අප පෙර ලිපි වලින් සාකච්චා කල පරිදි විධාන පෙළ (command line) භාවිතා කිරීමේ විශේෂ වාසිය නම් විධාන කිහිපයක් (multiple commands) එකට ගොණුකොට වඩාත් සංකීර්ණ කාර්යයන් ඉටුකර ගැනීමට ඇති හැකියාවයි. tar command මෙසේ නිතර යොදාගන්නා අවස්ථාවක් නම් අප ලබාදෙන කිසියම් කොන්දේසියකට (condition) ගැලපෙන ගොණු සොයා ඒවා එක්කොට උපස්ථ (backup) කිරීමයි. පහත ආකාරයට command ලබාදීමෙන් මෙම කාර්යය පහසුවෙන් සිදුකල හැකිය.
find <path> <condition> -exec rf <filename>.tar '{}' '+'
උදාහරණයක් ලෙස අප ලබාදෙන වචනය සහිත ගොණු සියල්ලම tar ගොණුවක් ලෙස ලබාගැනීමට අවශ්‍ය command පහත පරිදි වේ. වඩාත් ප්‍රයෝජනවත් භාවිතාවක් නම් වෘද්ධි උපස්ථ (incremental backups) සිදු කිරීමට find command මගින් අලුත් ගොණු (new files) හෝ මෑතකදී වෙනස්කල ගොණු (recently modified files) සොයාගැනීමට ඇති පහසුකම යොදාගැනීමයි.
find /home/indikau -name 'Java*' -exec tar rf java_files.tar '{}' '+'
සටහන: find command පිළිබඳ ගැඹුරින් හැදෑරීමක් ‘විධාන පෙළෙහි (command line) සෙවීමේ පහසුකම් (search facilities) – 1, 2, 3‘ ලිපි යටතේ පළවිය.
වඩාත් සංකීර්ණ ලෙස command යොදාගනිමින් උපස්ථ ගොණු හකුළුවා (compress) නිර්මාණය කිරීමටද පිළිවන.

සටහන: ඉහත –files-from වෙනුවට -T ලෙසද යොදාගත හැකිය.

zip
Linux පරිශීලකයන් අතර එතරම් ජනප්‍රිය නොවූවත්, මෙම command මගින් .zip ගොණු නිර්මාණය කල හැකිය. zip command හි රීතිය (syntax) පහත පරිදි වේ.
zip [options] <zip_file>[.zip] <file_list>
නාමාවලියක් (directory) තුළ ඇති files ද zip ගොණුවෙහි අඩංගු වියයුතු නම්, -r (recursive) විකල්පය (option) ලබාදීම අනිවාර්ය වේ. තවද extension (දිගුව) ලෙස .zip යෙදීම අවශ්‍ය නොවුණත් ගොණුව කුමක්දැයි පැහැදිලි ලෙස දැක්වීමට එය යොදාගනී. zip file නිර්මාණයේදී එක් එක් ගොණුවේ හැකිළුම් ප්‍රතිශතයද දැක්වේ. තවද අප ලබාදෙන නමින් දැනටමත් file එකක් ඇත්නම් එය උඩින් ලිවිම (overwrite) වෙනුවට අලුත් files එක්කොට යාවත්කාලීනවීම (update) සිදුවේ.

ඉහත නිර්මාණය කරගත් zip files නැවත දිගහැරීමට (uncompress) unzip command යොදාගත හැකිය. තෝරාගත් files පමණක් ලැයිස්තුවක් ලෙස බලාගැනීමට හෝ දිගහැරුම සඳහා පහත පරිදි commands ලබාදීමට පිළිවන.

ඉහත tar command හි යොදාගත් පරිදි find command සමග සංකීර්ණ ලෙස zip command ද යොදාගත හැකිය.

unzip command සමග -p විකල්පය (option) යොදාගැනීමෙන් files දිගහැරිමකින් (uncompress) තොරව ඒවායේ අන්තර්ගතය බලාගත හැකිය.
unzip -p <filename>.zip