණක් command ලබාදෙන්න.

සටහන: mount command මගින් ලබාදෙන ප්‍රතිදානයෙහි (output) පිළිවෙල device_name on mount_point file_system (options) ලෙස හඳුනාගත හැකියි. rw option මගින් කියවීම (read) සහ ලිවිම (write) සිදුකල හැකි බව දක්වයි.
අභ්‍යාසයක් ලෙස mount command මගින් CD-ROM එකක් හසුරුවන ආකාරය බලමු. මුලින් ම CD-ROM එක ධාවකයට (drive) ඇතුල් කර නැවතත් mount command ලබාදෙන්න. එවිට ඉහත ලයිස්තුවේ අගට CD-ROM පිලිබඳ තොරතුරු එක්වී ඇති ආකාරය දැකගැනීමට පිළිවන. Devices හැසිරවීම සඳහා එහි නම වැදගත් වේ. CD/DVD drive හි නම sr0 ලෙස හඳුනාගත හැකිය. මෙහෙයුම් පද්ධතිය මගින් තාවකාලික ලෙස /media/<username> තුළ CD-ROM හි ලේබලය (label) සහිත නාමාවලියක් (directory) නිර්මාණය කර mount කිරීම සිදුකරන අතර අපට අවශ්‍ය directory එකකට mount කරන ආකාරය බලමු.

සටහන: mount කිරීම සාමාන්‍ය පරිශීලකයන් මගින් සිදු නොකරන නිසා පුද්ගල පරිගණක (PC) වල යොදාගන්නා Linux නිකුතු (distributions) මගින් පසුබිමින් පරිපාලක ගිණුමේ (root account) වරප්‍රසාදය (privilege) ලබාගනිමින් CD-ROM ස්වයංක්‍රීයව mount කරනු ලබයි.
අපට අවශ්‍ය directory එකකට CD-ROM එක mount කරගැනීමට පළමුව දැනට mount වී ඇති පෙත (path) ඉවත් කිරීම කල යුතුය. ඒ සඳහා umount command සමග device name ලබාදෙන්න. මීළඟට mount command යොදාගෙන පහත රීතියට අනුව mount කිරීම කල හැකිය. CD-ROM සඳහා සම්මත file system ලෙස iso9660 යොදාගනී. මෙහිදී පරිපාලක ගිණුමේ (root account) මුරපදය (password) අවශ්‍ය වේ.
mount -t <file_system> <device_name> <mount_point>
මෙම උදාහරණයේදී කලින් නිර්මාණය කරගත් directory එකක් mount point ලෙස (තාවකාලිකව) යොදාගෙන ඇත.
