41 – Linux මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී මට්ටම් (run levels) (1 කොටස)

Linux යනු පරිගණක ජාලකරණය (computer networking) සඳහා වූ මෙහෙයුම් පද්ධතියක් (operating system – OS) නිසා, මෙහෙයුම් පද්ධතියේ නඩත්තුව (maintenance) සහ වෙනත් යාවත්කාලීන (update) කට‍යුතු සිදු කිරීමේදී ජාලයේ අනෙක් පරිශීලකයන් (users) පරිගණකයට සම්බන්ධවීම සීමා කරනු ලබයි. එමෙන්ම සේවාදායක පරිගණක (servers) බොහෝදුරට රූපක අතුරු මුහුණත (Graphical User Interface – GUI) නොමැතිව භාවිතා කරනු දක්නට ලැබේ. මෙවැනි හැකියාවන්… Read More 41 – Linux මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී මට්ටම් (run levels) (1 කොටස)

40 – තෙවැනි පෙළ ලිපි මාලාව සඳහා පෙරවදනක්…

මෙතෙක් පළවූ ලිපි සියල්ල ඔබ හොඳින් අධ්‍යයනය කර ඇත්නම් ඒවා සියල්ලම පොදුවේ ආධුනික හෝ සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නන් සඳහා ඉලක්ක කර ලියැවුණු ඒවා බව තේරුම් ගන්නට ඇත. එමගින් Linux මෙහෙයුම් පද්ධතිය වඩාත් කාර්යක්‍ෂමව සහ ගැටළු වලින් තොරව දිනපතා භාවිතා කිරීමට අවශ්‍ය දැනුම් සම්භාරයක් ගෙනඑන ලදී. මින් ඉදිරියට පළවන ලිපි මගින් ඔබට Linux මෙහෙයුම් පද්ධතිය පිලිබඳ… Read More 40 – තෙවැනි පෙළ ලිපි මාලාව සඳහා පෙරවදනක්…

39 – පාඨ සැකසුම් උපාංග (text processing utilities) (3 කොටස)

cut cut විධානය (command) මගින් එයට ලබාදෙන ආදානයෙහි (input) පාඨ පේළි වලින් (text lines) කොටසක් උපුටාගෙන (extract) ප්‍රතිදානයෙහි (output) දැක්වීම සිදුකරයි. මෙහිදී පේළි වල ඇති වචන තීර (columns) ලෙස සලකා උපුටා ගැනීම සිදුවේ. උපුටා ගැනීමට අවශ්‍ය column එක සහ columns වෙන්කර ඇති සංකේතය (symbol) හඳුන්වාදීම විකල්ප (options) මගින් කල හැකිය. Columns වෙන්කිරීමට සම්මතය වශයෙන් Tab… Read More 39 – පාඨ සැකසුම් උපාංග (text processing utilities) (3 කොටස)

39 – පාඨ සැකසුම් උපාංග (text processing utilities) (2 කොටස)

uniq ආරෝහණ/අවරෝහණ (ascending/descending) පිළිවෙලට සකසා ඇති ආදානයක් (input) හෝ ගොණුවක් (file) ලබාදුන් විට එහි ඇති සමාන පේළි (duplicate lines) ඉවත් කර අනන්‍ය වූ ඇතුළත් කිරීම් (unique entries) පමණක් ප්‍රතිදානය (output) ලෙස ලබාදේ. පසුගිය ලිපියෙන් සාකච්‍‍ඡා කල sort විධානයෙහි (command) ප්‍රතිදානය uniq වෙත යොමුකිරීම බොහෝවිට සිදුවේ. sort නොකළ input සඳහා අපේක්‍ෂිත කාර්යය සිදුනොවේ. sort command සමග -u… Read More 39 – පාඨ සැකසුම් උපාංග (text processing utilities) (2 කොටස)

39 – පාඨ සැකසුම් උපාංග (text processing utilities) (1 කොටස)

Linux හි සියලු සැකසීම් පාඨ ගොණු (text files) තුළ පමණක් තබාගන්නා නිසා වෙනත් මෙහෙයුම් පද්ධති (operating systems) මෙන් තොරතුරු සැඟවී නොපවතී. මේ නිසාම text files සමග ඉතා පහසුවෙන් කටයුතු කිරීමට සහ පාඨ සැකසුම් (text processing) සිදුකිරීමට අවශ්‍ය උපාංග (utilities) ගණනාවක් විධාන පෙළ (command line) හි අඩංගු වේ. මෙම utilities හරහා text files වල අපට අවශ්‍ය… Read More 39 – පාඨ සැකසුම් උපාංග (text processing utilities) (1 කොටස)