cut
cut විධානය (command) මගින් එයට ලබාදෙන ආදානයෙහි (input) පාඨ පේළි වලින් (text lines) කොටසක් උපුටාගෙන (extract) ප්‍රතිදානයෙහි (output) දැක්වීම සිදුකරයි. මෙහිදී පේළි වල ඇති වචන තීර (columns) ලෙස සලකා උපුටා ගැනීම සිදුවේ. උපුටා ගැනීමට අවශ්‍ය column එක සහ columns වෙන්කර ඇති සංකේතය (symbol) හඳුන්වාදීම විකල්ප (options) මගින් කල හැකිය. Columns වෙන්කිරීමට සම්මතය වශයෙන් Tab යතුර (key) යොදාගෙන ඇති බව සැලකේ. වෙනත් commands හි output අපට අවශ්‍ය පරිදි සකසා ගැනීමට cut command උපකාරී වේ. cut command හි options කිහිපයක් පහතින් දැක්වේ.
-c <list> - list මගින් දක්වා ඇති පරාසය (range) තුළ හෝ සංඛ්‍යා (numbers) මගින් දැක්වෙන ස්ථානයේ පිහිටි අකුරු extract කරයි. -f <list> - list මගින් දැක්වෙන columns range එක හෝ ලැයිස්තුව extract කරයි. -d <delim> - columns වෙන්කිරීමට යොදාගන්නා symbol එක හඳුන්වාදෙයි. --complement - -c හෝ -f දක්වා ඇති columns හැර අනෙක් ඒවා extract කරයි.
සටහන: cut කිරීමේදී input හි එකම delimiter වැඩි වාර ගණනක් යොදාගෙන ඇත්නම් බලාපොරොත්තු වන ප්‍රථිපලය නොලැබේ. එවැනි විටෙක delimiter එම වාර ගණනට සමානව ලබාදීම හෝ tr command යොදාගනිමින් හිස්තැන් ඉවත් කිරීම කල හැකිය. tr command පිළිබඳව පසුගිය ලිපියේ පළවිය.

paste
ගොණු (files) කිහිපයක ඇති දත්ත එකතුකර තනි output එකක් ලෙස ලබාදේ. Files වල දත්ත ඇතුලත් කර ඇති පිළිවෙලටම එකතු කිරීම සිදුවේ.

join
Files දෙකක් හෝ ඊට වැඩි ගණනක් කිසියම් පොදු column එකකට අනුව එකතු කිරීමට join command යොදාගනී. කෙසේ වෙතත් join command නිවැරදිව ක්‍රියාත්මක වීමට files වල ඇති දත්ත පොදු column එකට අනුරූපව sort කර තිබිය යුතුය.
comm
Files දෙකක ඇති පොදු (common) සහ අනන්‍ය (unique) පේළි (lines) දැක්වීම සිදු කරයි. මෙහිදී files sort කර තිබීම අනිවාර්ය වේ. Command එකට අදාළ output දැක්වීම columns 3කින් සිදුවන අතර අවශ්‍ය නම් ඒවායින් කැමති columns සැඟවීම කල හැකිය. ඒ සඳහා – සමග අවශ්‍ය columns වල අංක ලබාදෙන්න.

diff
Files දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇති වෙනස්කම් බලාගැනීමට diff command ප්‍රයෝජනවත් වේ. මේ සමග -c හෝ -u options නිතර යෙදෙන අතර වඩාත් පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි output දැක්වීම එමගින් සිදුවේ.

Text processing utilities පිලිබඳ ලිපි පෙළ අදින් අවසන් වන අතර තවත් මාතෘකාවක් සමගින් මීළඟ ලිපියෙන් හමුවෙමු.
mata me site eke danata dapu lipi seragema pdf mail ekat dala denna baida. mata fix net connection eekak ne, mama dongal ekat data dagena enne. mata me serama lipi watinawa eth internet enna vidihak ne. danata dapu serama lipi wala pdf denna puluwanda. mage mail eka edgeww2@gmail.com
කැමතියිකැමතියි
mama night data use karanne linux igena ganna attatama eka hari amarui,mata me lipi tika mail karannakoo
කැමතියිකැමතියි