මෙතෙක් පළවූ ලිපි සියල්ල ඔබ හොඳින් අධ්‍යයනය කර ඇත්නම් ඒවා සියල්ලම පොදුවේ ආධුනික හෝ සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නන් සඳහා ඉලක්ක කර ලියැවුණු ඒවා බව තේරුම් ගන්නට ඇත. එමගින් Linux මෙහෙයුම් පද්ධතිය වඩාත් කාර්යක්ෂමව සහ ගැටළු වලින් තොරව දිනපතා භාවිතා කිරීමට අවශ්‍ය දැනුම් සම්භාරයක් ගෙනඑන ලදී.
මින් ඉදිරියට පළවන ලිපි මගින් ඔබට Linux මෙහෙයුම් පද්ධතිය පිලිබඳ වෘත්තිකයෙකු (professional) ලෙස ප්‍රවීණත්වයට පත්වීමට අවශ්‍ය දැනුම ලබාදීම සිදුකෙරේ. Linux හා බැඳී ඇති වෘත්තීන් දෙකක් වන පද්ධති පරිපාලක (system administrator) හෝ ජාල ඉංජිනේරු (network engineer) ලෙස කටයුතු කිරීමේදී දැනගත යුතු ගැඹුරු කාරණා (advanced topics) ඉදිරි ලිපි වලින් සාකච්චා කෙරේ. කෙසේ නමුත් මෙම ලිපි පමණක් කියවීමෙන්/පරිහරණය කිරීමෙන් පමණක් එම රැකියාවනට අවශ්‍ය සියලු දැනුම ලබාගැනීමට නොහැකිය. ඒ සඳහා ක්‍රමවත් ඉගෙනුමක් සහ දීර්ඝ ලෙස හැදෑරීමක් කල යුතුය.
වඩාත් සුදුසු ම දෙය නම් ඒ ඒ වෘත්තීන්ට අදාළව විවිධ ආයතන මගින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවකට සම්බන්ධ වී, පාඨමාලාව අවසානයේ විභාගයකට මුහුණදීමෙන් ජ්‍යාතන්තර සහතිකකයක් (international certificate) ලබාගැනීමයි. ඉහත රැකියා සඳහා සුදුසුකම් ලෙස පිළිගැණෙන දැනට ලෝකයේ වඩාත් ජනප්‍රිය සහතික පත්‍ර දෙකක් RedHat ආයතනය මගින් ලබාදේ.
සටහන: සෑමවිටම RedHat වෙබ් අඩවියට පිවිස අදාළ පාඨමාලාවේ අන්තර්ගතය පිලිබඳ කාලින තොරතුරු ලබාගන්න.
ඉහත විභාග සඳහා වැඩි මුදලක් වැයවන නිසා හොඳින් සැලසුම් කර එම විභාගයන්ට සුදානම් වීම අවශ්‍යය. ඉදිරි ලිපි ඒ සඳහා අත්වැලක් පමණක් වන අතර පාඨමාලාවක් නොවන බව කරුණාවෙන් සලකන්න.
Ela bro
කැමතියිකැමතියි