පරිගණකයේ ගබඩා (store) කරන දත්ත ගොණු (data files) කිසියම් හේතුවක් නිසා විනාශ වී ගියහොත් ඒවා නැවත ලබාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. මෙය සාමාන්‍ය පරිශීලකයෙකුට (user) එතරම් ගැටළුවක් නොවුනත් ගබඩා කරන තොරතුරු වල වැදගත්භාවය (importance) අනුව සිදුවන හානිය බරපතළ විය හැකිය. තවද අප අතින් වැරදීමකින් අත්‍යාවශ්‍ය ගොණු මැකීයාමද (delete) සිදුවීමට පිළිවන. මේ නිසා වඩාත් නුවණට හුරුවන්නේ අත්‍යාවශ්‍ය ගොණු වල පිටපත් (copies) තබා ගැනීමයි. මෙහිදී පරිගණකයේ ඇති ගොණු (files), බාහිර දත්ත ගබඩා මාධ්‍යකට (external data storage media) හෝ මාර්ගගත දත්ත ගබඩාවකට (online data storage) පිටපත් කර තබා ගැනීම කල හැකිය. Linux යනු ඉතා ස්ථාවර (stable) මෙහෙයුම් පද්ධතියක් වන නිසා හදිසි බිඳවැටීම් (crash) අවම මට්ටමක පවතී. කෙසේ වෙතත් වෙනත් බාහිර හේතුන් නිසා සිදුවන හානියකදී අපගේ වටිනා ගොණු නැවත ලබාගත හැකිවන පරිදි අමතර ගබඩා මාධ්‍යයන් තුළ සංරක්ෂණය සිදු කරන ආකාරය සොයා බලමු. මේ සඳහා අප පසුගිය ලිපි වලින් ඉගෙනගත් ගබඩා මාධ්‍යයන් (storage media) වුවද යොදා ගැනීමට පිළිවන.
මෙසේ නැවත ලබාගත හැකිවන පරිදි ගොණු සංරක්ෂණය කිරීම උපස්ථ කිරීම (backup) කිරීම ලෙස හඳුන්වනු ලැබේ. මෙම කාර්යයේදී වැයවන ඉඩ ප්‍රමාණය අඩුකර ගොණු සියල්ලම තනි ඒකකයක් (single archive) ලෙස තබා ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනු ලබයි. එම ක්‍රියාවලිය පොදුවේ backup and archiving ලෙස හඳුනාගත හැකිය. ඒ සඳහා යොදාගනු ලබන විවිධ විධාන (commands) පිලිබඳ හැදෑරීම මෙම ලිපි කිහිපයේ අරමුණයි.
ගොණු සම්පීඩනය (file compressing)
මෙමගින් ගබඩා මාධ්‍යයක් තුළ කිසියම් ගොණුවකට වැයවන ඉඩ ප්‍රමාණය අඩු කරගත හැකිය. මතක තබාගත යුතු වැදගත් කරුණක් නම්, JPG/PNG පින්තූර (pictures), MP3 ශ්‍රව්‍ය ගොණු (audio files) සහ දෘශ්‍ය ගොණු (video files) වැනි බහුමාධ්‍ය ගොණු (multimedia files) ස්වභාවයෙන්ම හකුළුවා (compress) ඇති නිසා මෙහිදී සාකච්චා කරන ක්‍රම මගින් ඒවා තව දුරටත් compress කල නොහැකිය. තවද මෙම compress කිරීමේ උපක්‍රම මගින් ගොණුවේ තත්ත්වය බාලවිමක් (quality loss) සිදු නොවේ.
gzip/gunzip
File එකක් හෝ වැඩි ගණනක් compress කිරීමට යොදාගනී. මෙහිදී files වල මුල් පිටපත් (originals) ආදේශ (replace) වීම සිදුවේ. මෙම ක්‍රමයට compress කරඇති files ප්රතිපිහිටුවිම (restore) සඳහා gunzip command යොදාගනු ලබයි. Compress කල files මුල් පිටපතේ (original) ප්‍රවේශන අයතීන් (access permissions) සහ කාලමුද්‍රාව (time stamp) රඳවාගනී. gzip මගින් හකුළුවා ඇති ගොණුවක අන්තර්ගතය බලාගැනීමට zcat හෝ zless commands යොදාගැනීමට පිළිවන.

gzip/gunzip command සමග යොදාගත හැකි විකල්ප (options) කිහිපයක් පහත දැක්වේ. වරහන් තුළ දක්වා ඇත්තේ වචන මගින් options ලබාදිය හැකි ආකාරයයි.
-c (--stdout / --to-stdout)=> Uncompress නොකර compress කරඇති file හි අන්තර්ගතය gunzip හරහා බලාගත හැකිය. -d (--decompress / --uncompress) => gunzip command ලෙස ක්‍රියාත්මක වේ. -f (--force) => දැනටමත් මෙනමින් compress කර ඇති file ඇත්නම් එය replace වීම සිදුවේ. -h (--help) => උපකාරක තොරතුරු දක්වයි. -l (--list) => එක් එක් file වල compress කිරීම සම්බන්ධ සංඛ්‍යාත්මක තොරතුරු (statistics) දක්වයි. -r (--recursive) => නාමාවලියක් (directory) තුළ ඇති සියලු ගොණු compress කිරීම සිදු කරයි. -t (--test) => Compress කල ගොණුවේ නිරවද්‍යතාවය (integrity) පරික්ෂා කර බැලීම සිදුවේ. -v (--verbose) => Compress කරන අතරතුර තොරතුරු දැක්වීම සිදු කරයි. -n (n=1,2,..,9) => Compress කලයුතු අනුපාතය (ratio) ලබාදේ. සම්මතය ලෙස 6 යොදාගනී. විශාල අගයන් සඳහා compress ක්‍රියාවලිය මන්දගාමී වේ.
bzip2
gzip හා සමාන ක්‍රියාකාරිත්වයක් දක්වන නමුත් වඩාත් ඉහළ සම්පීඩන අනුපාතයකින් (compression ratio) යුතුව file compressing සිදුකරන නිසා තරමක් මන්දගාමීය. අමතර ලෙස, හානියට පත්වූ bzip2 ගොණු ප්‍රකෘතිමත් (recover) කිරීමට bzip2recover command යොදාගත හැකිය. ඉහත gzip සමග යෙදෙන options අතුරින් -r හැර අනෙක් ඒවා මෙම command සමගද එලෙසින්ම යොදාගත හැකිය. එනමුත් –n මගින් දැක්වෙන අනුපාතයන් (ratio) gzip හා සර්වසම නොවේ. bzip2 මගින් හකුළුවා ඇති ගොණුවක අන්තර්ගතය බලාගැනීමට bzcat ද decompress කිරීමට bunzip2 ද යොදාගනී.
