tar
ගොණු උපස්ථ (file backup) කිරීමේදී ඒවා තනි තනි වශයෙන් පිටපත් (copy) කිරීමට වඩා එකට එක්කොට තැබීම වඩාත් කාර්යක්ෂම ක්‍රමයයි. එවිට උපස්ථ ප්රතිපිහිටුවීමේදී (backup restore) එකවරක් පමණක් අවශ්‍ය විධාන (commands) ලබාදීම මගින් එම කාර්යය සිදුකරගත හැකිය. ගොණු (files) කිහිපයක් තනි ඒකකයක් ලෙස ගබඩා කිරීමට (archive) tar command යොදාගනී. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ archive නිර්මාණයේදී අවශ්‍ය නම් අප පෙර ඉගෙනගත් ගොණු හැකිළුම් (file compression) ක්‍රමද අමතර වශයෙන් යොදා ගනිමින් වැයවන ඉඩ ප්‍රමාණය අවම කරගත හැකිවීමයි. tar command ලබාදිය යුතු රීතිය (syntax) පහත දැක්වේ.
tar <mode>[options] <path1> <path2> ... modes: c - path1,path2,.. මගින් දැක්වෙන ලැයිස්තුව යොදාගෙන tar file එකක් නිර්මාණය කරයි. x - tar file හි අන්තර්ගතය දිගහැරීම (extract) සිදුවේ. r - tar file එකෙහි අගට අළුතින් files එකතු කිරීමට යොදාගනී. t - tar file හි අන්තර්ගතය ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
Options (විකල්ප) ලෙස f ලබාදීමෙන් ගොණු නාමය (filename) නියම කිරීමටද (specify) පිළිවන. කෙසේ නමුත් options වලට ඉදිරියෙන් mode (ප්‍රකාරය) අගයන් ලබාදීම කල යුතුය. විස්තරාත්මක ලෙස තොරතුරු බලාගැනීමට v (verbose) option උපකාරී වේ. මතක තබාගත යුතු කරුණක් නම් tar command සමග options ලබාදීමේදී ඉදිරියෙන් – යෙදීමට අවශ්‍ය නොවීමයි.

ප්රතිපිහිටුවිමේදී (restore) ගොණු සහ නාමාවලි (files and directories) සඳහා අවසරයන් (permissions) සැකසෙන්නේ ප්රතිපිහිටුවිම සිදුකරන පරිශීලකයාගේ (පරිපාලක – root/superuser හැර) ගිණුමට සාපේක්ෂවයි. සම්මත ලෙස tar archive තුළ ඇති files and directories සඳහා පෙත (path) සැකසෙන්නේ සාපේක්ෂ (relative) ලෙසයි. වෙනත් අයවළුන් විසින් නිර්මාණය කල tar files තමාගේ අවශ්‍යතාවය අනුව යොදාගැනීමට පහසු කිරීම, මෙසේ සාපේක්ෂව (relative) ප්රතිපිහිටුවිමේ අරමුණයි.

tar archive නිර්මාණයේදී වැයවන ඉඩ ප්‍රමාණය අවම වන පරිදි ඒවා හැකිළුම (compress) සාමාන්‍ය සිරිතයි. ඒ සඳහා z (zip) option ලබාදීම කල යුතුය. මෙහිදී ගොණු මාදිලිය (file type) .tgz ලෙස දැක්වීම අනිවාර්ය වේ.
$ tar czf myarchive.tgz home/
ප්රතිපිහිටුවිමේදී අවශ්‍ය files කිහිපයක් පමණක් දිගහැරීමට (extract) එම files වල සම්පුර්ණ පෙත (full path) ලබාදීම කල හැකිය. තුරුම්පු භාවිතා කිරීමට අවශ්‍ය නම් –wildcards option යොදාගැනීමට පිළිවන. මෙහිදී උද්දෘත (”) තුළ අදාළ ගැළපෙන කොටස දැක්විය යුතුය.
$ tar xf myarchive.tar --wildcard 'home/indikau/Documents/work*/temp/Menu.odt'
සටහන: Path පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා ‘Linux ගොණු පද්ධතිය (file system) තුළ සැරිසැරුම‘ ලිපියට පිවිසෙන්න.
oya dapu okkoma blog kiyewa kali linux walin hack karana widihath kiyala denna ko…plzz
කැමතියිකැමතියි
ඔබේ අදහසට ස්තුතියි. නමුත් මෙම ලිපි පෙළේ පරමාර්ථය Linux පිලිබඳ පරිපූර්ණ දැනුමක් ලබාදීමයි. Linux කියන්නේ hacking වලට පමණක් යොදාගන්නා දෙයක් නොවෙයි. ඊට වඩා අති විශාල ප්‍රයෝජනවත් දේවල් වලට Linux ලෝකය පුරාම යොදාගන්නවා. මේ blog එක ආරම්භ කිරීමේ අරමුණත් Linux පිලිබඳ hacking වලට එහා ගිය දැනුමක් ලබාදීමයි.
කැමතියිකැමතියි