36 – ගබඩා මාධ්‍යයන් (storage media) හැසිරවීම (3 කොටස)

ගබඩා මාධ්‍යයන් (storage media) තුළ ඇති දත්ත (data) මෙහෙයුම් පද්ධතිය (operating system) මගින් ගොණු හා නාමාවලි (files and directories) ලෙස සංවිධානය (organize) කර ඇති නමුත් සත්‍ය ලෙසම ඒවා දත්ත කාණ්ඩ (data blocks) විශාල ප්‍රමාණයක එකතුවක් ලෙස සැලකීමට හැකිය. මෙසේ දත්ත කාණ්ඩ වශයෙන් සැලකීමෙන් වඩා ප්‍රයෝජනවත් කාර්යයන් ඉටු කරගැනීමට පිළිවන.

කිසියම් storage media එකක සර්වසම පිටපතක් (clones) ලබාගැනීමට මෙම ක්‍රමය යොදාගත හැකිය. ඒ සඳහා dd (data definition) විධානය (command) උපකාරී වේ. dd command හි රීතිය (syntax) පහත දක්වා ඇත.

dd if=input_file of=output_file [bs=block_size [count=blocks_count]]

ඉහත block_size මගින් වරකට කියවීම/ලිවිම (read/write) කලයුතු bytes ගණනද blocks_count මගින් පිටපත් (copy) කලයුතු කාණ්ඩ (blocks) ගණනද දැක්වේ.

උදාහරණයක් ලෙස pen drive එකක් තවත් එකකට සම්පුර්ණයෙන් clone කිරීමට පහත පරිදි dd command යොදාගත හැකිය.

dd if=/dev/sdb of=/dev/sdc

අවශ්‍ය නම් දෙවැනි pen drive එක වෙනුවට දෘඩ තැටියේම (hard disk) තනි ගොනුවක් (single file) ලෙස පිටපත් කිරීමද කල හැකිය.

dd if=/dev/sdb of=pen_drive.img

මෙසේ clone කිරීම මගින් වඩා වේගවත් ව copy කිරීම කල හැකිය. නමුත් තෝරාගත් ගොණු කිහිපයක් පමණක් copy කිරීමට නුපුළුවන.

සටහන: if සහ of ලෙස ලබාදෙන උපාංග ගොණු (device files) පිලිබඳ විස්තර පෙර ලිපිවල පළවිය. වැරදි device names ලබාදීමෙන් එහි ඇති වටිනා දත්ත මැකී යා හැකිය.

iso images සමග වැඩ කිරීම

CD/DVD සමග නිතර අවශ්‍ය වන කාර්යයන් ලෙස iso images නිර්මාණය (create) සහ ඒවා CD/DVD වලට ලිවිම (write) හඳුන්වාදීමට පිළිවන. මේ සඳහා රූපක අතුරු මුහුණත් (Graphical User Interface-GUI) සහිත විවිධ මෘදුකාංග නිර්මාණය කර ඇති නමුත් command line යොදාගෙන ඉතා පහසුවෙන් මෙම කාර්යයන් ඉටු කරගත හැකිය.

මෙහිදී පළමුවෙන්ම වෙනත් CD/DVD එකක් තනි ගොණුවක් ලෙස img මාදිලිය (type) යටතේ copy කරගැනීමට ඉහත dd command යොදාගන්නා ආකාරය බලමු. ඒ සඳහා CD/DVD එක ධාවකයට (drive) ඇතුළත් කර ඉන්පසු පහත පරිදි dd command ලබාදිය යුතුය.

dd if=/dev/cdrom of=/home/indikau/cd_img.iso

සටහන: ඉහත ක්‍රමය Audio CD සමග යොදාගත නොහැකිය.

කිසියම් files/directories කිහිපයක් පසු අවස්ථාවකදී පිටපත් කර ගැනීමට පහසුවන පරිදි image file එකක් ලෙස ගබඩා කර තැබීමට genisoimage command යොදාගත හැකිය. එහි රීතිය පහත දැක්වේ.

genisoimage -o image_filename.iso -R -J source_directory

-R (Rock Ridge) සහ -J (Joliet) මගින් පිළිවෙලින් Linux සහ Windows මෙහෙයුම් පද්ධති දෙකට ගැළපෙන පරිදි file/directory වල දිගින් වැඩි නාමයන් නිවැරදිව සැකසීමට උපදෙස් ලබාදේ.

ඔබ පරිගණක ක්‍රීඩා (games) භාවිතා කර ඇත්නම් ඒවා ක්‍රියාත්මක වීමේදී සෑම විටම CD/DVD එක ධාවකයේ (drive) තිබීම අවශ්‍ය බව හොඳින් දැනී ඇති. තවද ඔබ සතුව CD/DVD drive එකක් නැත්නම් වෙනත් පරිගණකයකින් iso image ලෙස පිටපත් (copy) කරගත් CD/DVD එකක් තාවකාලිකව වෙනත් මෘදුකාංගයක් හරහා සතයාසන්න (virtual) CD/DVD ලෙස භාවිතා කිරීම සිදුකර ඇති. Command line මගින් මෙම කාර්යය වෙනත් මෘදුකාංගයක් යොදනොගෙන සිදු කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා mount command පහත පරිදි ලබාදිය හැකිය. අපට අවශ්‍ය ඕනෑම directory එකකට mount කිරීමට පිළිවන. අපගේ කාර්යය අවසන් වූ පසු unmount කිරීමට මතක තබාගැනීම වැදගත්ය.

mount -t iso9660 -o loop image_file.iso mount_directory

නැවත නැවත ලිවිය (re-writable) හැකි CD/DVD (RW) හි ලියා ඇති තොරතුරු මකා දැමීමට (erase/blank) සහ CD/DVD වලට අප කලින් නිර්මාණය කරගත් iso files ලිවීමට wodim command යොදාගනී. සාමාන්‍යයෙන් මකා දැමීම (erasing) ඉතා ඉක්මනින් සිදු කිරීමට blank=fast ලෙසද ලිවීමේදී අපට අවශ්‍ය වේගයකින් (4x, 8x, 16x වැනි) සිදු කිරීමට speed හි අගය ලබාදීම ද කල හැකිය.

wodim dev=/dev/cdrw blank=fast
wodim dev=/dev/cdrw speed=4 image.iso

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )