uniq
ආරෝහණ/අවරෝහණ (ascending/descending) පිළිවෙලට සකසා ඇති ආදානයක් (input) හෝ ගොණුවක් (file) ලබාදුන් විට එහි ඇති සමාන පේළි (duplicate lines) ඉවත් කර අනන්‍ය වූ ඇතුළත් කිරීම් (unique entries) පමණක් ප්‍රතිදානය (output) ලෙස ලබාදේ. පසුගිය ලිපියෙන් සාකච්ඡා කල sort විධානයෙහි (command) ප්‍රතිදානය uniq වෙත යොමුකිරීම බොහෝවිට සිදුවේ. sort නොකළ input සඳහා අපේක්ෂිත කාර්යය සිදුනොවේ. sort command සමග -u විකල්පය (option) යෙදීමෙන් ද uniq command හි ක්‍රියාව ම ඉටුකරගත හැකිය.

uniq command සමග යෙදෙන තවත් options කිහිපයක් පහතින් දැක්වේ.
-c - duplicate වූ වාර ගණන දැක්වේ. -d - duplicate වූ lines පමණක් output හි පෙන්වයි. -i - uppercase/lowercase භේදය නොසලකා හරියි.

tr
tr command මගින් input ලෙස ලැබෙන text හි ඇති අකුරු/සංකේත (character/symbol) එකක් හෝ කිහිපයක් වෙනුවට වෙනත් අකුරු/සංකේත ආදේශ (substitute) කර output ලෙස දැක්වීම සිදුකරයි. Shell තුළ යොදාගන්නා අක්ෂර පංති (character classes) ද ආදේශනය සඳහා යොදාගත හැකිය. Character classes ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට ගොණු සහ නාමාවලි කළමනාකරණය ලිපිය බලන්න. පහත උදාහරණ වල echo command හි output යොදාගෙන ඇති නමුත් file එකක් හෝ වෙනත් commands වල output ද tr සඳහා input ලෙස ලබාදිය හැකිය. echo command භාවිතය Command line හි ප්‍රසාරණය ලිපියේ පළවිය. tr සමග විශේෂිත අකුරු ඇත්නම් ” හෝ “” තුළ දැක්විය යුතුය.

aspell
Text files වල අක්ෂර වින්‍යාසය පරික්ෂා කර බැලීමට (spell checking) සඳහා යොදාගනී. මෙමගින් file එකෙහි සිදු කරන වෙනස්කම් එවලේම සුරැකීම (save) සිදුවන නිසා සැලකිලිමත් විය යුතුය. පැරණි Linux නිකුතු (ditros) වල aspell වෙනුවට ispell භාවිතා විය. aspell command සමග බහුල ව යෙදෙන විකල්පය -c (check) වන අතර text file හි spell checking 100% නිවැරදි නම් කිසිවක් සිදුනොවේ. Spelling නිවැරදි කිරීම සහ වෙනත් කටයුතු සිදු කලහැකි ආකාරය keyboard shortcuts මගින් දැක්වේ.
$ aspell -c <filename>
