38 – Linux හි ජාලකරණ මෙවලම් (networking tools) (3 කොටස)

පෙර ලිපියෙන් අප සාකච්ඡා කල විවිධ ක්‍රම මගින් වෙනත් පරිගණකයකට සම්බන්ධ වීමේදී ලැබෙන ආරක්ෂාව (security ) ඉතා අඩුය. මේ නිසා වඩාත් සුරක්ෂිත (secure) ලෙස දුරස්ථ (remote) පරිගණක වලට පිවිසීමට පහත මෙවලම් යොදාගත හැකිය.

ssh (secure shell)

දුරස්ථ පරිගණකට (remote computer) පිවිසෙන පරිශීලකයා (user) සහතික ලෙසම හදුනාගැනීම (authenticate) සහ පරිගණක දෙක අතර හුවමාරු වන දත්තවල රහස්‍යභාවය (privacy) තහවුරු වීම නිසා ssh මගින් ආරක්ෂාකාරී ලෙස වෙනත් පරිගණක වලට පිවිසීමට පිළිවන. මෙහිදී remote computer සේවාදායකයක් (server) ලෙස ssh ක්‍රමලේඛය (program) කවුළු (port) අංක 22 හි ධාවනය (run) කරනු ලබයි. Remote computer වෙතින් සේවාව ලබාගන්නා පරිගණකය, සේවාලාභියා (client) ලෙස ssh port 22 සමග සම්බන්ධ වියහැකි program එකක් යොදාගැනීම කල යුතුය. බොහෝ Linux නිකුතු (distros) client ලෙස සම්බන්ධ වීමට ඉඩ සලසන program එකකින් සමන්විත වේ. පහත ක්‍රියාකාරකම සඳහා සම්බන්ධ වීමට වෙනත් remote computer එකක් නැතිනම් OpenSSH-server පරිගණකයේ පිහිටුවාගෙන remote computer ලෙස localhost යොදාගන්න.

සටහන: Ubuntu/Debian පාදක කරගත් linux distros සඳහා පහත command මගින් OpenSSH-server පිහිටුවීම කල හැකිය.

sudo apt-get install openssh-server

Remote computer සමග සම්බන්ධ වීමට ssh <remote_hostname> ලෙස command ලබාදෙන්න. පළමු වරට නව remote computer එකක් සමග සම්බන්ධවීමේදී එහි සත්‍යතාව තහවුරු කල නොහැකිබව හඟවන අවවාදාත්මක පණිවුඩයක් (warning messag) දිස්වේ. එහි තොරතුරු පිළිගැනීම සඳහා yes ලෙස type කරන්න. ඉන්පසු remote computer හි සම්මත පරිශීලකයගේ (default user) හි මුරපදය (password) ලබාදී පරිගණකයට ඇතුළුවීමට (login) පිළිවන. දැන් සාමාන්‍ය පරිදි command line මගින් අවශ්‍ය කටයුතු කල හැකිය. shh තුළින් ඉවත්වීමට exit ලෙස type කරන්න.

ssh

වෙනත් user කෙනෙකු ලෙස සම්බන්ධ වීමට ssh <username>@<remote_hostname> ලෙස command ලබාදිය යුතුය.

scp සහ sftp

වෙනත් පරිගණකයක් සමග secure ලෙස ගොණු (files) හුවමාරු කරගැනීමට scp සහ sftp යොදාගනී. මින් sftp යනු අප පෙර ලිපියේ සඳහන් කල ftp වලම වැඩිදියුණු කල ක්‍රමයයි. කෙසේ නමුත් sftp යොදාගැනීමට remote computer හි ftp server තිබීම අත්‍යාවශ්‍ය නොවන අතර ඉහත ssh server පමණක් තිබීම ප්‍රමාණවත් වේ. scp යනු cp command එකෙහි ආරක්‍ෂිත (secure) ක්‍රමයයි. scp යොදාගන්නා ආකාරය පහත උදාහරණ මගින් දැක්වේ.

scp

වැදගත්: remote computer හි නම අගට : යෙදීම අනිවාර්ය වේ.

මෙම ලිපියත් සමගින් ‘Linux හි ජාලකරණ මෙවලම්’ ලිපි පෙළ අවසන් වන අතර තවත් වැදගත් මාතෘකාවකින් ඊළඟ ලිපියෙන් හමුවෙමු.

3 thoughts on “38 – Linux හි ජාලකරණ මෙවලම් (networking tools) (3 කොටස)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )